දරු සම්පත් ලබන්න හීන පමණක් ප්‍රමාණවත්ද?

ඔක්තෝබර් 9, 2020

ජීවිතේටම මවු පදවිය ලැබිය නොහැකි මෙන්ම උතුම් මවු පදවිය ප්‍රමාද වී ලබන අම්මලා මොනතරම් පිරිසක් සමාජයේ ඉන්නවාද? එවැනි බිරින්ඳෑවරුන් බහුලවම සිත් වේදනාවට පත්වීම ඇත්තටම ඉතාම ශෝචනීය තත්ත්වයක්. දරුවන් නොලත් අම්මාවරු සමාජයේ ගැරහුමට පවා ලක්වේ. එහෙම අයට දරුවෙක් අරන් හදාගන්න පුළුවන් වුණත් සැබෑ මවක් වීමේ සතුට මවකට නිසැකවම ලබන්න අපහසු බවත් පිළිගත හැකි සත්‍යයක්.

දරුවෙක් ලබන්න පින් කරන්න ඕන, අම්මා කෙනෙක් වෙන්න පිනක් තියෙන්න ඕන. මේ වගේ කතාවනුත් බහුලවම සමාජගත වෙලා තියෙනවා. නළ දරුවෙක් හදාගන්න විශාල වියදමක් යනවා. ගර්භාෂයක් කුලියට අරන් දරුවෙක් හදන එකත් මානසිකව හා මානුෂිකව පසු කාලේදී ප්‍රශ්න ඇති කරන අවස්ථා නැතුවාම නොවෙයි. එහෙමනම් තමන්ගේම දරුවෙක් හදාගන්න එක තමයි හොඳම ක්‍රමය. ඊට අවශ්‍ය වන්නේ “කැපවීම” නම් වූ උදාර පිළිවෙතයි. දරුවෙකුට උපත දෙන්න දරු සම්පත් ලබාගන්න සැමියා සහ බිරිඳ විසින් සපුරාලිය යුතු පිළිවෙත් කීපයක් පිළිබඳව අද අපි කතා කරමු.

අපේ ආහාර පුරුදු දරු සම්පතක් ලබාගන්න බලපානවා....?

මුලින්ම අප දෛනිකව ගන්නා ආහාර පිළිබඳව ඉතාම පැහැදිලි අවබෝධයක් තිබීම ඉතාම වැදගත්. මවක් වීමට පෙරුම්පුරන බිරිඳක් පෝෂණ ගුණයෙන් අනූන වූ සමබල ආහාර වේල් ගත යුතුයි. පැහැදිලිවම සරුඵලතාවය වැඩි කරන්නත්, අඩු කරන්නත් සමහර ආහාරවලට පුළුවන්.

සරුඵලතාව අඩුකරන ආහාර මොනවාද?

රතු පැහැ මස් වර්ග, පිරිසුදු කළ සීනි, රසායනික ද්‍රව්‍ය යෙදූ කුකුළු මස් කාන්තාවන්ගේ සරුඵලතාවය ඉතාම පහළ මට්ටමකට පත් කරනවා.

රතු පැහැ මස් වර්ගවල බලපෑම

රතු පැහැය වැඩි හරක් මස්, ඌරු මස් වැනි මස් වර්ග දිනපතා අනුභව කිරීම නිසා රුධිරගත ඇමෝනියා ප්‍රමාණය ඉහළ යනවා. මෙමඟින් ඩිම්බ කෝෂ තුළින් ඩිම්බයක් පිටකිරීමට බාධා ඇති කරනවා. රතු පැහැ මස් වර්ග අනුභව කිරීම තුළින් විවිධාකාරයේ ශාරීරික  හා හෝමෝන විකෘති වීමේ විපත් පුරුෂ පාර්ශ්වයටත් ඇති කරනවා. මේවා මඟින් ශරීරයේ අම්ල තත්ත්වයන් වගේම ශුක්‍රාණුවල සකී‍්‍රයතාවය ද අඩු කරනවා.

 

කුකුළු මස්වල බලපෑම

ඉස්සර මිනිසුන් කුකුළු මස් කියලා කෑවේ ගමේ ගොඩේ වැඩුණු ස්වභාවික ආහාර, විවිධ පලා වර්ග, පණුවෝ ආදී භූමිවාසී කුඩා සතුන් ආහාරයට ගත්ත කුකුළන්ගේ මස් දැන් අපි කුකුළු මස් කියලා කන්නේ තනිකරම වස, කිසිම රසක් නැති මැටි ගුලි ගිලිනවා වගේ අපි අද කන කුකුළු මස්වල කෘත්‍රීම හෝමෝන වර්ග හා ප්‍රතිජීවක බහුලයි. දවස් 28ක් තුළ කූඩුවක සිර කරලා පුළුවන් තරම් විටමින් වර්ග දීලා , රසායනික ද්‍රව්‍ය යොදා සකස් කළ කෘත්‍රීම කෑම කවලා මහත් කර ගත්ත කුකුළෙක් අවුරුද්ද පුරා ආහාරයට ගන්න පුළුවන් බවට සහතික කරලා, ලේබල් ගහලා කල් තබා ගන්නා රසායන ද්‍රව්‍යයන් එන්නත් කරලා ශීතකරණවල තැම්බෙනවා. ‌මේ කුකුළු මස් කෑම නිසා අපේ ශරීරයේ හෝමෝන සමබරතාවය නැත්තටම නැති වෙනවා. කුකුළු මස්වල අඩංගු වුණු රසායනික නිසා තව තවත් ලෙඩ රෝග වැළැඳෙනවා. දරුවෙකුට උපත දෙන අම්මා කෙනෙකුගේ ශරීර අභ්‍යන්තරය එහෙම පිටින්ම උඩු යටිකුරු කරන්න රතු පාට මස් වර්ගවලට වගේම කුකුළු මස්වලටයි උපරිම බලපෑමක් කරන්න පුළුවන්.

