නින්ද නොයාම සහ ඊට අදාළ ආබාධ පිළිබඳව ඡ්‍යොතිෂමය විමර්ශනයක්

ඔක්තෝබර් 30, 2020

නින්ද නොයාම කෙරෙහි බලපාන දෛනික ගෘහ ජීවිතයට අදාළ කරුණු රැසක් ඇත. ඒවා නම් නිදන කාමරයේ උෂ්ණත්වය වෙනස් වීම, නිදන ස්ථානය සහ නිදන ඇඳ යනාදිය වෙනස් වීම, නිදන කාමරයේ ඇති විදුලි ආලෝකය, නිදන කාමරය සහ ගෘහය අදාළ පරිසරය, මදුරුවන්, මකුණන් වැනි කෘමින් අයත් වේ.

 

නීරෝගි සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සුවදායක නින්දක් අවශ්‍ය බව කවුරුත් දන්නා දෙයකි. මේ නිසාම නින්ද සම්පතක් ලෙස හඳුන්වයි. නින්දයාම සාහිත්‍යයෙහි සඳහන් වන්නේ නිදි දෙව්දුව වැළඳගැනීම යනුවෙනි. එහෙත් අප බලාපොරාත්තු වන ආකාරයට නින්ද ඇයි නොයන්නේ? යන්න වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම මනෝ විද්‍යා ක්ෂේත්‍රය තුළ ද මූලික අවධානයට යොමු වු කරුණකි.

නිදිවර්ජිතව සිටීම යන්නෙන් අදහස් කරන්නේ අප හිතාමතාම නොනිදා සිටීමයි. එහෙත් නින්ද නොයාම යන්නෙන් අදහස් කරන්නේ ස්වාභාවික හෝ ජීව විද්‍යාත්මක ලෙස අප කාටත් හිමි නින්දට බාධා සිදුවීම හෝ හරියාකාරව නිදා ගැනීමට නොහැකි වීමයි. මෙය වෛද්‍ය විද්‍යාවේ නිද්‍රාව සහ සම්බන්ධ ගැටලු (Sleeping problems) නැත්නම් නිද්‍රාව සම්බන්ධ ආබාධ (Sleeping disorders) යනුවෙන් විස්තර වන අතර නින්ද නොයාම හඳුන්වන්නේ ඉන්සොමිනියා (Insominia) යනුවෙනි. එසේම මෙය නිද්‍රා හානිය (Sleeping deprivation) සහ නිද්‍රා ඇප්නියාව යන මූලික ආබාධ සමඟ ඍජු සබඳතාවයක් දක්වයි. හරිහැටි නිදා ගැනීමට නොහැකි වීමෙන් හෝ නින්ද නොයාම නිසා ශාරිරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද බරපතල ගැටලු ඇති වේ. මෙයින් මානසික ප්‍රතිවිපාක වෙන්ව ගත් කල පහත දැක්වෙන කරුණු වැදගත් වේ.

කල්පනා ශක්තිය දුර්වල වීම සහ බොහෝ දේවල් නිසි ලෙස ඉටුකිරීමට නොහැකි වීම

අමතක වීම වැඩිවීම සහ විවිධ අවශ්‍යතා පිළිබඳව තීරණ ගැනීමට නොහැකි වීම

මනෝභාවයේ ඇතිවන මූලික වෙනස්කම් (Mood changes)

මානසික ඒකාග්‍රතාවය පහළ යාම සහ තරහ යාම මෙන්ම කෝපාවිෂ්ඨ වීම ඉහළ යාම

මානසික ආබාධ වර්ධනය වීම

මානසික ආබාධ සහ නින්ද නොයාම අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතී. මින් අදහස් කරන්නේ සැලකිය යුතු තීව්‍රතාවයකින් මානසික ආබාධවලින් පෙලෙන අයහට නින්ද නොයාමේ ආබාධ වලින් පෙලෙන අයහට ආබාධ පවතී. නිදසුනක් ලෙස ආතතිය, විෂාදය සහ කාංසාව ආශි‍්‍රත ආබාධ වලදී හරිහැටි නින්ද නොයාම නිසා තවදුරටත් එම ආබාධ වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතී. නින්ද නොයාම නිසා ඇතිවන ශාරීරික ආබාධ පහත දැක්වේ.

