දුවනියකගේ සංධිස්ථාන ත්‍රිත්වය

ඔක්තෝබර් 30, 2020

අම්මා තාත්තාටත් කියන්ට ප්‍රථම අල්ලපු ගෙදර පුංචි අම්මා සමඟ මොනවදෝ රහසින් කියනවා තාත්තා දුටුවා. ලොකු මල් වැටුණ චීත්තයකින් සැරසුණ අම්මා. බෝරිච්චි හැට්ටයත් ඇඳගෙන බුලත් අණකුත් ඔතාගෙන පුංචි අම්මා සමඟ නැකැත් මාමාගේ ගෙදර ගියා. අණ්ඩක් කැඩුණ කන්නාඩිය ඇහැට දාගෙන නැකැත්මාමා තත්කාලයෙන් කෙලීගේ ගුණාගුණ කිව්වා. මල්වරය සුබයි. මව්පියන්ට හොඳයි. තව තවත් විස්තර කිව්වා.

 

කට ඇති පුතත් රුව ඇති දුවත් තමයි වටින්නෙ කියලා පුරාණයේ කිව්වට දෙවර්ගයම අද රටට එකසේ වටින වස්තූන් දෙකක්. දුවක් ඉපදිලා ඉක්මනින් වර්ධනය වනවා. නමුත් පුතාල වර්ධනය වන්නෙ ඉතාම හෙමින්, ක්‍රමයෙන් මෙසේ වර්ධනය වන දූලා සිප්සතර හදාරමින් ක්‍රමයෙන් වැඩෙනවා.

ඇයට වයස අවුරුදු පහක් ,හයක්, හතක් වන විට ඇගේ අම්මාගේ උකුසුඇස. ඇය දෙසට ලක්වනවා. ඇය දුව පනින ක්‍රමය. කෙළි සෙල්ලම් කරන ක්‍රමය. ඉගෙනීමේ විලාසය. නැටුම් ගැයුම් ගැන. කිසිවක් ගැනම අම්මා වචනයෙන් නොකිවාට සියලුම දේ ගැන වගකීමෙන් පරික්ෂාවෙන් බලා සිටිනවා. මෙම ක්‍රියා කෙසේ වුවත් ඇය විසින් දුවනිය වෙත කිසිදු තහංචියක්. සීමාකිරීමක් පැනවීමක් කරන්නෙ නැහැ.

ඇය දුවනිය ආරක්ෂා කරනවා. ඇය පුංචි කිරිල්ලියක් වගේ ඒ මේ අත ඇවිදිනවා. කිසිම වගකීමක් නැහැ. ඇයට වයස අවුරුදු 8,9,10 වන විට මේ පුංචි කිරිල්ලියට තහංචි නොපැනවුණත් ඇය ගැන වැඩි පරික්ෂාවෙන් ආදරයෙන් ඉන්නවා. අම්මා ඇයට ආදරය කරන අය ගැන වැඩි උනන්දුවකින් ඉන්නෙ. ඒ කිව්වේ ඇසට පෙනෙන අයගේ ආදරයකින් නොවේ. ඇයව ආරක්ෂා කරන්නේ. විශේෂයෙන්ම ඇය රාත්‍රියට නින්දට යනකොට අඳින වස්ත්‍ර ගැන. ගමන් බිමන් ගැන කොටින්ම කිව්වොත් වැඩිපුරම ශාරිරික වෙනස්වීම් ගැන. වැඩි තැනක් දුන්නා.

