සෞභාග්‍යයේ හා සශි‍්‍රකත්වයේ සංකේතයක් වන කප්රුක් පූජාව

නොවැම්බර් 6, 2020

මෙරට පමණක් නොව විදෙස් රටවලද පිහිටි බෞද්ධ සිද්ධ ස්ථානවල සිදු කෙරෙන මහත් ආනිසංස ලැබෙන පූජාවක් වන කඨින චීවර මහා පූජාව ඔක්තෝම්බර් පොහොය දිනයේ සිට නොවැම්බර් පොහොය දක්වා වූ එක් මාසයක් තුළ එකම දිනයකදී එක් වතාවක් පවත්වනු ලබන මහා පිංකමකි. කඨින චීවර පූජා පිංකම. ඒ අනුව වප් පුර පසළොස්වක පොහොයේ සිට ඉල්පුර පසළොස්වක පොහොය දක්වා වූ කාලය චීවර මාසය ලෙස සැලකේ. එබැවින් කඨින චීවරරය පූජා කරන්නේ එම මාසයේදීය. කඨින පූජා පෙරහර පිටත්ව අරුණ නැගෙත්ම .... පැමිණිය යුතුය. කඨිනපූජා පෙරහර පිටත් වීමට නියමිත පෙර දින එම විහාර ස්ථානයේ සර්වරාත්‍රික පිරිත් දෙසුමක්ද පැවැත්වේ. මෙම කඨින චීවර පෙරහර විහාරස්ථානයට ළඟ වීම සඳහා ගම හරහා යෑමෙන් සෞභාග්‍ය ගෙන දෙන්නක් වන අතර කරදර බාධක හිරිහැර දුරලා ගමට සෙත ශාන්තිය යහපත උදාවන බවත් කියති.

කඨින පුජාවේ සුවිශේෂත්වයක් වන්නේ කප් රුක පූජාවයි. එම ප්‍රජාව සුවිශේෂයක් වන්නේ සිතූ පැතූ සම්පත් ලබාදෙන දිව්‍යමය වෘක්ෂයක් ලෙස සැලකීමයි. ගොරක ගසක කොස් ගසක හෝ එවැනි ගසක අත්තක් කපා ගෙන කඨින පූජා මාධ්‍යයේ සවිකර එහි තම තමන් ගෙනෙන පූජා භාණ්ඩ එල්ලා තබයි. එසේ ප්‍රජා භාණ්ඩ සම්බන්ධ කරන ලද එම පූජනීය වෘක්ෂ්‍ය කප්රුක කඨින චීවරයට සම්බන්ධ කර සංඝික කර පූජා කරති. මෙම කප්රුක ප්‍රජාවට තබන සියලුම පූජාවන් කඨින චීවරය හා ප්‍රජාවන බැවින් ලැබෙන අනිසංස බොහෝය. එමෙන්ම කප් රුකට ලැබෙන සියලුම පූජා භාණ්ඩ කඨින චීවරය පූජා කරන ස්වාමින් වහන්සේට අයත් වේ. එම ස්වාමින් වහන්සේ විසින් ආගන්තුක හා වස්වාසී ස්වාමින් වහන්සේලාට අවශ්‍ය පරිදි පිරිකර පූජා කර තම තවත් දානානිශංස අත්පත් කර ගනී. අපසමමා සම්බුදුරජාණන් වහන්සේට කරනු ලබන පූජාවන් නිසා නීරෝගි සුවයෙන් දිර්ඝායුෂ විදීමට ද හේතුවක් වේ.

කප්රුක පූජා කිරීමෙන් සසර නිවන් දකින තුරු බව භෝග සම්පත ලැබීම සිතූ පැතූ සම්පත් දෙන ආකාරයට තමන්ටද කප් රුක පහල වීම නොයෙක් ආකාරයේ පි‍්‍රයජනක කෑම බීම හා වස්තු ලැබීම තුන් ඍතුවට තමන් කැමති සැප සම්පත් ලැබීම, කිසිම උපන් ජාතියක අපායේ නොඉපිද වීම හානිවත් අවබෝධ වීමත්ය. බෙහෙත් පූජා කිරීමෙන් ලෙඩ රෝගවලින් වැළකී දීර්ඝායුෂ ලැබීම බලවත් ශරිර ශක්තියක් ඇති වීම, තමාගේ බලය පැතිරීම ශරීරය නිසි සෞඛ්‍ය තත්ත්වයට පත් වීම තමාගේ කීර්තිය පැතිරීම නොයෙක් ආකාරයේ සැප සම්පත් ලැබීම, සොර සතුරන්ගෙන් ආරක්ෂා වීම නොයෙක් ආපදාවලින් වැළකීම වැටීම අත් පා කැඩීම ඇස් අන්ධභාවය උපන් කෑම ආත්මයකදීම බොහෝ ගරු බහුමන් ලැබීම හා අපි‍්‍රයයන් හා එක් වීම මෙන්ම පි‍්‍රයයන්ගෙන් වෙන් වීමේ දුක අත්කර නොදීම, සුවද දුම් පූජා කිරීම සුවඳ දුම් පූජා කිරීමෙන් පවතින ශරීරයේ පවතින අධික දුර්ගන්ධය ඉවත් වී සුවඳ විහිදෙන ශරීරයෙන් බවට පත් වේ. තමන් කියන වචනය අසා සිටින්නට පි‍්‍රය වේ. තම මුවෙන් පිට කරන වචන සත්‍යවාදී යයි කියා පිළිගැනීමකට ලක් වේ. සංඥාව ලැබෙන අතර සමාධි වැඩීමට හැකි වේ. තමන් පිට කරන වචන සත්‍යවාදී පිළිගැනීමකට ලක්වේ. රෝගාබාධවලින් වැළකී නීරෝගිතාවයට පත් වේ. සංඥාව ලැබීමේ වාසනාව උදා වේ. වතාවත් කිරීමේ ආනිසංස සසර වසනතුරා භවභෝග සම්පත් ලැබීමයි.

