නිදහස් දින ගුවනේ දිලෙන ජාතික කොඩිය

ජනවාරි 29, 2021

මේ රටේ ජීවත් වන සියලු ජාතීන්ගේ එක්සත්කමේ බලමහිමය පෙන්නුම් කරන ජාතික කොඩිය සිංහල, දෙමළ, මුස්ලිම් , බර්ගර් යන සියලු ජාතීන් නියෝජනය කරමින් ගුවනේ ලෙළදෙන සිංහ කොඩිය එකම දේශයක් ,රටක් තුළ එසවිය යුතු එකම ජාතික කොඩිය වන්නේය. ඒ අභිමාන වූ ජාතික කොඩියෙහි සිවු කොනෙහි ඇති පූජනීය වූ බෝධි වෘක්ෂයේ පත්‍ර සතරින් සතර බඹ විහරණය පෙන්නුම් කොට ඇත. රටේ හා ජාතියේ ප්‍රෞඪ හා උදාර බව සංකේතවත් කොට ඇති එකම ජාතික කොඩියද මෙම සිංහ කොඩියයි. සිංහල ජාතියේ අපරාජිකත්වය පෙන්නුම් කෙරෙන සිංහ කොඩිය අප සියලු දෙනා සතුව පවතින අන්තර්ගතම වස්තුවකි. එය ගෞරවාන්විතව රැක ගැනීමත් අප සතුව පවතින වගකීමකි.

 

ජාතික කොඩියේ විශේෂාංග හා වර්ණ

කහපාට බුද්ධිය, සාමය, අවිහිංසාව සත්‍යය හා ධර්මය කොඩිය වටා ඇති කහපාට ආවර්ණයෙන් කියවෙන්නේ සෑම ක්‍රියාවක්ම අවිහිංසා බවයි.

ජාතික කොඩියේ විදහා දැක්වෙන සිංහ රූපය තුළින් අසාධාරණය නොඉවසීම හා ඉදිරිගමන් සංකේතවත් කරයි. සිංහ රූපය කහ වර්ණයෙන් නිමවා ඇත්තේ අභිවෘද්ධිය හා එඩිතරකම සංකේතවත් කරමිනි.

 

කේශරවළාතුනෙන්

දාන , ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දක්වනු ලබන අතර සිංහ කන ශරීරයෙන් වෙන්ව පෙන්වීමෙන් නොබැඳිභාවය හඳුන්වාදී ඇත. එමෙන්ම කේසරවළා තුනෙන් තෙරුවන් කෙරේ විශ්වාසය දක්වා ඇත. සිංහයාගෙන් දැක්වෙන්නේ ආරක්ෂකයා උතුම් තත්ත්වයයි. ප්‍රඥාව වීරත්වය , ශක්තිය හා විනය යන ගුණාංගයන්ගෙන් සපිරි බව ඉන් පෙන්වා දී ඇත.

 

සිංහ ඇස

ප්‍රධාන කොට ඇත්තේ විමසිළිමත්ව සිටීමයි. අවධිව සිටීමයි. මුඛය හා දත් සිත,කය, වචනය යන තුන්දොර සංවර විය යුතු බව පෙන්වාදී ඇත. ඇස කඩුව දෙසට යොමුවි තිබීම ඇස තුළින් ජනතාව දෙස බලා සිටීම ය. නාසයෙන් දැක්වෙන්නේ සිහියයි. සිතෙහි වචනයෙහි හා ක්‍රියාවෙහි වීර ගතිය දැක්වෙන්නේ අයාගත් මුඛයෙන් හා ඒ තුළ පෙනෙන දත් තුනෙන්ය. දිවෙන් දැක්වෙන්නේ නිර්භීත ගතියයි. බොරුවෙන් කේළමෙන්, පරුෂ වචනයෙන් හා නිෂ්ඵල වචනයෙන් තොරව සත්‍යතාවය පෙන්නුම් කර ඇත්තේ සිංහයාගේ රැවුලසේ පෙනෙන නිකටේ පහළට වැටී ඇති කේසර රැළි හතරෙනි.

