නැවතත් කොරෝනා බිය

ඔක්තෝබර් 23, 2020

වසංගත රෝග හදන්නෙ විශ්ව ශක්ති කිරණ මගින් නම් ඒක කලින් නවත්වා ගන්ට කිරණ වැදීම නවත්ව ගන්න ඕනෑ. ඒක ගුප්ත ශාස්ත්‍රයට අයිති වැඩක්. රෝගය හැදුණාම ඒක සුව කිරීම වෛද්‍ය විද්‍යාවේ වැඩක්. මේ මොකක් වුණත් අපේ ආරක්ෂාව ඉවසිම අපි බොහෝ දුරට බලාගනිමු.

ඡ්‍යොතිෂයේ හෝ ගුප්ත ශාස්ත්‍රයේ කොරෝනා හෝ කෝවිඩ් 19 කියන නමින් කවදාවත් සඳහන් කරල නැහැ. රටකට වසංගතයක් එනව නම් රට මරණීය තත්ත්වයට එනව නම් ඒක ටිකකින් හරි භංග වන්නෙ කොහොමද කියල නම් ග්‍රහයන්ගෙ ගෝචරය ගැන බැලුවාම වැටහෙනවා. පසුගිය දිනවලත් කිව්වේ වසංගතයක් ගැනමයි. ඒ අශුභ ප්‍රතිඵල අපි මාර්තු -අපේ‍්‍රල්, මැයි වල වින්දා.

රටකට එහෙම වන එක හැම අතින්ම හොඳ නැහැ. මම එක වතාවක් හැරෙන්න කවදාවත්ම රට ගැන හෝ මනුෂ්‍යයෙක් ගැන අනාවැකි පෙර ලකුණු කිව්වේ නැහැ. නමුත් ඒ ආකාරයට බොරු අනාවැකි කියලා ඡ්‍යොතිෂයත් සැහැල්ලු කරල තමනුත් සැහැල්ලු වුණ රාජකීය ඡ්‍යොතිෂවරුන් ඉන්නවා. ඡ්‍යොතිෂය අතගාලා ජංගම දුරකතනයෙන් පලාඵල කියන අයත් ඉන්නවා. යහපත් ඡ්‍යොතිර්වේදියට මේවා අවශ්‍යද, නිවැරදි ඡ්‍යොතිර්වේදියා හොයාගෙන රටේ ඒ කොනේ සිට මේ කොන දක්වා මිනිසුන් එනවා. ඊට අමතරව නිවැරදි ඡ්‍යොතිෂය ගැන සතියකට වරක් සුබසෙත මුළු ලෝකයටම හඟවනවා. කෙනෙක් ගැන පලාඵල කියන්න ඕනෑ එයාගේ නිවැරදි කේන්දරය බලාගෙන .

රට ගැන පලාඵල කියන්න ඕනෑ රටේ කේන්දරය ගැන බලලා. ඒක දන්නෙ නැතුව කොහොමද රට ගැන අනාවැකි පළකරන්නේ. මීට මාස 10 කට උඩදී මහා ප්‍රවීණ යයි කියන ඡ්‍යොතිර්වේදීන් 5 දෙනෙක් රට ගැන අනාවැකි කිව්වා. ටී.වී. එකින් කියලා . මාස 2 ක් වත් ගියේ නැහැ ඔක්කොම බොරු බවට පත්වෙලා .රට කෝප වුණා. කී දෙනෙක් නොමග ගියාද? ඡ්‍යොතිෂය තිබෙන්නෙ මිනිසුන් සුමගට යවන්න මිස නොමගට යවන්න නොවේ. බැරිනම් බොරු නොකියා නිකං ඉන්න ඕනෑ. අන්තිමට ගලේ පහරපු බළලුන්ට සිදුවූ දේ වුණා. ජනතාව සුමගට යැවීම කවදත් ‘සුබසෙත’ කටයුතු කළා. කරනවා