රුධිර පීඩනය ඉහළ යාම, අක්‍රමවත් හද ගැස්ම සහ හෘද ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යාම

ලිංගික බෙලහීනතාවය ඇතිවීම සහ දියවැඩියාව ඇති වීම

ශරීරයේ සමබරතාවය වෙනස්වීම්

අධ්‍යාතතිය (Hypertension)

රථවාහන අනතුරු සහ වෙනත් අනතුරු ඇතිවීමේ අවදානම ඉහළ යාම

ඉහත දැක්වූ ආකාරයට නින්ද නොයාමට අදාළ හේතු රැසක් බටහිර මෙන්ම ආයුර්වේදයෙහි දක්වා ඇත. එම කරුණු පහත දැක්වේ.

නින්ද නොයාම කෙරෙහි වැඩි බලපෑමක් බලපාන්නේ ශාරිරික හේතු වලට වඩා මානසික හේතුන් බව වෛද්‍ය මතය වේ. විශේෂයෙන් මනසෙහි පීඩාකාරි තත්වයන් හෝ මානසික ආබාධ වලින් පෙලීම නින්ද නොයාමට මූලික හේතුවක් වේ. විශේෂයෙන් ආතතිය, විෂාදය, කාංසාව මෙහිදී ප්‍රධාන තැනක් ගනී. මේ නිසාම සුවදායක නින්දක් ඇතිවීමට මානසික ඒකාග්‍රතාවය නැත්නම් සමබරතාවය බෙහෙවින් අවශ්‍ය දෙයකි. නින්ද නොයන අය භාවනාව කෙරෙහි යොමු කරන්නේ මේ නිසාය.

නින්ද නොයාම කෙරෙහි බලපාන දෛනික ගෘහ ජීවිතයට අදාළ කරුණු රැසක් ඇත. ඒවා නම් නිදන කාමරයේ උෂ්ණත්වය වෙනස් වීම, නිදන ස්ථානය සහ නිදන ඇඳ යනාදිය වෙනස් වීම, නිදන කාමරයේ ඇති විදුලි ආලෝකය, නිදන කාමරය සහ ගෘහය අදාළ පරිසරය, මදුරුවන්, මකුණන් වැනි කෘමින් අයත් වේ.

වෛද්‍යවරුන් දක්වන පරිදි රුධිරයේ සීටි මට්ටම පහළ යාම, ඉක්මනින් හුස්ම ගැනීම (hyper ventilation) නිතර සෑදෙන හිසේ ඇම්ම, මස්පිඬු වේදනා මෙන්ම නිධන්ගත බ්‍රොන්කයිට්ස්, පණු අමාරුකම් මෙන්ම සමහර ලිංගික චර්යාවන්ද නින්ද නොයාමට හේතුවන බව පෙන්වා දී ඇත.

නින්ද නොයාම කෙරෙහි ආහාරමය පළපුරුදුකම් ද බලපාන බව වෛද්‍ය මතය වේ. විශේෂයෙන් තේ හෝ කෝපි බීම වැඩි වීම, රාත්‍රී ආහාර , මත්පැන් හා දුම්බීම ද ප්‍රමාණය ඉක්මවා ගිය විට නින්ද නොයාම සිදු වේ.