 

සිංහගී‍්‍රවය

සිංහ ගී‍්‍රවයේ තිබෙන්නේ කේසර රැලි විස්සෙන් දාන , ශීල හා දසපාරමිතා පදනම් කරගෙන ඇති ශක්තිය දක්වයි. එමගින් කළ හා නොකළ යුතු කරුණු පෙන්වාදී ඇත. සදිසා සතර සංග්‍රහ වස්තු වන ධනය විනාශය සතරකර්ම ක්ලේශ සතර අගති ආදී කරුණු කේශර මාලා තුළින් දැක්වේ.

 

වලිගය පිට අතට අක්ෂිගතවීම

සිංහ වලිගය ස්ථාන දෙකකින් නැමී පිට මතට ඒම තුළින් පාලකයා හා පාලිතයා අතර සමාන තත්ත්වය සැකෙන් බියෙන් තොරව රට වැසියාගේ ශ්‍රමය, දැනුම කැපවීම පාලනයට නොඅඩුව ලැබීම රටවැසියා හා පාලකයා තීරණාත්මක අවස්ථාවලදී එක මගකට යොමුවීම විමසිලිමත්වීම වලිගයේ ඇති කේශර අට මගින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයන් රටේ පොදු ජනතාව ආජීව අෂ්ඨමක ශීලය ආරක්ෂා කළ යුතු බවත් ය.

 

කඩුව

ජාතික කොඩියේ ඇති කඩුව අතින්ගත් සිංහයා ජාතියේ නිදහස මැනවින් ආරක්ෂා කිරීමට බැඳී සිටීමයි. ස්වෛරීභාවයේ සංකේතය වන අසිපත එඩිතරකම පෙන්වාදී ඇත. කඩුවේ මිට අත්වැස්ම හා තලය යන අසිපතෙහි පෙනෙන කොටස් තුනෙන් පෙන්වාදී ඇත්තේ හේතුඵල ධර්මය සමාජය හැඩගැස්වීමේ මූළධර්ම සහ ආරක්ෂාවේ මූළධර්ම තුන් කොටසයි. කඩුමිට හේතුඵල ධර්මය පිළිබිඹුකරයි.

කඩුමිටෙහි ඇති හිසෙන් දක්වන්නේ නෙළුම් කැකුලක් හා පිටට නැමුණු මල් පෙති දෙකක් වැනි සංකේතයකි. මෙයින් පෙන්වා දී ඇත්තේ ඇතිවීම, පැවැත්ම, ඇතිවීම හෙවත් ඨිති භංගයන ධර්ම තුනයි. කඩුමිටේ ඉහළින් නෙළුම් පෙති සතරකි. පඨවි, ආපෝ, තේජෝ , වායෝ යන සතර මහා භූතයින් හෙවත් ජීවිතයේ පරම අයිතිවාසිකම් වන භූමිය, ජලය, ආලෝකය සහ වාතය යන සතර භුක්ති විඳීමය.

 

කඩුව අල්ලාගත් ඇඟිලි

කඩුව අල්ලා ගත් ඇඟිලි සතරින්ද පෙන්නුම් කරන්නේ චතුරාර්ය සත්‍යයයි. එනම් දුක්ක, සමුදය, නිරෝධ, මාර්ගය යන චතුරාර්ය සත්‍යය පෙන්වාදී ඇත. කඩුව අල්ලාගෙන සිටින අත්වැස්මේ අන්තර් දෙක රාජ්‍යය පාලනය මධ්‍යම ප්‍රතිපදාව සමාජය හැඩගැස්වීමේ මූලධර්මයන් දක්වයි. කඩු තලයෙන් ඍජුව පිහිටීම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් නිසි පාලන කටයුතු කිරීමෙන් දසරාජ ධර්මය සංකේතවත් කිරීමය.

 

සිංහ කොඩියේ වර්ණය

කොළ පාටින් මුස්ලිම් ජනතාවය. තැඹිලි පාටින් දමිළ ජනතාවය. රතුපාටින් සිංහල ජනතාවය. එම වර්ණ තුළින් ජනතා නියෝජනය පෙන්වාදී ඇත.

 

සතර බෝසත්

පරම සත්‍ය අවබෝධය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණවලින් රටවැසියා පොදු මගකට යොමු කිරීම දුකට පත් වූවන් ඉන් මුදාලීම සමාව ඉවසීම නිහතමානි කම හා සතර සංග්‍රහ වස්තුව නිරූපණය කිරීම ද වේ.

 

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැඳුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.