ඔබ ඔබටවත් අයිති නැහැ

ජුනි 11, 2021

“මට පසුගිය කාලෙදි දැනුණා, මම මට විතරක් අයිති නැහැ කියා” ඒ මට ඇහුන ගීත කාණ්ඩයක්. මේ ලෝකේ සියලුම දේ අනිත්‍යයි. ඒ බෞද්ධ දර්ශනයේ නිවැරැදි මාර්ගය. වැලි වැලිවලටත්, පස් පස්වලටත්, දූවිලි දූවිලිවලටත් ගියාවේ. ඒ තවත් ආගමික දර්ශනයක්.

කවුරු කොයි ආකාරයට පැවසුවත් කිසි කෙනෙක්, කිසි දෙයක් සදහටම කාටවත් අයිති නැහැ. ලොව ඇති වූ හැම දෙයක්ම විනාශ වී අනිත්‍ය ස්වභාවයට පත්වනවා. පිරිසුදු බෞද්ධ දර්ශනයේ පැහැදිලි නිත්‍ය ඉගැන්වීමක් මේ. මේ අනිත්‍ය භාවය ලොව ඉපදුන කිසිකෙනෙක් නැහැ වගේ. මේ ලෝකෙ ඉපදුන. ඒ වුණාට හැකි හැම වේලාවෙම එකතු කරන්න, ගැට ගසා ගන්නෙ ඇයි මේ අය. ලැබෙන්න ලැබෙන්න තව තවත් එකතු කරන්න තමයි වෙර දරන්නේ. එකතු කරන්න එපා. ගබඩා කරන්න එපා. හැම දේම අනිත්‍යයි. සැපක් කියල දෙයක් නැහැ කියල කියන අයත් සැප වාහනවලින් බැහැලා එදා ආත්තම්මගේ හත් දවසේ බණ දවසේ කිව්වෙත් ඒකමයි. අපිට එහෙම කිව්වත් ඒකේ ප්‍රායෝගික ස්වරූපයක් දකින්නවත් තිබුණේ නැහැ. ලෝකේ කෙසේ වෙතත් වැඩිපුරම ලංකාවේ අය අවවාද දෙන්න මිසක් ඒවා ක්‍රියාත්මක කරන්න පුරුද්දක් නැහැ. ලංකාවේ තරම් නියම පන්සල් කොහේවවත් මම දැකල නැහැ. ඒකනේ ඔය එකකවත් වැඩ ඉවර නැත්තේ. නියම පන්සල් නම් වැඩ ඉවර වන්නෙ නැහැ කවරදාවත්ම. හැබැයි නිවන් දැකපු අය කෙසේ වෙතත් කිසිම ධ්‍යාන ලාභියෙක් වත් කාටත් හමුවෙලා නැහැ. හමුවන්න ඉන්න ඉපායැ. ඒ අය නොදන්න දෙයකුත් නැහැ. කතා කරන්න ගියොත් බබා හම්බවෙන එක සිට මරණය දක්වා දේශනා කරාවි. බලන කොට බුදු හාමුදුරුවන්ට වඩා ඥාණ ශක්තියක් මේ අයට තිබෙනවා. “දේවෝ වස්සතු කාලෙන” කියල තිබුනට රටේ පවතින තත්ත්වය සුඛ දායක බව ඔවුන් එක්තරා නාලිකාවක පවසනවා මට ඇහුණා. පුදුමයි ඒත් ඇත්තයි.

දේව සංකල්පයට අනුව මහ බ්‍රහ්මයා ඇති කරනවා විෂ්ණු රකිනවා. ඊශ්වරයා නැතිකරනවා. බුදු දහමේ සඳහන් වන්නේ ඇතිවීම, පැවතීම හා නැතිවීමයි. මේවා කොයි ආකාරයට කිව්වත්, සිදුවන්නෙ එකම දෙයයි. ඉපදීම, ජීවත්වීම, හා මරණය නැත්නම් ක්ෂය වීම ගැන ඡ්‍යොතිෂයේ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කරනවා. කවුද මේවා කරන්නෙ කොහොමද වන්නෙ. කවදද සිදුවන්නෙ කියලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා.

විශ්වය නැත්නම් විශ්ව ලෝකය පඨවි, ආපෝ, වායෝ, තේජෝ, ආකාශ කියල සඳහන් වනවා. විශ්වයේ සංඝටක වශයෙන්, අපි හැඳින්වූවත් බුද්ධාගමේ ඉතා ගැඹුරුව දීර්ගව සඳහන් වනවා. මේ එදිනෙදා අපට හමුවන ගැටෙන ස්වභාවයය.