පොත් මිටිය තුරුලු කරගෙන සුපුරුදු ලෙස කුරුලු රෑන මෙන් පාසල් යන මේ දුවනියගේ පාසල් යාම අද තහංචි වුණා. ඒ අම්මට මොකක් දෝ පුංචි වෙනසක් දැනුණු නිසා වන්න ඇති. අම්මගේ මුහුණ තරමක ආඩම්බර ගතියෙන් රතුවනවා. ක්ෂණයෙන් ක්‍රියාත්මක වු අම්මා ලොකු දුවට කතා කළේ තරමක නියෝග ස්වරයෙන්. එනම් මෙහෙම කිව්වා. ‘ලොකු දුවේ මම ගමනක් ගිහින් එනකං නංගිව තනි කරන්නෙ නැතිව මේ කාමරයේම ඉන්න ඕනෑ” ලොකු දුවට කාරණය තේරුම් ගියා. අදෘශ්‍යමාන බලවේගයක් වන කලුකුමාරයා නංගිගේ ශරීරයෙන් හමන අමුතුම දුර්ගන්ධයට පෙම් බඳින බව ඇයත් දැන සිටි නිසා වැඩිපුර යමක් ඇහැව්වේ නැතිව ඔලුව වනා නිහඬ වුණා. එනම් දුවනියකගේ ප්‍රථම මල්වරයෙදී මේ කලුකුමාරයා පෙම්බදින බවත් කිසියම් කරදරයකට පත්කිරීම සිදුකරන බවත් දැන සිටි නිසා නංගි ළඟින්ම හිටියා.

අම්මා තාත්තාටත් කියන්ට ප්‍රථම අල්ලපු ගෙදර පුංචි අම්මා සමඟ මොනවදෝ රහසින් කියනවා තාත්තා දුටුවා. ලොකු මල් වැටුණ චීත්තයකින් සැරසුණ අම්මා. බෝරිච්චි හැට්ටයත් ඇඳගෙන බුලත් අණකුත් ඔතාගෙන පුංචි අම්මා සමඟ නැකැත් මාමාගේ ගෙදර ගියා. අණ්ඩක් කැඩුණ කන්නාඩිය ඇහැට දාගෙන නැකැත්මාමා තත්කාලයෙන් කෙලීගේ ගුණාගුණ කිව්වා. මල්වරය සුබයි. මව්පියන්ට හොඳයි. තව තවත් විස්තර කිව්වා. වැඩිපුරම ජන්ම පත්‍රය අතට ගත් ඔහු 4 වැනි රාශිය පරික්ෂා කර මව් ගැනත්, 7 වැනි රාශිය බලා විවාහය ගැනත්, 05 වැනි රාශිය බලා ඉගෙනීම ගැනත් ලොකු විස්තරයක් කිව්වා. පිරුණු සිතින් ගෙදර ආ අම්මා බිමට නොකැඩූ පොල්මලක් විසිරුවා කාමරයේ තැන්පත් කළා.

ඒ ළඟින්ම පොල්තෙල් පහනක්ද දැල්වූවා. ඒ අඳුර මකන්න නොවේ. කෙලීගේ ප්‍රථම සංධිස්ථානය පසු කරන සියලුම කටයුතු සුදානම් කරුණු කාරණා දැන සිටි අම්මගේ ක්‍රියා කලාපය නිසා. කලුකුමාරයා ඇය වෙතින් හිස් අතින්ම සමුගත්තා. නැකැත් මාමාගේ ඡ්‍යොතිෂ උපදෙස් අනුව කෙලීගේ ප්‍රථම සංධිස්තාන කටයුතු අවසන් වූයේ ස්නානයත් සමඟයි. සතියකට පසු නැවත පාසල් ගමන ඇරඹූ ඈ සියලුම දෙනාගේ ආදර, ගෞරවයට පාත්‍ර වුණා.

දිනෙන් දින මෝරා වැඩෙන පූර්ණ චන්ද්‍රයා සේ ඇය වැඩෙනවා. බෙල්ල ළඟට තිබු කළු කොණ්ඩය ක්‍රමයෙන් දෙකරලට පීරල පිට දිගට වැටෙනවා. ළමැද ක්‍රමයෙන් ඉදිරියට නෙරනවා. සියලුම අවයවයන් වෙනදට වඩා සීඝ්‍රයෙන් වැඩුණද වෙනදා, දණහිසට ළඟට තිබු සුදු ගවුම දැන් දණහිසට ටිකක් පහළට වාටිය මැහුණා.

