ලිංගික අපරාධ සදහා මිනිසුන් පොළඹවන පැරපීලියාස් නම් මානසික ආබාධය

සැප්තැම්බර් 3, 2021

පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ ලිංගික අපචාර (ඵඥය චඡභඵඥ) නැත්නමි ලිංගික අපරාධ(ඵඥය ජපඪභථඥඵ) වල යම් වර්ධනයක් දක්නට ලැබෙන අතර එම ප්‍රවෘත්තිවලට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්වල මුලික තැනක් ලබාදි තිබුණි. එසේම සමාජ මාධ්‍යයන් ඔස්සේද මෙවැනි තොරතුරු නිතරම පාහේ විකාශය වන බැවින් කිසියම් ආන්දෝලනයක් අත්වී තිබෙන බව කවුරුත් දන්නා දෙයකි.

ලංකාවේ පොලිස් වාර්තාවලට අනුව 2020 වසර තුළදි පමණක් වයස අවු 16 ට වැඩි කාන්තාවන් දුෂණය කිරිමේ සිද්ධීන් 287 ක් වාර්තාවී ඇති අතර වයස අවුරුදු 16 ට අඩු දැරියන් කැමැත්ත ඇතිව හෝ නැතිව අපයෝජනය කිරිමේ සිද්ධීන් 1641 ක් වාර්තාවී ඇත. එසේම 2021 වර්ෂයේ මේවන විට ළමා අපචාර 4000 ට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එවැනි ලිංගික අපරාධ සිදුකිරීමට හේතුවන පැරපීලියාස් නමි මානසික ආබාධය හදුන්වා දිමයි.

පැරපිලියාස් (නචපචනඩඪතඪචඵ)

නැත්නම් අධි කාමුකත්ව ආබාධය යනුවෙන් හඳුන්වන්නේ සාමාන්‍ය පුද්ගලයකු තුළ ස්වභාවිකව ලිංගිකත්වය පිළිබඳව ඇතිවන කැමැත්ත නැත්නම් කාම ආශාව ඉක්මවා යමින් ඇතිවන අධික කාමුකත්ව හැඟීමක් මත පදනම් වූ ලිංගික චර්යාවන්ය. මෙය බොහෝ විට හඳුන්වන්නේ අසාමාන්‍ය හෝ අස්වාභාවික ලිංගික චර්යාවක් වශයෙනි. මෙලෙසින් ලිංගිකත්වය පිළිබඳව පවතින බලවත් ආශාවට පාදක වූ අරමුණු සහ ක්‍රියාකාරකම් රැසක් ඇත. ඒවා සැබවින්ම සාමාන්‍ය හෝ ස්වාභාවික ලිංගික චර්යාවනට වඩා බෙහෙවින් වෙනස්ය. සිංහල සාහිත්‍යයෙහි මෙවන් අය හඳුන්වා ඇත්තේ කාමාතුරයන් යනුවෙනි. මනෝවිද්‍යාවට අනුව මෙය චිත්ත වේගාත්මක මානසික ආබාධයක් වන අතර මෙහි ස්වභාවය සලකා බලනවිට පෙනීයන්නේ එය සදාචාරාත්මක නොවන, නීතියට පටහැනි මෙන්ම සමාජය විසින් පිළිකුලෙන් හෙලා දකින චර්යා වලින් සමන්විත බවයි. කිසියම් පුද්ගලයෙක් තවත් අයෙකුගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් සංවාසයේ යෙදීම සහ වයස අවුරුදු 15 ට අඩු ළමයින් සමඟ සියලුම ආකාරයේ ලිංගික කාර්යයන්හි යෙදීම නීතිමය වශයෙන් මෙම අපයෝජනයනට අයත්වේ. විශේෂයෙන් මෙම ආබාධයට සම්බන්ධ ලිංගික ක්‍රියාවන් ඒ සඳහා යොදා ගන්නා සහකාරියගේ හෝ වින්ඳිතයාගේ කැමැත්කින් හෝ අනුබලයකින් තොරව සිදුවන අතර එම ක්‍රියාවන් සැබවින්ම වින්දිතයාට හිංසාකාරි නැත්නම් හානිකර සහ බෙහෙවින් අවදානම් කාරිවේ. ක්‍රියාත්මක වන ආකාරයට අනුව මෙම අධි කාමුකත්ව ආබාධය කොටස් කිහිපයකින් සමන්විත බව මනෝවිද්‍යාවේදි විසින් පෙන්වා දි ඇත. එම විස්තර පහත දැක්වේ.

