සිතේ හැටි කියන මිනිස් ප්‍රභා රැස් වළල්ල

ඔක්තෝබර් 23, 2020

වර්ණ මිනිස් සිතට තදින්ම බලපානු ඇත. ගැබිනි කාන්තාවන් නිතර කළු පැහැති ඇඳුම් ඇඳීමෙන් කුස තුළ සිටින දරුවාට එතරම් හිතකර නොවේ. ජල බෑගයේ පාවෙමින් සිටින සිඟිත්තාට බාහිරින් වන යම් යම් ක්‍රියාකරකම් ඉවෙන් දැනේ. ශ්‍රවණ පද්ධතිය සියුම්ව මෙහෙයවනු ඇත.

මූලික වර්ණ ත්‍රිත්වය වන නිල්, කහ, රතු සංයෝගයෙන් වර්ණා පදාස දහස් ගණනක් නිර්මාණය කර ගැනීමට හැකි වේ. සූර්යයාගෙන් වර්ණ කදම්භය (6103) ක් වේ. එය මුළු මහත් විශ්වය සිසාර දෝලනය වන්නේය.

මෙලොව උපත ලැබූ ජන්මියාගේ සිරුරෙන් නිකුත් වන රශ්මි වළල්ලක් ඇති අතර අඟල් 2 සිට 5 දක්වා ඈතට විහිදේ. එය මනෝ භාවීය ක්‍රියාකාරීත්වයේ බලය හා ශක්තිය පරිදි ප්‍රසාරණය වන බැව් සොයා ගෙන තිබේ.

මහා රශ්මි කදම්භයකින් යුතු රැස් වළල්ලක් හිමිව තිබුණේ බුදුන් වහන්සේටය. එය ෂඩ්වර්ණාවලියකින් යුක්තය. ආගමික ඍෂිවරුන් සහ දෙවියන්ගේ හිස වටා කිසියම් රශ්මි වළල්ලක් විහි දෙනු ඇත.

මේ අනුව බලන විට සෑම ජීවියෙකු වටාම කිසියම් රැස් වළල්ලක් විහිදනු ඇති අතර එය ශක්ති ධාරාවකි. සොබාදහමේ හැසිරීම් රටාවකට අනුවය.

සෑම පරමාණුවකම මූලික පදාර්ථය මෙන්ම මානසික මය සිතුවිලි හරහා පරාවර්තනය වන්නේය. ඕනෑම වස්තුවකින්ම නිකුත් කරන විද්‍යුත් ප්‍රෝටෝන කදම්බයක් වන්නේ එය එහි ප්‍රභාශ්වරත්වයක් ගැබ්වී ඇත්තේය.

එක් එක් පුද්ගලයෙකු වටා විහිදෙන රැස් වළල්ල ආලෝක හා අඳුරු කිරණ ද්විත්වයක් වේ. පුද්ගල චරිතාවලියේ හැසිරීම් රටාව සිතන අයුරු මානසික කිරණ ප්‍රසාරණය මෙන්ම ධනාත්මක හා ඍණාත්මක සිතුවිලි යන කොටස් දෙකකින් යුක්ත වේ. මුහුණ වටා එක් චක්‍රයක් විහිදේ. එහි ප්‍රභාශ්වරතාවය ආලෝකමත් වන්නේ සිතුවිලි තුළ ඇතිවන අන්තර්ගත කම්පන වේගයන් හරහාය.

ඊර්ෂ්‍යාව, කුහකත්වය, වෛරය, පලි ගැනීම, ප්‍රචණ්ඩත්වය ආදියෙන් මිනිස් මනස පෝෂණය වන විට මුහුණ අඳුරු වේ. දෙ ඇස් රතු වේ. මාංශපේෂි දැඩි තද ගතියක් උපදී. රක්ත රූපී කිරණ නිසා මුහුණ දරුණු පෙනුමකින් යුක්ත වේ.

ප්‍රසාදජනක සිතුවිලි ලෙන්ගතු බව, අහිංසකත්වය, දයාව, පරාර්ථකාමීත්වය, සතුට , පී‍්‍රතිය සොම්නස මනස තුළ උපදින සෑම මොහොතකම මුහුණ ප්‍රසන්න වේ. නෙත් වල කාන්තිය අධික වේ. මුහුණ වටා ප්‍රසන්න ලා නිල් කිරණක් පිට වේ. කුඩා දරුවෙකුගේ මුහුණ දෙස බලන්න කොතරම් අහිංසක ද ලද බොළඳ ද කියා. තමා වෙතට එන තැනැත්තාව පිළිගනු ලබන්නේ අහිංසක සිනහවකිනි. ඒ දරුවාගේ ප්‍රසාද ජන මනස තුළ උපදින ධනාත්මක සිතුවිලි සමූදාය නිසාය. අප වටා පවතින මෙම රශ්මි ජාලය පරිසරය හා බද්ධ වේ.

අපේ සිතුවිලි තරංග ආයාමයන් පවතින සංඥාවන් (Freqveneies) සමඟ ගලපා ගත යුතුයි. අවටින් නිකුත්වන ශබ්ද නිතැතින්ම අපේ මනස සමඟ ගැටෙනු ඇත. කටහඬ සංගීත ස්වර පද්ධති හරහා සිරුරේ රෝමෝද්ගමනය ඇති වේ. සමහර විට බාහිරව බලපාන යම් යම් අහිතකර වාතාවරණය හරහා මානසික ආතති ගොඩ නැගේ. ග්‍රහ දෝස, වාස්තු දෝෂ, නිවාස දෝෂ, අධික බිය ගැනීම ,වෛරය, ඊර්ෂ්‍යාව, අධික කාමාශාව, ශාරීරික බෙලහීනත්වය, නිදන් ගත ව්‍යාධි කෘත්‍රිම උත්තේජනීය මත්ද්‍රව්‍ය පරිහරණයටද බලපෑම් කෙරේ. අපි අඳින ඇඳුම් පැළඳුම් වලින් මිනිස් මනස වෙනස් වීමට අනුගත වන්නේය. පිරිමින්ට වඩා ගැහැණියට ආයුෂ අධිකය. පිරිමි අධික මනෝරාගාධිකත්වයෙන් පෙලෙන අතර ගැහැණු රාගයෙන් ලෙහෙසියෙන්ම ලිස්සා යනු ඇත. එයයි ඇත්ත. වර්ණ ජාලයන් ද මෙයට දායකත්වයක් අනුගත වී තිබෙන බැව් පැහැදිලිය.

වර්ණ මිනිස් සිතට තදින්ම බලපානු ඇත. ගැබිනි කාන්තාවන් නිතර කළු පැහැති ඇඳුම් ඇඳීමෙන් කුස තුළ සිටින දරුවාට එතරම් හිතකර නොවේ. ජල බෑගයේ පාවෙමින් සිටින සිඟිත්තාට බාහිරින් වන යම් යම් ක්‍රියාකරකම් ඉවෙන් දැනේ. ශ්‍රවණ පද්ධතිය සියුම්ව මෙහෙයවනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.