චූටි බබාට අරුත්බර නමක්

ඔක්තෝබර් 23, 2020

පුරාතනයේ සිටම ‘නම්’ තැබීම මංගල්‍යයක්ම විය. ප්‍රථමයෙන්ම දරුවාගේ උපන් වේලාව ඡ්‍යොතිර්වේදියකු හට ලබා දුන් පසු ඡ්‍යොතිර්වේදියා විසින් බිලිඳා උපන් දිනය, දවස හා වේලාවට අනුව නැකත, ලග්නය ආදිය පරික්ෂා කොට සුබ අකුරු ලබා දෙයි.

ලග්න දොළහට අනුවත් සතියේ දවස් 7 ට අනුවත් නැකත් 27 ට අනුවත් උපදින දරුවාට නමක් තැබීමට සුදුසු අක්ෂර පවතියි. නමෙහි ගුරු අක්ෂර හා ලඝු අක්ෂර යෙදෙන ආකාරය අනුව නමට අදාළ ගණය ද හඳුනාගත හැක. උපන් ලග්නයට අනුව දරුවාගේ නමට ගණයක් තෝරා ගත හැක. දරුවාගේ නැකතට අනුව පළමු නම යෙදුවේ නම් ඉතාම සුබය.

අද උපදින දරුවා හෙට දින ලෝක ප්‍රසිද්ධ නායකයෙක්, වෛද්‍යවරයෙක්, විද්‍යාඥයෙක්. විදුහල්පතිවරයෙක් ආදී විවිධ රැකියාවන් කරන පුද්ගලයකු විය හැක. නිවැරැදිව ගණ පිහිටුවා දරුවාට සුබ නමක් යෙදීම තුළින් දරුවාගේ අනාගතයට සුබ වේ. දරුවාට නමක් තබනුයේ එක් වරකි. එම නම වෙනස් නොකරගෙන ජීවිත කාලයටම භාවිත කිරීමට සුදුසු ලෙස නම සාදා ගත යුතු වේ.

හැම මව්පියෙකුගේම ඒකායන ප්‍රාර්ථනය වනුයේ තම දරුවාට අරුත්බර ලස්සන කාටත් නොමැති නමක් දැමීම ය. පූර්ව ළමාවියේ සිටම දරුවාට නම ආමන්ත්‍රණය කිරීම බලපායි. එය දරුවාගේ ජීවිතයටම බලපාන කරුණකි. සුබ නමක් යෙදීමෙන් යහපතත්, අසුබ නමක් යෙදීමෙන් අයහපතත් ඇති වේ. දරුවාගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම, අධ්‍යාපනය සඳහා උනන්දුව අඩුවීම, නිර්මාණ කුසලතා වර්ධනයට ද මෙම නමෙහි සුබ අසුබ බව බලපාන බව පෙනෙයි. ජන ප්‍රසාදය ආදිය ලබාගෙන ලෝ ප්‍රකට වීමට ද නම බලපායි. අපගේ සිංහල සාහිත්‍යය තුළ ද අර්ථවත් නම් බොහෝය. ගුණාත්මක නමක තිබිය යුතු අංග රැසකි. අර්ථවත් බව, උච්චාරණයට පහසුව, ආකර්ෂණීය බව, ගුණාත්මක බව, ආශිර්වාදාත්මක බව. ‘දියුණුව සැලසීම’. නිවැරැදිව ගණ පිහිටුවා තිබීම ආදිය ගත හැක. මුලින්ම අපි දරුවාගේ ලග්නයට අනුව නමක් තැබීමට සුදුසු අකුරු පරික්ෂා කර නම් තැබීම සිදු කරමු. ඔබගේ දරුවා මේෂ ලග්නයෙන් උපත ලබා ඇතිනම් අ, ආ, ශ, අකුරු නාමකරණයට සුදුසු වේ.

අද දින අ,ආ, අකුරෙන් නමක් තැබීමට සුදුසු අර්ථ සහිත නම් කිහිපයක් බලමු.

අ,ආ චූටි පුතාට නමක්

අර්ථ – අර්ථය

අචල – පිරුණු

අනගි – වටිනා

අසිරි – ආසිරිමත් වූ

අනුභ – ආනුභාවයෙන් යුක්ත

අපූර්ව – ඉතාමත්

අ,ආ, චූටි දුවට නමක්

අද්මිණි – පාලනය කරන්නි

අමාදිහි – පිරිසුදු කිරීමට අමදන්නි

අදීසා – කිසිවෙකුටත් සමාන නොවන්නි

අනුභා – බලසම්පන්න

අපූර්වා – අපූරු තැනැත්තිය

අමන්දි – අමෘතය

මේ වගේ ලස්සන අර්ථවත් නමක් ඔබේ අලුත උපන් බබාටත් දාන්න පුළුවනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.