ප්‍රදර්ශන කාමය (ඥයඩඪඡඪබඪධදඪඵථ)

මින් අදහස් කරන්නේ යමෙක් තමන් විසින් හිතා මතා නොකරන බව හඟවමින් තමන්ගේ රහස් අවයව අන් අයට දැකීමට සැලැස්වීම තුළින් ඔවුන් තුළ මවිතවීමක් හෝ තිගැස්මක් ඇතිකිරීමයි. නීතිමය වශයෙන් මෙය ලිංගික අපචාර වලට අයත් වූවත් මෙහි අරමුණ වන්නේ ලිංගික කටයුතු සඳහා අන්‍යයන් හෝ ඉලක්ක ගත අය පොළඹවා ගැනිම මෙන්ම සූක්ෂමව කිසියම් ලිංගික තෘප්තියක් ලැබීමයි. මෙලෙසින් රහස් අවයව ප්‍රදර්ශනය කරමින් මෙම අය බොහෝ විට ස්වයංවින්දනයේ යෙදෙන අවස්ථාද නිතරම පාහේ සමාජ මාධ්‍යයන් ඔස්සේ වාර්තාවේ. මෙවැනි දෑ බොහෝ විට සිදුවන්නේ වැඩි වශයෙන් කාන්තාවන් සිටින ස්ථාන වලය. නිදසුනක් ලෙස බස් නැවතුම් පොළවල් උපකාරක පන්ති සහ කාන්තා නේවාසිකාගාර යනාදිය දැක්විය හැකිය. කෙසේ වෙතත් පිරිමින් ආකර්ශනය කර ගැනීම සඳහා විදේශ රටවල සමහර කාන්තාවන්ද මෙවැනි කටයුතුවල නිරත වන බව පෙනේ.

අර්චන කාමය (ටඥබඪඵඩඪඵථ)

මෙම ආබාධයෙන් පෙළෙන අය කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම්, යට ඇඳුම්, මේස්, සපත්තු, තිසර පට යනාදිය සොරකම් කර හෝ රහසිගතව ලබාගෙන ඒවා තුළින් කිසියම් ලිංගික උත්තේජනයක් ලබා ගැනීමට උත්සාහ කරයි. මෙවන් අය සමහර නිවෙස් වල සෝදා වේලීමට දමා ඇති යට ඇඳුම් යනාදිය සොරකම් කොට ළඟ තබා ගැනීමට උත්සාහ කළ සිද්ධින් බොහෝවිට සමාජ මාධ්‍ය තුළින් වාර්තාවන බව දක්නට ලැබේ.

කෞමාර කාමය (නඥඤධනඩඪතඪච)

මෙම ආබාධයෙන් පෙලෙන අයගේ මූලික ලක්ෂණය වන්නේ ලිංගික කටයුතු සඳහා කිසිසේත් නොගැළපෙන කුඩා ළමයින් සහ ළදැරියන් යොදා ගැනිමයි. විශේෂයෙන් ළමයින් අනවශ්‍ය ලෙස සිප ගැනීම, නිරුවත් කිරීම, ශරීරය සහ ලිංගික අවයව ස්පර්ෂ කිරිම සහ ස්වයං වින්දනයට පෙළඹවීම මෙන්ම දූෂණය කිරීම මීට අයත්වේ. සමහර අය ළමයින්ට තර්ජනය කොට බියවද්දා මෙම ලිංගික කටයුතු කරනු ලබයි. නීතියෙන් දඬුවම් ලැබිය යුතු මෙවැනි සිද්ධීන් කිහිපයක් මෑතකදි වාර්තාවු අතර එය ලංකාවේ මහත් ආන්දොලනයකට තුඩුදුන් බව කවුරුත් දන්නා දෙයකි. මෙහි ඇති භයානකම තත්වය වන්නේ තම පියා හෝ සමිප ඤාතියකු මෙන්ම අධ්‍යපනය ලබාදෙන සමහර ගුරුවරු විසින්ද අඩු වයසේ සිසු සිසුවියන් මෙම ලංගික අපයෝජන සඳහා පොළඹවා ගැනීමයි. සමහර අපයෝජනයන් සිදුවී ඇත්තේ දෙමාපියන්ගේ අනුදැනුම ඇතිව බවද වාර්තා වී ඇත

