දික්කසාදවන්න හේතුව මොකක්ද?

මාර්තු 1, 2019

විවාහයක් අති සාර්ථකව ගෙන යෑම අසීරුය. යුග දිවියට ඇතුල් වී වැඩිකලක් යාමට පෙර සැමියා එක තැනකය. බිරිඳ තවත් තැනකය. විවාහය අතර මඟ ඇන හිටී. තවත් දෙදෙනෙකු එක වහලක් යට සිරුරෙන් ජීවත් වූවත් මනස වෙන තැනකය. කයත්, මනසත් දෙදෙනාට අහිමි වන තැනටද පත්කර ගෙන සිටින අඹු සැමියන් අප අතර ඕනෑතරම් සිටී. දික්කසාදයට මුල්ම හේතුව ලිංගික නොගැලපීම්, ආර්ථිකමය උග්‍ර ගැටලු, අයුතු සබඳතා, බෙලහීනකම , විකෘති තත්වය , ශාරීරික විවිධ ව්‍යාධි මුල් වී තිබේ. ග්‍රහ හැසිරීම් හරහා වන මෙවැනි දෑට පිළිතුරු සපයා ගැනීමට ඇති එකම පැතිකඩ ඡ්‍යොතිෂමය නිරීක්ෂණය හරහාය.

කේන්ද්‍රයේ 12 දුෂ්ට ස්ථාන අතර 6,8,12 අයත් වේ. ත්‍රික නමින් ඇති මෙකී තැන් වලින් දුක, පීඩනය, වෙන්වීම, විවාහය නීරසවීම, වෙනත් සබඳතා ගොඩනැගීම, නාස්තිය, වදවේදනා මෙන්ම විවාහයේද විනාශයට මුල් වේ.

4 වැන්න අඹුසැමි විවාහක සමගිය නියෝජනය කරනු ඇත. 6 වැන්න රෝග විශේෂයෙන්ම කාන්තාවකගේ ගර්භාෂය ගැනද කියැවේ. විවාහක තැනින් 12 වැන්න හය වැන්නයි. වෙන්වීම දික්කසාදය හා විවාහයේ ලිංගික නීරස බවද වැඩි කරනු ඇත.

4 වැන්න අධිපතියා 6 වැන්නේද 6 වැන්න අධිපතියා 4 වැන්නේද පිහිටීම විවාහය වෙන්කරන යෙදීමකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී ටී.හෙන්රි බෙම්මුල්ල

0771892842

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.