දැන් ඇගේ කතාව ගමනේ විලාසය ,දඟකාර කම ගැන පුංචි පුංචි තහංචි නොපැන වුණත් සීමා කිරීම් නම් පැන වුණා. දක්ෂ ලෙස සිප්සතර හැදැරූ ඇය මූලික විභාගයට මාස 6 කට පෙර නැවත නැකැත් මාමා මුණ ගැහුණා. ඒ අධ්‍යාපන කටයුතු ගැන දැනගන්ට. වෙනදා වගේම. කේන්දරය පරික්ෂා කළ නැකැත් මාමා ගේ උකුසු ඇස නැවතුණේ කෙලීගේ ජන්ම පත්‍රයේ 05 වැනි රාශියේ නැත්නම් ශිල්පස්ථානයේ. තවත් මෙහෙම කිව්වා. පස්වැනි රාශියේ රාහු සමඟ බුධ යෝග වෙලා. මූලික අධ්‍යාපනය ජයගන්නවා. හොඳයි. ඒත් මේ සෙනසුරත් ඉන්නවා. එනිසා කෙම්මුර දිනයට ගිතෙල් සමඟ. කිරිබත් ටිකක් කපුටන්ට දීලා. නුගගහකට පහනක් දැල්වූවාම හරි. මොකද සෙනසුරුගේ වාහනය කපුටා.

විමානය, නුග නිසා, ප්‍රතිඵල ආ දවස ගෙදර එකම සතුටක්. කෙලී ඉහළින්ම සමත්වෙලා . තාත්තා බලන්නෙ. දුවනියම දොස්තර කෙනෙක් කරන්න. අම්මා බලන්නේ ගුරුවරියක් කරන්න. කෙසේ වෙතත් උසස් පෙළ කරන්න එපායැ. ඒ ලොකු මාමගේ ස්වරය. උසස් පෙළ සියලුම වියදම් ලොකු මාමා භාර ගත්තා. උසස් පෙළට තව මාස කීපයයි. ශිල්පය හැදෑරීම යහපත් විදියට කරන මේ දුවනියගේ ජන්ම පත්‍රය නැවත නැකැත් මාමාගේ පරික්ෂණයට ලක් වුණා. ඔහු මෙවර පරික්ෂා කළේ 11 වැනි රාශිය. දැන් ඔහු මෙහෙම කියනවා. මේ 11 වැනි රශියේ බ්‍රහස්පති ඉන්නවා. අනික 11 වැනි රාශිය ධනුව කිව්වේ බ්‍රහස්පතිගේ රාශිය නිසා. මොකද කෙලීගේ ලග්නය කුම්භ නිසා. කාලයාගේ ඇවෑමෙන් උසස් පෙළත් ඉතා දක්ෂ ලෙස සමත් වුණා. අපි ඇයව අර පැත්තට යවමු. මේ පැත්තට යවමු. ගෙදර ඉඳලම කැම්පස් යනවද? බෝඩිං කරනවද ප්‍රශ්න වැලක්. පළමු වසරේ නිසා අපි ඇයට කැම්පස් පහසුකම ලබා දෙමු. අවසාන තීරණය වුණා.

ඒත් ශිෂ්‍යාධාර නොගෙන ඉමු. මං වියදම් කරන්නම් කෙලීට. පොල්වත්ත හිමි ලොකු අම්මා කිව්වා. ආඩම්බරයෙන් වගේ, ඉහළින්ම උපාධිය සමත් ඇය රටේ ඉහළින්ම රක්ෂාවක් ලැබුණා. ඇයගේ දක්ෂතාවයට හුරු බුහුටි පෙනුමට. මුහුණෙ සිරියාවට. මංගල යෝජනා ගලාගෙන ආවා. ඒ එකක් වත් සුලුපටු ඒවා නොවේ. මංගල දිනය තීරණ වුණා. එනම් ඇගේ දෙවැනි සන්ධිස්තානය පසුකරන්නයි යන්නේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.