ස්වපීඩා කාමුකත්වය

(ථචඵධජඩඪඵථ)

මින් අදහස් කරන්නේ මෙම ආබාධයෙන් පෙළෙන අය බොහෝවිට ලිංගික ක්‍රියා වලදි අස්වාභාවික ලෙස තමාට හිංසා කර ගනිමින් සහ වින්දිතයාට හිංසාකාරීමේ කටයුතුවල නිරතවීම තුළින් කිසියම ලිංගික ආස්වාදයක් ලැබිමයි. විශේෂයෙන් ලිංගික වශයෙන් උද්වේගකර අවස්ථාවට පැමිණිවිට සහකාරිය දැඩිලෙස හිංසාවට පමුණුවමින් හිතාමතාම ඇයට අවමන් කිරීම , ශරිරය සපාකෑම සහ ඉතා තදින් වේදනාකාරී ලෙස අවයව මිරිකාගෙන සිටීම යනාදිය සිදුකරයි. සමහරවිට තුවාල සිදුකිරීම සහ තමන් තුවාල සිදුකර ගැනීම, විවිධ ද්‍රව්‍ය යොදාගෙන බැඳ තැබීම සහ තමන් විසින් අත් පා බැද ගැනීම , පිළිස්සීම සහ පුළුස්සා ගැනීම යනාදියද එමෙන්ම වින්දිතයාගේ ලිංගික අවයව වලට හානි සිදුකිරීමද කරනු ලබයි. එසේම ලිංගික ක්‍රියාවල උච්ච අවස්ථාවේදී මදවේලාවක් හුස්ම නොගෙන සිටීම නිසාද විවිධ ස්වශන ගැටලු ඇතිකරගනි. බටහිර රටවලින් මෙවැනි සිදුවීම් නිරතුරුවම පාහේ වාරුතා වේ.

පරපීඩා කාමුකත්වය (ඵචඤඪඵථ)

මෙම මානසික ආබාධයෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ තම ලිංගික සහකාරිය හිංසාවට වේදනාවලට සහ විවිධ අපහසුතාවලට පත් කිරීම තුළින් ලිංගික වශයෙන් යම් ආස්වාදයක් ලබා ගැනීමයි. මෙවැනි අවස්ථාවලදි බෙහෙවින් කෲර සහ කලහකාරි ක්‍රියාකාරකම් සිදුවෙන අතර සමහරවිට ලිංගික සහකාරිය මරාදැමීම පවා සිදුවන බව පෙනේ. කාන්තාවන් ළදැරියන් මෙන්ම පිරිමි ළමුන් පවා මෙවැනි සිදුවීම්වල වින්දිතයන් වන බව වාර්තා වී ඇත. මීට හොඳ නිදසුනක් ලෙස දක්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලිව්ලනඩ්හි සිදුවූ ඛේදවාචකයයි. එහිදී පැහැර ගෙන යන ලද දැරිවියන් 2 නකු වසර 10 ක් තිස්සේ ඉහත දක්වන ලද ආකාරයේ වද හිංසා මැද අපයෝජනයට ලක්වි ඇත

පරවේෂණ කාමුකත්වය

(බපචදඵමඥඵබඪබඪඵථ)