අධික සුදු සීනි භාවිතය ඉතාම නරකයි.

සීනි කොහොමත් අපේ ශරීරයට වුවමනා වන්නේ බොහොම අවමයක්. දවසකට සීනි ග්‍රෑම් 5-10 ක් වගේ තේ, කෝපි හා වෙනත් පාන වර්ග සමඟ ශරීරයට ලැබුණාට වරදක් නෑ. මොළයේ හා හෘදයේ කි‍්‍රයාකාරීත්වයට සීනි මඟින් සේවයක් සලසනවා. අමුතුවෙන් සීනි නොකෑවාට දිනපතා අප ආහාර ලෙස ගන්නා බත්, වෙනත් පිටි සහිත කෑම, පලතුරු ආදියෙන් දෛනිකව අවශ්‍ය තරමට අපට සීනි ලැබෙනවා. ආහාර වේල්වලට අමතරව පැණි රස කෑම කන්න අද ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා.අද බහුතර පිරිසකගේ සුදු සීනි භාවිතය උපරිම වැඩියි. රතු සීනි භාවිත කරන අය අඩුයි. වැඩිපුර පිරිසුදු කළ සුදු සීනි මඟින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණයේ වෙනස්කම් ඇති කරනවා. මෙමඟින් පොලිසිස්ටික් ඕවරි සින්ඩ්රෝම් (ර්‍ථඛ්ර්‍ණඉ) ගර්භාෂයේ ගෙඩි ඇති වීමේ රෝගී තත්ත්වය මඟින් කාන්තාවන්ගේ සරුඵලතාවය දුර්වල කිරීමට මූලික වෙනවා.

මත්පැන් හා සිගරට්වලට ඇබ්බැහි වීම.

අපේ රටෙත් මත්පැන් හා සිගරට් භාවිත කරන කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. තරුණ වියේදීම සිට සිගරට් හා මත්පැන්වලට ඇබ්බැහිවීමෙන් කාන්තාවන්ගේ සරුඵලතාවය අඩු කරන්න විශාල බලපෑමක් කරනවා. මෙමඟින් ඉන්ද්‍රියන් කරා නිසි ලෙස රුධිරය හා හෝමෝන ගලා යාම දුර්වල කරන අතර, අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීම අවම කරනවා. අධිකව මත්පැන් හා සිගරට් පානය පිරිමින්ගේ ලිංගික ශක්තිය පිරිහීමට ලක්වන අතරම, තම බිරිඳ මවක් බවට පත් කිරීමත් කළ නොහැකියි. දරු සම්පත් පමාවීමටත් දිවිය පුරාම දරුවන් නොලැබීමටත් වැරැදි අයහපත් පුරුදු තදින්ම බලපානවා. නිරෝගී දරුවෙකුට උපතක් දෙන්න බලාපොරොත්තු වන බිරිඳ හා සැමියා දෙදෙනාම මත්පැන් හා සිගරට් භාවිතයෙන් ඉවත්වීම ඉතාමත්ම වැදගත්ය.

සරුඵලතාවය ලබාගන්න උදව් කරන ආහාර වර්ග කීපයක්.

යහපත් ආහාර පුරුදු අනුගමනය කිරීම තුළින් මවක් වීමේ සිහිනය සැබෑ කර ගන්න පුළුවන්. එවැනි ආහාර කීපයක්ම තියෙනවා. ඒ පිළිබඳව අපි කෙටියෙන් මෙහෙම ලියමු.

පැඟිරි කුලයේ පලතුරු

උදය සහ දහවල් කෑම වේලකට නාරං හෝ දොඩම් ගෙඩියක රස බලන්න තීරණය කිරීම ඉතාම හොඳයි. පුද්ගලයෙක් අඩුම තරමින් දවසට එක බැගින්වත් පැඟිරි කුලයේ පලතුරක් කන්න ඕන. දෙහි, ලෙමන්, ජම්බෝල, නාරං ආදී අනෙකුත් පැඟිරි කුලයේ පලතුරුත්, පලතුරු යුෂත් ඉතාම හොඳයි. ‌මේවායේ බහුලව අඩංගු වන විටමින් “සී” ශරීරයේ හෝමෝන සමබර කිරීමටත් පුරුෂයන්ගේ ශුක්‍රාණු ප්‍රමාණය ඉහළ නැංවීමටත් සෘජු බලපෑමක් කරනවා.

ටෝෆු

මෙය සෝයා කිරිවලින් සාදන ආහාරයක්, සරුබවෙන් වැඩි ඩිම්බ නිපදවීමට යකඩ බහුලව ඇති ආහාර මඟින් විශාල සේවයක් සිදු කරයි. සෝයා සහ සෝයා කිරිවලින් නිපදවන ආහාර අනුභවයෙන් රුධිරයේ යකඩ යහමින් පැවතෙයි. මෙම තත්ත්වය ගැබ් ගැනීම 60% කින් පමණ ඉහළ දමන්නට හේතු වෙයි. දිනපතා යකඩ බහුල වෙනත් ආහාර වර්ග ද ආහාරය‌ට වැඩිපුර එකතු කර ගන්න.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.