රාවණගේ ජන්ම බල විශ්මය

ඔක්තෝබර් 16, 2020

රාවණ කේන්ද්‍රයෙහි සහෝදර ස්ථානාධිපති ගුරු ග්‍රහයා උච්ච බල සහිතව දසවැන්නේ පිහිටීම බලසම්පන්න සහෝදර පිරිසක් ඇතිවීමට හේතු සාදන්නකි. විභීෂණය, කුම්භකරණය. ඛරය, දූෂණය, ත්‍රිශීරස්ය යනු රාවණගේ බලවත් සහෝදරයෝය. ශුර්පනඛා නම් වු එකම සහෝදරියක්ද වූවාය.

දඹදිව දශරථ රජු රාජ්‍යය කරන සමයෙහි ලංකාධිපත්‍යය දැරූ ප්‍රබල අධිරාජ්‍යයෙකු වශයෙන් බුහුමන් ලබන රාවණ රජු පිළිබඳ තොරතුරු “කල්පලතා” නම් ග්‍රන්ථයෙහි විස්තර වෙයි. ලක්දිව ජන්මලාභය ලැබූ මොහුගේ උත්පත්ති බලය අනුව ග්‍රහ චක්‍රය පිහිටි ආකාරය පිළිබඳව තත්කාලීන ග්‍රන්ථ කර්තෘවරයෙකු වූ වාල්මිකී මේ අයුරින් සඳහන් කර ඇත.

රාවණ තුලා ලග්නයේ ධනු නවාංශකයේ උපත ලබා ඇති අතර සඳු – ශනි යෝගය ලග්නයේ පිහිටා ඇත. රාහු තුන්වැන්නේත්, කුජ හතරවැන්නේත්ය. බුධ – සිකුරු හයවැන්නේ පිහිටා ඇත. රවි හත්වැන්නේත්, කේතු නමවැන්නේත්, ගුරු දසවැන්නේත් පිහිටා තිබූ බව කියැවේ. ඔහු ජීවත් වූ “නේත්‍රා” යුගයේ මනුෂ්‍යයාගේ පරම ආයුෂ ප්‍රමාණය වර්ෂ 10,000 ක් බවද විස්තර කෙරේ. ඔහුගේ ග්‍රහ බලවේගයන්, ජීවන විස්තරයන්, භූගෝලීය ලෝකයේ වෙනස්වීගෙන යන මානුෂික හැඟීම් හා විද්‍යාවන්, ලෝකාධිපත්‍යයේ මූලික බලය ඒ ඒ කාල නියමයන්ට අනුව සැසඳෙන පරිදි ඒ ඒ බලවේගයන් කෙරෙහි ඇදී යන ආකාරයන් විචාරාක්ෂියෙන් බලනවිට පැහැදිලි වෙයි.

රාවණ කේන්ද්‍රයෙහි සහෝදර ස්ථානාධිපති ගුරු ග්‍රහයා උච්ච බල සහිතව දසවැන්නේ පිහිටීම බලසම්පන්න සහෝදර පිරිසක් ඇතිවීමට හේතු සාදන්නකි. විභීෂණය, කුම්භකරණය. ඛරය, දූෂණය, ත්‍රිශීරස්ය යනු රාවණගේ බලවත් සහෝදරයෝය. ශුර්පනඛා නම් වු එකම සහෝදරියක්ද වූවාය.

රාජයෝග කාරක ශනි සමඟ ලග්නගත යෝගවී දසවැන්නාධිපති සඳු ඒරාෂ්ටක බලයත් සමඟ ඉතා බලසම්පන්න රාජයෝගයක් උදාකර ඇත. ඔහුගේ ක්‍රියාකලාපය කෙරෙහි බලපැවැත්ම පිළිබඳව කේන්ද්‍රයේ දෙවැන්නේ අධිපතිභාවය ලැබුයේ හතරවැන්නේ උච්ච බලයෙන් සිටි කුජ ග්‍රහයාය. මෙයින් රාවණගේ බලය ආරක්ෂා විය. රවි හත්වැන්නේ උච්ච බලයෙන් යුක්ත වු නමුත් අට දොළහ අධිපතියන්වු සිකුරු හා බුධ හයවැන්නේ සිටිනම් විපාක වශයෙන් රහස් සතුරු බලවේගයක් අනුව ජීවිතක්ෂයට පත්වන්නට සිදුවිය.

රාවණා අසීමිත විද්‍යාධරයෙක් වූයේත්, රාජාධි රාජයෙක් වූයේත්, ලග්න ගත වූ ඉතා බලසම්පන්න රාජයෝගය නිසාය. සතර කේන්ද්‍රයේ බලවත් වූ ගුරු, කුජ, රවි යන ග්‍රහයන්ගේ බලය අනුව ක්‍රියාත්මක පිළිවෙල තහවුරු විය. රාවණ රජ බවට පත්කාලයෙහි ඔහුට උරුම අධිරාජ්‍යයේ ප්‍රාදේශීය පාලන ආධිපත්‍ය තම සොහොයුරන් හා සොහොයුරිය වෙත පවරා තිබුණේය.

රාවණා විද්‍යාධරයෙක් වූයේ ඡ්‍යොතිර් විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ඇතුළුව යන්ත්‍ර මන්ත්‍ර, ඉන්ද්‍රජාල, මායා, ගාන්ධර්ව ආදී විද්‍යාවන් දහඅටක පරතෙරට ලැබගත් දැනුමෙන් බව ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ රාශියක් ඇසුරෙන් අදටත් නෂ්ටාවශේෂව පවතින, අර්ක ප්‍රකාශය, උඩ්ඩීෂ තන්ත්‍රය, භූත චාමර තන්ත්‍රය වැනි උසස් ඇසුරෙනි.

මේ අනුව බලන විට රාවණ දත් විද්‍යාව කුමක්දැයි ඔබට සිතෙනු නොඅනුමානය. එයට හේතුව, මේවන විට බොහෝ අය විද්‍යාව වශයෙන් පිළිගනු ලබන්නේ නවීන විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආදිය පමණක් වන බැවිනි. එය සාවද්‍ය මතයකි. කුමන විෂයයක් පිළිබඳව හෝ පුළුල් දැනුමක් වර්ධනය කරගැනීම විද්‍යාවයි. නවීන ලෝකයේ අප හමුවේ පවතින්නේ කාර්මික යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික වශයෙන් පවතින විද්‍යා දියුණුවයි. අද්‍යතනයේ මෙන්ම පුරාතන ලෝකයේ විසූ විද්‍යාධරයින් එකල පැවැති විද්‍යාවන්ට අනුව විශ්මයජනක දේ කළහ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.