මෙම ආබාධයෙහි විශේෂ ලක්ෂණය වන්නේ ලිංගික වශයෙන් උත්තේජනයක් ලබා ගැනීම සඳහා තරුණ කාන්තාවන්ගේ ඇදුම් පැළඳුම් යනාදිය යොදා ගැනීම හෝ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ගෙන කාන්තාවක් ලෙස පෙනී සිටීමයි. සමහරවිට කාන්තාවන්ගේ යට ඇඳුම් පමණක් භාවිතා කරන අවස්ථා ඇත. මෙය අධි කාමුකත්ව ආබාධයක් වුවත් මෙමඟින් අන් අයට හානියක් සිදුනොවන අතර බොහෝවිට මෙවන් අය සමාජයේ හාස්‍යයට ලක්වන බව පෙනේ. එමෙන්ම මෙම අය හට පරිභව සිදුවන ආකාරයේ සමහර නම් වලින් හඳුන්වන බැවින් ඔවුන් වැඩි වශයෙන් කාංසා සහ විශාධි ආබාධ වලින් පෙලෙන බව සොයා ගෙන ඇත

 

දර්ශාස්වාද කාමුකත්වය

(මධරඥභපඪඵථ)

මෙම මානසික ආබාධයෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ රහසිගතව කිසිවෙකුටත් නොදැනෙන ලෙසට අන් අය ඇඳුම් ගැළවීම, නිරුවත්ව සිටීම, ස්නානය කිරිම, ලිංගික කටයුතුවල නිරතවීම යනාදිය නැරඹීම තුළින් ලිංගික වශයෙන් උත්තේජනයක් ලබා ගැනීමයි. මෙම ආබාධයෙන් වැඩි වශයෙන් පෙළෙන්නේ පුරුෂ පක්ෂය වන අතර මෙය සමාජය තුළ සුලබව සිදුවන ක්‍රියාවක් බව සමාජ මාධ්‍යයන් තුළින් දක්නට ලැබෙි. කාන්තාවන් දිය නාන ස්ථානවල සැඟවී සිටීම, කාමර වල යතුරු සිදුරෙන් බැලීම, සෝපාන වල පහල රුඳීසිටීම, කාන්තාවන්ගේ රහස් තැන් නැරඹීම, කාන්තාවන් ගේ නානකාමර වල කුඩා කැමරා සවිකිරීම , මෙන්ම නිල් ඡායාරූප සහ චිත්‍රපට නැරඹීම යනාදිය මෙම ආබාධයෙන් පෙළෙන අය විසින් කරනු ලබන බව මනෝවිද්‍යඥයන් විසින් පෙන්වාදෙයි.

පැරපීලියාස් මානසික ආබාධය වැළඳීමට බලපාන නිශ්චිත හේතුවක් මෙතෙක් සොයා ගෙන නැති අතර මනෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ළමා වියේදි මුහුණ පෑමට සිදුවන ලිංගික අපයෝජන මෙන්ම දෙමාපියන්ගේ අයහපත් ලිංගික චර්යාවන් දැකිමෙන් සිතෙහි ඇතිවන කමිපනය (බපචභථච) හේතුකොටගෙන පසුකලකදී මෙවැනි අයහපත් ලිංගික චර්යාවලට යොමුවිය හැකි බවයි.

පැරපිලියාස් ආබාධය සඳහා ලබාදෙන ප්‍රතිකාර සලකා බලනවිට මනෝවිද්‍යා උපදේශනය මෙන්ම ඖෂධ වර්ග ලබාදිම යන දෙඅංශයම මූලිකවේ . විශේෂයෙන් බටහිර රටවල මානසික උපදේශනය මේ සඳහා වැඩිවශයෙන් යොදා ගනී. මෙවැනි උපදේශන යටතේ සිදුකරනු ලබන්නේ හැකිතාක් දුරට මෙම මානසික ආබාධයෙන් පෙළෙන අය එවැනි අන්තගාමී ලිංගික කටයුතුවලට යොමුවීමෙන් වළක්වා ගැනීම සහ නිරතුරුවම සිදුවන ලිංගිකත්වය සමග සම්බන්ධ සිතුවිලි ජනනයෙන් සහ චර්යාවලින් ගළවා ගැනීමයි. ඖෂධ ප්‍රතිකාරවලින් බොහෝවිට කරනු ලබන්නේ එම ආබාධයෙන් පෙළෙන අයගේ ලිංගික ප්‍රාජනය (ඵඥය ඤපඪමඥ) අඩුකිරිමයි

 

 

මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීන ජෝතීෂවේදී

ටී. එම්. කුලරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.