ඔබට මතක ඇති 2020 ජූලි 17 දින රටේ ප්‍රධානම පුවත්පතක් වන ‘සුබසෙත’ පත්‍රය පිට වුණා. එනම් මුද්‍රණය වුණා. එහි 11 වැනි පිටුවේ කපුටෙකුගේ පින්තූරයක් සමඟ “වසංගත රෝගවලින් මිදිය හැකි කෙම් ක්‍රම කියල” මන්ත්‍රයකුත් සමඟ මම සටහනක් ඇතුළු කළා. ඒකේ කිව්වා. 2020 මාර්තු ,අපේ‍්‍රල් වල තිබූ ග්‍රහචාරය මේ අවුරුද්දේ දෙසැම්බර්වලට නැවත එනව කියලා. ඒක කලින් ආ වෛරසයට වඩා සංකීර්ණ එකක් කියලත් කිව්වා. පුළුවන් නම් කියවන්න. තව දේවල් ලිව්වා. ඒවත් ඉදිරියේදී වේවි. දැන් ලකුණු පහළ වෙලා. රෝගයක් ආවට පස්සේ වෛද්‍යවරයා ඔහුගේ දක්ෂකමින් ඒ රෝග බීජ හරණය කරනවා. දක්ෂ ඡ්‍යොතිර්වේදියා රෝගය එන්න කලින් විශ්ව කිරණ විශ්ලේෂණය කරල ඒක දන්වනවා. එවැනි වසංගත රෝග වලින් එක කෙම් මන්ත්‍රයක් හා ඒක කරණ හැටිත් විස්තර කළා. ඒ පාරම්පරික ගුප්තවේදියෝ වශයෙන් අප අත්හදා බැලූ මන්ත්‍ර. කිසිම ගුරු මුෂ්ටියක් නැතිව නිවැරදිව ලිව්වා. ඒවා ඡ්‍යොතිෂ කඩවලින් ගත් ඒවා නොවේ. බොහෝ අය මේ මන්ත්‍රය ගැන මගෙන් ඇහැව්වා. ඒ කරලත් තිබෙනවා සතුටුයි.

ඔබ ගැනම හිතල දුරදක්නා නුවණකින් සුබසෙත” පත්‍රය ඒ සටහන දැම්මේ ඔබව මේ වසංගතයෙන් බේරා ගන්න. ගොඩක් අය බේරුණා. සුබසෙත කවදත් එහෙමයි. ඡ්‍යොතිෂය කිව්වේ ග්‍රහ කිරණ විශ්ලේෂණය කරන ශාස්ත්‍රයක්. ගුප්ත ශාස්ත්‍රය කිව්වේ ඡ්‍යොතිෂයෙන් ලබා ගන්නා දත්ත සමඟ කරන සටන් ක්‍රමයක්. අපේ ජන්ම පත්‍රයේ එක රාශියක අංශක 30 ක පරාසයක් තිබෙනවා. ඒක ආරම්භයේදී එක අංශකයකින් හෝ දෙකකින් වෙනස් වුණොත් කෙරවල මාස එකකින් හෝ දෙකකින් වෙනස් වනවා. ඒ ඕනෑම දෙයක හැටි. අනික කිසිම කේන්දරයක් අකුරටම දශමයටම හදන්න බැහැ. ඔය ලිතේ තිබෙන ඉර උදාව කිව්වේ මන්නාරම් මුහුදේ එක තැනකට දවසේ පළමු ඉරු එළිය වැටෙන වේලාව. ඒක ගි‍්‍රනිච් වේලාවට සමාන කරලයි තිබෙන්නේ. අපේ බොහොම අය නැකතක් හෝ වේලාවක් හදනකොට ඒ කාරණය අමතක කරනවා. එතකොට ප්‍රතිඵලත් ටිකක් පරස්පර වනවා. අපි ඉරක් ඇඳලා එහි ඡායා පිටපතක් ගත්තොත් මේ ඉරි දෙක හරි සමාන නැහැ. ඉතාම ස්වල්පයක වෙනසක් පවතිනවා. හරියට ආර්කිමිඩිස් ගේ දෘශ්‍ය බරේ අඩුව වගේ. ඡ්‍යොතිෂය අකුරටම කියූ අය හිටියා.