වෛද්‍ය විද්‍යාත්මක කරුණු මෙසේ වුවත් ඡ්‍යොතිෂමය මූලධර්ම යටතේ නින්ද නොයාම කෙරෙහි බලපාන අයහපත් ග්‍රහ පිහිටීම් රැසක් පවතී. මෙම කරුණු සළකා බැලීමේදී මුලින්ම නින්ද නොයාමට අදාළ ජන්ම පත්‍රයේ ඇති රාශින් සහ නින්ද නොයාම කෙරෙහි බලපාන ග්‍රහයින් හඳුනා ගනිමු. බොහෝවිට නින්ද නොයාම පිළිබඳව ඡ්‍යොතිර්වේදින් කරුණු දක්වන්නේ දෛනික සහ සතියේ පලාපල කථනයේදී බව ඔබ අසා ඇත. මේ නිසා නින්ද නොයාම පිළිබඳව කථාකරන විට මූලික අවධානය යොමු කළ යුතු වන්නේ ගෝචර ග්‍රහ ගමන් වලට ය. ග්‍රහයන්ගේ දෛනික, සති හෝ මාසික මෙන්ම වාර්ෂික චලිතයට සාපේක්ෂව ග්‍රහයන්ගේ සාපේක්ෂ පිහිටීම නිරන්තරයෙන්ම වෙනස් වේ. මෙම වෙනස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන සමහර ග්‍රහ පිහිටීම් ජන්මීන්ගේ නින්ද කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරන බව වෛදික ඡ්‍යොතිෂයෙහි සඳහන් වේ. ජන්ම පත්‍රයේ 12 වැන්න සහ 12 වැන්නාධිපති නිද්‍රාව අයත්වන ස්වභාවික යෝගකාරක ලෙස සැලකේ. මීට අමතරව නිද්‍රාව යන්න සැප, සනීප, සුව පහසුව සමඟ ඍජු සබඳතාවයක් දක්වන බැවින් ලග්නයේ සිට 4 වැන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේම නින්දට අදාළ ග්‍රහයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මුලින්ම සිතට, හදවතට උදරයට (බඩට) මෙනම් මනෝභාව විචලනයට (mood saving) යෝගකාරක වන සඳු ග්‍රහයාට ප්‍රධාන තැනක් හිමි වේ. නිදසුනක් ලෙස දෛනික සහ සතියේ පලාපල කථනයේදී නිද්‍රාවන ගැන කරුණූු දක්වන්නේ සඳු පිහිටා ඇති රාශිය සැලකිල්ලට ගැනීමෙනි.මීට අමතරව බුද්ධිය, මොළයේ නහර, රසායනික මෙන්ම බුද්ධියට යෝග කාරක වන බුධ ග්‍රහයාගේ චලිතය සළකා බැලිය යුතුය. තුන්වෙනුව විෂාදය, බාධාව (Obstruction) වැනි ආබාධ වලට මූලික වන ශනි ග්‍රහයාගේ පිහිටීම ද සැලකිල්ලට ගත යුතු වේ. නින්ද නොයාමට හෝ නින්දට බාධා කරන අයහපත් ග්‍රහ පිහිටීම් කිහිපයක් පහත දැක්වේ.

1.12 වැන්නාධිපති 3,6 සහ 8 වන රාශිවල සිටීම නිසා නින්දට බාධා සිදු වේ

2.බුධ විසින් මොළයේ නහර පාලනය කරන අතර සඳු විසින් මිනිස් සිත, හදවත සහ බඩ පාලනය කරයි. ගුරු ග්‍රහයා විසින් පෙනහලු සහ අක්මාව පාලනය කරන අතර නිද්‍රාවට අදාළ ගැටලු ඇති වන්නේ මොළයේ නහර, පෙනහලු සහ අක්මාවයි. මේ අනුව ඉතා සුවදායක නින්දක් ලබා දෙන්නේ මෙම ග්‍රහයන් තිදෙනා විසිනි.

3.3,6 සහ 12 අධිපති ග්‍රහයන් 12 වැන්නේ පිහිටීමෙන් ප්‍රමාණවත් නින්දක් නොලැබේ.