පෘතුවිය වටේට ඝීග්‍රයෙන් භ්‍රමනය වන නැතිනම් කැරකෙන ග්‍රහයෝ නැතිනම් ග්‍රහ ලෝක 09 යි . රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතුයි. තව ග්‍රහයෝ නැතුව නොවේ. සාමාන්‍යයෙන් විද්‍යාවේ පිළිගත් ග්‍රහ ලෝක තමයි මේ. මේ අතරින් රාහු කේතු ඡායා ග්‍රහලෝක කියල ඉවත් කරන්න සමහර උදවියගේ රාවයක් තිබුණා. සමහර පන්තිවල උගන්වන සර්ව පිත්තල ඡ්‍යොතිෂ ගුරුවරියන් ද හිටියා. නමුත් හරිගියේ නැහැ. රාහු කේතු ඡ්‍යොතිෂයේ ඉතා වැදගත් ග්‍රහයෝ දෙපළක් ඡ්‍යොතිෂයේ ඉතා වැදගත් මූලික කරුණු මේ කාඩ්බෝඩ් ඡ්‍යොතිෂ විශේෂඥයෝ කොච්චර වෙනස් කරලද කියලා ඔබ හිතන්නේ ග්‍රහයන්ගේ ස්වරූප දක්වන ස්ලෝක ටික නොදන්නා වුණාට කියන්නෙ මහ පුදුම දේවල්. දිව උලුක්වෙන නම් දාගෙන විස්තර කළාට පුංචි ගුණාගුණයක්, පලාඵලයක් හරියට කියන්න බැහැ.

ප්‍රඥා විහීන මනි වික්‍රම අර්ථහානි - විසුද්ධ ගාත වද බංධන රෝග පීඩා භන්ධු පුවාස ධන හානිම මහප්‍රනාසම් රාහු දසා භජති කල්ප සහස්සුම්

මේ රාහු ග්‍රහයා ගැන සෘෂිවරයන් වහන්සේලා දේශනා කර ඇති දේ. සමහරු මේකත් වෙනස් කරනවා. මේවා පොත් පත්වල දකින්න නැහැ. මේ ස්ලෝකය කිව්වම පේනවා නේද රාහුගේ බලතල. සෙනසුරුගේ ඒරාෂ්ඨකවල කරන්නෙ අන්තිමට මරල දමන එකනේ. නැත්නම් ජීවිත හානිය නේ. මකර ලග්නෙ අයිති කාරයා සෙනසුරු වුණාට මකරයට සෙනසුරු නරක් වුණොත් විනාසයි. රාහු ඊට දෙවෙනි නැහැ. ඒ බව අන්තිම පදයෙන් වැටහෙනවා ඇති. වෘශ්චික, ධනු, මීන ලග්නවලට රාහු නීචයි. ඒ ලග්නවලට රාහු අතුරු දශාව ආවොත් ඉවරටම ඉවරයි.

අපිට අයිති නැති අපේ ශරීර කූඩුව මෙච්චර හැඩ කරන්නෙ ඇයි. ඉපදීම සමඟ මරණයත් ගෙන ආ බව හොඳටම දන්නවා. එහෙනම් ඇයි මේ ඩිංගෙදි කෝලම් නටන්නේ, මිනිස්සු මිනිසුන්වම සුරා කන්නේ. මනුෂ්‍යයා කොච්චර හඳට ගියත්, පරිගණකය නිපදවූවන් පුංචි මේ ලෝකෝත්තර දේ වටහාගන්න බැරි වුණා. අපි යන බවත් දන්නවා. නොයන බවත් දන්නවා. කොහාට ද කියල නොදන්න බවත් දන්නවා. යන වෙලාව විතරක් දන්නෙ හැ. රජ්ජුමාල සහ බුදුපියාණයන්ගේ දෙබස අහල ඇතිනේ.

අපි වටා ග්‍රහලෝක නමයක් කැරකෙනවා කිව්වනේ. පංච මහා භූතයෝ තුළින් නිර්මාණය වුණා. මරණයත් සමඟ දෝලනය වන අපි ඒ ග්‍රහ කිරන වලින් විහිදෙන කිරණ රශ්මිවලින් පෘතුවියට වදින කිරණ ප්‍රමාණය හා ප්‍රවේගය අනුව ජීවිතයේ පැවැත්ම රඳා පවතිනවා. ජීවිතයක පමණක් නොවේ ඕනෑම දෙයක රඳා පැවැත්ම පවතින්නේ මේ රශ්මි ධාරාව මතයි. අපි මේ ලෝකෙට ආ වේලාව ඔරලෝසුව වැරැද්දුවත් ඡ්‍යොතිෂයේ පාරම්පරික ඡ්‍යොතිර්වේදියා නිවැරැදිව කියනවා. අපට දෙන වේලාව නිවැරැදි නම් ලග්නය නවාංශකය ලග්නාංශකය උපයෝගි කරගෙන හර, තිර, උභය ද කියල කියන්න හැකියාවක් තිබෙනවා. බොහෝ දෙනාට මේ දක්ෂතාවය නැති බව වගකීමෙන්ම කියනවා. ඉතාම අඩු සංඛ්‍යාවකට තිබුණා. පරිගණකය පාවිච්චි කළාම ඒකත් නැති වී ගියා. එනමුත් ඉතාම දක්ෂ පාරම්පරික ඡ්‍යොතිෂවේදීන් ඉන්න බවත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ අය මේ මුදල් පස්සේ නාලිකාවල දුවන්නෙ නැහැ. දක්ෂ ඡ්‍යොතිර්වේදියට එදා කිව්වේ ඡ්‍යොතිෂ ගුරුන්නාන්සේ කියලනේ. එයා ලග්නෙ නවාංශකය ලග්නාංශකය ගැන බලලා මේවා කිව්වට ඡ්‍යොතිෂයේ චුල ශාස්ත්‍රය මඟින් මැරෙන දවසත් කියන්න පුලුවන්. නමුත් මේක ප්‍රකාශ කිරීම ගුරු මුෂ්ටියට හසු වන නිසා කවුරුත් ප්‍රකාශ කරන්නෙ නැහැ.