ඡ්‍යොතිෂයේ නිකං ම පලාඵල කිව්වට බැහැ. කටින් අල්ලාගෙන. යම් කරුණක් හේතුකොට ගෙන හෝ කිසියම් ශ්ලෝකයක් මත රඳා පවතින කරුණු කිව්වොත් තමයි හොඳ හෝ තමාටම ධාරණය කර ගන්න අවබෝධ වන්න ඉඩ සැලසීම තමයි. වඩා හොඳ, අපේ බුදු සාදු ප්‍රශ්න විසඳුවේ ඒ ආකාරයට. එක පාරටම පිළිතුරු කිව්වෙන් නැහැ. කරල බලන්න කිව්වා. ඒ ගැන වැඩිදුර හිතන කොට නිවැරදි පිළිතුර නිකම් වැටහෙනවා. මතකනේ ලොකු බණ්ඩා සියදිවි හානි කරගන්න යනකොට බුදු සාදුව මගදි හමුවෙලා ප්‍රශ්නය විසඳපු හැටි. පසුව බුදු සසුනේ මහා බලවතෙක් වුණ හැටි. රෙදි කැබැල්ලක් අතට දීලා පිරිමදින්න කිව්වා. ‘රජෝ හරනං – රජෝ හරනං කිය කියා. ඉන්න කිව්වා උන් වහන්සේ දනට වැඩලා එනකං. ජීවිතයේ අනියත බව රෙදි කැබැල්ල බලලා ඔහු වටහා ගත්තා. එච්චර දුර යන්න ඕනෑ නැහැ. කිසාගෝතමිගේ කතාව දන්නවනේ. “කිසිවෙකු නො මළ ගෙදරකින් අබ ටිකක් ගෙනෙන්න කිව්වා. මළ දරුවා සුවපත් කරන්න බැහැ කිව්වේ නැහැ. ගෙයින් ගෙට යනකොට ඇය ජීවිතය ගැන අවබෝධ කර ගත්තා. ඒකයි ප්‍රශ්න විසඳන නිවැරදි ක්‍රමය. මේවා දැන දැනත් අපි හැමෝම එකතු කරන එකයි වැඩි කරන එකයි විතරයි කරන්නේ.

2020 වසරේ ඔක්තෝබර් , නොවැම්බර් ලංකා ග්‍රහචාරය ගැන පරික්ෂා කරන්න. හරියට බලන්න. ඒ ග්‍රහචාරයේ ප්‍රතිඵල අයිති ලංකාවට. එනම් ලංකාවේ ජීවත්වන ලක් වැසියන්ටයි. ඒ ග්‍රහචාරයේ ජීවිත ආයුෂ කියන අෂ්ඨමයේ ඉන්නේ සිකුරු නීච රාශිය අයිති බුධට. ලංකා කේන්දරයේ බාධක ග්‍රහයා බුධ, බුධ හා සඳු, එහෙනම් නීච රවි සමඟ ඉන්න නිසා බුදත් සඳුත් නීච වනවා. ඒක ඡ්‍යොතිෂ රීතිය. ශත්‍රැ ස්ථානය අයිතින් චන්ද්‍රයාට. රවි බුද සඳු ගෝචරය අයිති ධර්මස්ථානය ඒත් සිකුරුටයි. සිකුරුත් නීචයි කිව්වනේ. ඒ ලංකාවේ වැසියන්ගේ ජීවිත පැවැත්මයි. එහෙනම් පැවැත්ම අඩුකරනවා. ක්‍රම 3 කින්. එනම් ජල ගැල්මෙන් ඒ කිව්වේ ගංවතුර. සුනාමිය වගේ. ගිනිකඳු හා වසංගත රෝග වගේ. මේ එකක් වත් අල්ලල නවත්වන්න හැකි දේවල් නොවේ. එනම් ග්‍රහචාරය අනුවයි මේවා සිදුවන්නේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.