4.ලග්නාධිපති 3 වැන්නාධිපති හෝ සඳු 12 වැන්නේ තැන්පත් වීමෙන් අයහපත් සිහින සහිත කඩින් කඩ අවදිවන නින්දක් ඇතිවේ.

5.ශනි, කුජ, රවි හෝ රාහු, කේතු යන නෛසර්ගික පාප ග්‍රහයන් 12 වැන්නේ පිහිටීම ද බාධාකාරි නින්දක් ඇතිවීමට හේතු වේ.

6. 6 වන හා 8 වන රාශි අධිපතින්ට අතර මැදිවූ 12 වැන්න පවතින විටද නින්ද නොයාම හෝ භයංකර සිහින සහිත නින්දක් ඇති වේ.

7.12 වැන්න රවි ග්‍රහයා නිසා පරපීඩිත තත්වසම පත්ව ඇත්නම් නින්ද නොයාම සිදුවේ.8.12 වැන්නාධිපති සිකුරු සමඟ සංයෝගව සිටින විට ඉතා දිගු නින්දක් ඇති වේ.

9.3 වැන්න සහ 4 වැන්නාධිපති 12 වැන්නේ සිටීම හෝ 12 වැන්නාධිපති 3 හෝ 4 හි තැන්පත් තුළින් ජන්මියාට ලිංගික වශයෙන් සරාගී සහිත නින්දක් ඇති වේ.

10.12 වැන්නාධිපති එම රාශියේම උච්චව පිහිටන විට ජන්මියාට ප්‍රමාණයට වඩා දිගු වේලාවක් නිදාගත හැකි වේ.

11.12 වැන්න සහ ලග්නය අතර අධිපතීන් හුවමාරුවී පිහිටා ඇත්නම් දැඩි කම්මැලිකමක් මත ජන්මියා දිගු වෙලාවක් නිදා ගනී.

12.12 වැන්නාධිපති සමඟ රාහු සම්බන්ධ වී ඇත්නම් ජන්මියාට බාධාකාරි නින්දක් ඇති වේ.

13.12 වැන්නාධිපති සමඟ කේතු සම්බන්ධ වූ විට ජන්මියාට ශාරිරික හා මානසික වශයෙන් අපහසු නින්දක් ඇති වේ.

14.12 වැන්නාධිපති දුර්වල තත්වයක පැවතීම සහ 6 හෝ 8 යන රාශිවල සිටීම නිසා නිදා ගන්නා වේලාව කෙටි වේ.

නින්ද නොයාම අඩුකර ගැනීම හෝ නැතිකර ගැනීම සඳහා යෝජනා කර ඇති ප්‍රතිකර්ම කිහිපයක් පහත දැක්වේ.

1.නින්ද සම්බන්ධයෙන් මූලික වන ග්‍රහයන් අනුව මැණික් ගල් ඇල්ලූ මුදු පැළඳීම , බුධ ග්‍රහයාට එමරල්ඩ් (පච්ච මැණික්) මැණික් ගලක් ද , සඳු ග්‍රහයාට චන්ද්‍රකාන්ත (මූන්ස්ටෝන්) මැණිකක්ද ගුරු ග්‍රහයාට ඉන්ද්‍රනීල (ඵචනනඩඪපඥ) මැණිකක්ද ගෙන මුද්දක් සාදා පැළඳිය යුතුය.

2.නිදන විට නැගෙනහිර දෙසට හිස සිටින සේද බටහිර දෙසට පාද සිටින සේද නිදා ගන්න

3.රතු රෙද්දකින් මසාගත් (කුඩා) උරයකට මහදුරුපුරවා නිදන කොට්ටය යටින් තබා ගන්න.

4.ඇඳේ හිසට ඉහළින් පිරවූ වතුර වීදුරුවක් රාත්‍රී කාලයේ දී තබා උදෑසන 6 ට පෙර එය කථා නොකර ගසකට වත් කරන්න.

5.පහත දැක්වෙන මන්ත්‍රය නින්දට පෙර තෙවරක් කියන්න

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.