වනාන්තරයක ගියද කිසිම කරදරයක් නොවී දෙව්ලෝවතාවන්ගේ ආරක්ෂාව ලැබීම නොයෙක් ආයුධ විපත් වලින් හා අතුරු විපත්වලින් ආරක්ෂා වීම වාපිත් සෙම් ආදි රෝගවලින් වැළකීම උපත් සෑම ආත්මයදීම තම ශරීරය මනා රූපශෝභාවක් ඇති වීම තමන් කැමැති සැප සම්පත ලැබීම කායික හා මානසික පීඩාවලින් වැළකීම කොඩි පූජා කිරීමෙන් මහත් ජය ඇතිවීම ඇත්, අස්, රිය, පාබල සහිත රජ සම්පත් ලැබීම චක්‍රවර්ති සැප සම්පත් ඇතිවීම අපන් ආත්ම වලදී සැමට පි‍්‍රයභාවය ලබා දෙමින් බැබළීම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් ලැබීම කොට්ට මෙට්ට ඇද අතිරිලි පූජා කිරීම උපන් සෑම ආත්මයකදීම බුහුමන් ලැබේ. රූප ශෝභාව සහිත ශරීරයක් ඇති වේ. මනා ප්‍රඥාව ලැබේ. ලෙඩ රෝගවලින් වැළකී නීරෝගිවීමේ සියලු දේ කිරීමට ප්‍රඥාව ඇති වේ. වතාවත් කිරීම කායික, මානසික පීඩාවලින් වැළකීම උපන් ආත්ම වලදී තම ශරීරය පැහැපත් මනා රූප ශෝභාවකින් යුක්ත වීම ඇතිවන වා පිත් සෙම් ආදී රෝග වලින් වැළකීම වටාපත්වැනි පවන අතු පූජා කිරීම කිසිම ජාතියක ශීත උෂ්ණයෙන් ශරීරයට පිඩා කරදර ඇති නොවීම ශරීරයට දැවිලි උෂ්ණ ඇති නොවීම චිත්ත පීඩාවන් නොවීම පතන බෝධියකින් නිවන් සම්පත් ලැබීම ද වේ. කඨින පුජාවක පුණ්‍ය සමාපත්තිය ඉතා බලවත් වේ. කඨින චීවරය ප්‍රධාන කොට සැදැහැවතුන් තම තමන්ට හැකි පමණින් නූල් බෝලයේ පටන් ඉදිකටුව මෙන්ම සෑමදෙයක්ම පූජා කිරීමට උනන්දු වේ. ඉදල්, කොසු, පාපිසි, විදුලි බුබුළු ඇතුළු අවශ්‍ය වන සෑම සියලු දෙයක්ම පුජා කිරීමට උනන්දුවක් ඔවුන් ලද මහගු භාග්‍යයක් ලෙස සලකමිනි.

ස්වාමින් වහන්සේලා උදෙසා බුදුරජාණනන් වහන්සේ ඇනු දැන වදාල වස් විසීම ආරම්භ වන්නේ ඇසළ පොහෝ දිනදීය. එම පොහොය තුළ උපාසික උපාසිකාවන් විසින් භික්ෂුන් වහන්සේලා උදෙසා විහාරස්ථානවල තෙමසක් වස් වසන ලෙස ආරාධනා කරති. එසේ ආරාධනා කරන උපාසක උපාසිකාවන් දායකයින් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්සස යන සිවුපසයෙන් ද උපස්ථාන කරන බවට ද පොරොන්දු වෙති. එම ඉල්ලීම පිළිගන්නා වූ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය තුළම වැඩ වසමින් වස් විසීම සිදු කරති. මෙම වස් කාලය තුළ භික්ෂූන් වහන්සේලා විසින් පෙර වස් හෝ පසුවස් එළැඹීම සිදු කෙරේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.