විවාහය කෙරෙහි සෙනසුරුගේ බලපෑම

පෙබරවාරි 15, 2019

ඡ්‍යොතිෂය ගැන අඩු වැඩි වශයෙන් දන්නා ඕනෑම කෙනෙකු සෙනසුරුගේ නම ඇසූ පමණින්ම බියට පත්වන ස්වභාවයක් පවතී. එසේ වන්නේ සෙනසුරුගෙන් කිසිවිටකත් යහපතක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. ලෞකික ජීවිත ගත කරන බාල, තරුණ මහලු යන ඕනෑම වයස් සීමාවක පසුවන අයට සෙනසුරුගෙන් යහපතක් සිදුවූවා නම් ඒ ඉතා සුළු වශයෙනි. සමහර පුද්ගලයින්ට සෙනසුරුගෙන් යහපත් ප්‍රතිඵල ලබා දී ඇති බවද සඳහන් කළ යුතුය. සෙනසුරු ලෞකික ජීවිතය, විවාහ සැපත, සතුට පි‍්‍රය කරන ග්‍රහයෙකු නොවේ. සෙනසුරු ලෞකික අනිෂ්ඨ ග්‍රහයෙකු වන අතර විවාහයේ සැපත සතුට ළඟා කරන සඳු, සිකුරු , කුජ සහ ගුරු වැනි ග්‍රහයින් සමඟ සංයෝග වීමෙන් හෝ එම ග්‍රහයින්ට දෘෂ්ඨිමය වශයෙන් සම්බන්ධ වීමෙන් සෙනසුරු ඇතිකරන බලපෑම ඡ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන අයගේත් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින අයගේත් සහ විවාහයක් සිදුකර ගැනීමට නොහැකිව දිගින් දිගටම විවාහය ප්‍රමාද වන අයගේත් දැනගැනීම පිණිස සඳහන් කිරීමට කැමැත්තෙමි.

සෙනසුරු හත් වැන්නේ තැන්පත්වීම විවාහ ප්‍රමාදය කෙරෙහි තදින් බලපෑ හැකිය. විශේෂයෙන්ම සෙනසුරු හත් වැන්නේ ශුභ ග්‍රහ දෘෂ්ටි නොලබා තැන්පත් වීමත් කේන්ද්‍රයක 6,8,12 යන දුෂ්ඨ ස්ථානයක අධිපති වශයෙන් සෙනසුරු හත් වැන්නේ තැන්පත් වීමත් විවාහ ප්‍රමාදයට තදින් බලපෑ හැකිය. එසේම විවාහ වූ අයෙකුගේ වුව 6,8,12 යන දුෂ්ඨ ස්ථානයක අධිපති වශයෙන් සෙනසුරු හත් වැන්නේ තැන්පත්වීම විවාහ ජීවිතයට අහිතකර බලපෑම් ඇති කෙරේ. එමෙන්ම සෙනසුරුගේ දෘෂ්ඨිය හත් වැන්න වෙත එල්ල වීමද විවාහ ප්‍රමාදය මෙන්ම විවාහයේ පැවැත්ම කෙරෙහිද අයහපත් බලපෑම ඇතිකළ හැකිය. සෙනසුරු ලග්නයේ, පස් වැන්නේ සහ දහ වැන්නේ තැන්පත් වූ විට හත් වැන්න සෙනසුරුගේ දෘෂ්ඨියට ලක්වේ.

කේන්ද්‍රයක හත් වැන්න අධිපති විවාහයේ පැවැත්ම සහ විවාහයක් සිදුකිරීමේ වගකීම දරන ප්‍රධාන ග්‍රහයෙකු වශයෙන් හැදින්විය හැකිය. සෙනසුරු හත් වැන්න අධිපති සමඟ සංයෝගවීම විවාහ ප්‍රමාදයට මෙන්ම විවාහයේ පැවැත්ම කෙරෙහිද අයහපත් බලපෑම් ඇතිකළ හැකිය. විවාහයට සම්බන්ධ අනෙකුත් ග්‍රහයින් වන සඳු, සිකුරු, කුජ, ගුරු දුර්වල තත්වයෙන් කේන්ද්‍රයක පවතින විට හත අධිපති සෙනසුරු සමඟ සංයෝග වූ විට විවාහ ප්‍රමාදය දීර්ඝ කාලයක් දක්වා පවතිනු ඇත.

ඡ්‍යොතිෂවේදී ඉඳුනිල් හපුඅච්චිගේ

072-8070491

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.