විශ්වාසය රැඳෙන්නෙ සත්‍ය ධර්මය මත ඔබ මේෂ ලග්න හිමියෙක් නම් අනිත් මේෂ ලග්න හිමියන්ට පවතින තත්ත්වය ඔබට නැහැ. නාලිකාවල එහෙම කිව්වට ඔය බය වන්ට එපා. ඔය ලග්නය පවතින එක රාශියක පරාසය අංශක 30 යි. එයත් 9 ට බෙදුනාම එකක් අංශක 3.3 යි කොච්චර සියුම් පරාසයක් ද කියල දැන් තේරෙනවද. මේවා විනාඩියට දෙකට කියන්න බැහැ. ගොඩක් අය ඉතා වටිනා පරිගණකය ඉදිරියේ තබාගෙන බොරු කියනවා. පරිගණකයට කියන්න පුළුවන් වන්නේ ඒකට ඇතුළු කළ දත්ත විතරයි. අඩුම ගානේ උගත් ඔබ ඒ ටික වටහා ගන්න.

ඔබේ ජන්ම පත්‍රයේ ප්‍රතිඵල ඔබේ නිඹුල්ලු සහෝදර සහෝදරියට වත් නැහැ. මේ ලෝකේ කිසි දෙයක් එක වගේ නැහැ. පියවි ඇස එසේ පෙනුනට එහෙනම් ඡ්‍යොතිෂයේ යන්ත්‍ර දැමීමෙන් මරණය නැති කරන්නෙ කොහොමද කියලා අසාවි. කවුරු කොහොම කිව්වත් කාටවත් මරණය නැති කරන්න බැහැ. හැබැයි මරණය සිදුවන ආකාරය වෙනස් කරන්න හැකියි. “අභිසම්බිධානය” යන්ත්‍රය මඟින් කරන්නෙම ඒකයි. අභිසම්භිධානය කිව්වේ මහා බලැති බුදුගුණ යන්ත්‍රයක්. අපි කවුරුත් අපේක්ෂා කරන්නෙ යහපත් මරණ ස්වභාවයකටයි. මතකනේ චුන්ද සූකරිකයෝගේ මරණය. අභිසම්භිධානය කරන්නෙ මහරහතුන් වහන්සේලාගේ බලමහිමය මන්ත්‍ර කිරණ මගින් රෝගි ශරීර ගත කිරීමයි. අනිකුත් යන්ත්‍ර මඟින් කරන්නෙත් ඒකමයි. අපි හිතමු සෙනසුරු ග්‍රහයාගේ අපල කාලයක් කියලා. එහෙනම් සෙනසුරුට ම අදාළ ශනි මෘත්‍යජය යන්ත්‍රයම දමන්න ඕනෑ. දරුවන්ට ශිල්පය පටලව නම් දැනීම සම්බන්ධව ප්‍රශ්නයක් නම් ස්කෝන් නව නාථය පමණයි. විවාහය ප්‍රමාද නම් මහ මාතාංගේෂවරිය රාහුට නම් සිද්ධි නාගර්ජනුය. දරු සම්පත් ප්‍රමාද නම් හෝ නැතිනම් කුමාර මණ්ඩලය. මේවා අත්දුටු ප්‍රබල යන්ත්‍ර හැබැයි නියමිත ආකාරයට රත්රන් ආලේප කරල ඖෂධ ගල්වලා නියමිත වාර ගණන දිගයි, ජප මන්ත්‍ර ජප කරලා නියමිත පුද පූජා කරල ශරීර ස්පර්ශ කරන්න ඕනෑ. පුර තිථියට ඒවා නිවැරැදිව නොකර නිකං ශාස්ත්‍රයට බනින්න එපා. අනික මේ යන්ත්‍ර දැමීම සඳහා නියමිත මුදල ගත්තාට කාරි නැහැ. මුදල පස්සෙම යන එක ශාස්ත්‍රයට හරි නැහැ. ශාස්ත්‍රය වටිනාකම බහිනවා. අනික මේ යන්ත්‍ර අතින්ම අඳින්න ඕනෑ. පංහිඳ භාවිතයෙන්. එවිට නියම ගුණ දෙනවා.

 

ඡ්‍යොතිර්වේදී,

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.