ස්වභාවික මැණික් සහ ඡ්‍යොතිෂය (Natural Gemstones & Astrology)

ඔක්තෝබර් 2, 2020

මෙම පෘථිවි තලයේ මෙතෙක් සොයා ගත් ඛණිජ වර්ග 4000 ක් පමණ ඇති අතර, එයින් වටිනාම ඛණිජ වර්ගය වන්නේ මැණික්ය. අවුරුදු මිලියන දහස් ගණනක රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස මැණික් හටගන්නා බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. ඒ අනුව මේ වන විට ලෝකයේ මැණික් වර්ග 300 කට වැඩි සංඛ්‍යාවක් වර්ණය අනුව නොව මැණික්වල අඩංගු රසායනික සංයුතිය අනුව වර්ග කොට දක්වා ඇත.

පොළොවෙන් ලැබෙන මෙම ස්වභාවික මැණික් මිනිසාගේ ක්‍රියාකාරීත්වයට කෙබඳු ලෙසින් බලපාන්නේ ද යන්න විද්‍යාත්මක විමසා බැලීමක් මෙම ලිපිය තුළ අරමුණු ගත කොට ඇත.

දේදුන්න දකින අපි හිරු එළිය සහිත වර්ණයන්ගෙන් නිර්මාණය වී ඇති බව පියවි ඇසින් දකින අතර ප්‍රිස්මයක ආධාරයෙන් එය විද්‍යාගාරයේදී තහවුරු කර ගනී. ඉන්දියානු පර්යේෂණාත්මක කෘතිවලට අනුව ග්‍රහලෝක ආලෝක ප්‍රභවයන් සප්ත වර්ණ කිරණ සංයෝජනයක් බව කියැවේ. මැණික්වල අඩංගු වර්ණ රටා ද මෙම සප්ත වර්ණයන් මුසු වීමෙන් නිර්මාණය වී ඇති බව පෙනේ.

රත්න විද්‍යාව (Gemology) සහ ජ්‍යෝතිෂ්‍ය (Astrology) වෙනස් විෂයන් වුවත් ඒවායේ සමානකම් ඇත. ඈත අතීතයේ සිට පැවත එන බව දක්නට හැකිය. උදාහරණ ලෙස නිවසක අත්තිවාරමට මැණික් නිධන් වස්තු තැන්පත් කිරීම, බිලිඳාගේ පංචායුධයට මැණික් ගලක් එබ්බවීම, ග්‍රහ අපල දුරු වීමට මැණික් පැලඳීම දැක්විය හැකිය. විද්‍යාත්මකව ඔප්පු කර නැතත් එසේ ලොව සම්මතයන් සේ පිළිගන්නා දෑ බොහෝ ඇත. ඒ අනුව ශත වර්ෂ ගණනාවක සිට මැණික් සහ ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව අතර බැඳීම පැවත එන බව සක් සුදක් සේ පෙනී යයි.

ජ්‍යෝතිෂවේදීන් සූර්යයා ඇතුළු ග්‍රහ වස්තු සහ මිනිසා අතර සම්බන්ධය පැහැදිලි කරනු ලබයි. සූර්ය තාපය නොමැතිව කිසිම ජීවියෙකුට ජීවත් විය නොහැකි සේම එහි බලපෑම අපට බැහැර කළ නොහැකිය. හිරුගේ බලපෑමෙන් මුහුදේ වඩදිය, බාදිය ඇති වේ. එසේම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇති දිනයන්හි දරු උපත් ප්‍රමාණය වැඩි වීම අහම්බෙන් සිදු නොවන්නක් බව විද්‍යාත්මක මතයයි. එලෙසම ඊජිප්තුවේ පිරමීඩ තනා නිමවා ඇත්තේ ආකාශයේ ග්‍රහ වස්තු පිහිටීම පදනම් කරගෙනය. ඒවායේ බලය කොතෙක් ද යන්න අප පියවි ඇසින් දකින්නෙමු. මනෝ විද්‍යාවේදී වර්ණ අනුව සිත තුළ ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති බව දක්වා ඇත. එනම් පාට සංකලනයක් අනුව මිනිස් සිත ධනාත්මකව සහ සෘණාත්මකව ක්‍රියාකාරී වන බව තහවුරු වූවකි.

වර්තමාන මිනිසා යම්කිසි අකරතැබ්බයක් කරදරයක් වූ විට හෝ ලෙඩක් දුකක් සෑදුණු විට මානසික ව්‍යාකූලත්වයෙන් මිදීම සඳහා ජ්‍යෝතිෂ්‍යයේ පිහිට පතන්නේ මෙම බලපෑම ග්‍රහ තාරකා සහ හඳහන අනුව සිදු වූවක් බව නිගමනය කොට ගෙනය. එලෙසම මැණික් පැළඳවීම කරදර බාධක වලටත් මෙන්ම ධන යෝග ලැබීමට හේතුකාරක වන බව තරයේ විශ්වාස කරති.

කෙසේ වෙතත් තමන්ට යෝග්‍ය මැණික් වර්ගය තීරණය කිරීමේදී තම හඳහන පරීක්ෂා කර බලා එම තේරීම කරන්නේ නම් වඩා අගනේය. එසේ නැතහොත් යම් යම් අහිතකර බලපෑම් ඇති කරන මැණික් ද නැතුවා නොවේ. එනම් සමහර මැණික් ඛණිජවල විකිරණශීලීතාවය වැඩි වීම නිසාය. උදාහරණ වශයෙන් එකනයිට් මැණික්, සමහර ජාගුන් මැණික් දැක්විය හැක.

තමාට සුදුසු මැණික් වර්ගය පහත ලක්ෂණ මත තේරීම වඩාත් ප්‍රතිඵලදායකය

1. නිවැරදි වර්ණය සහ ස්වාභාවික මැණික් වීම (Natural Colour  )

2. මැණික් ගල අභ්‍යන්තරයේ පිරිසිඳුභාවය (Clearity )

3. මැණික් ගලේ ප්‍රමාණය (Weight in carats) 

සූර්යයා හා ග්‍රහ තාරකාවන් මගින් විහිදෙන කිරණ සහ ශක්තීන් මැණික් මඟින් අවශෝෂණය කර ගැනීම නිසා පරාවර්තනය සිදු කරනු ලබයි. ලෙඩ රෝග නිවාරණයට, හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව ශරීරය මත ස්පර්ශ වන ලෙස මැණික් තබා විශ්වයේ ශක්තිය මැණික් ගල් තුළින් ශරීරය අවශෝෂණයට අවස්ථාව සලසයි. මෙමගින් ශාරීරික සහ මානසික පීඩනයන් දුරුවීම තුළින් යම් ශක්තියක් ශරීරයට ලැබෙන බව කියවේ.

ජ්‍යෝතිෂ්‍යානුකූලව මැණික් පලඳින ආකාරය පහත අයුරින් පැහැදිලි කළ හැකිය.

ග්‍රහයන් අනුව මැණික් පැලදීම

ග්‍රහයන් මැණික් වර්ගය සහ වර්ණය

1. සෙනසුරු නිල් මැණික් / 

කාක නිල් - නිල් පාට

2. සිකුරු දියමන්ති / සුදු නිල් - 

සුදු පාට

3. බ්‍රහස්පති පුෂ්පරාග / සිට්රින් - 

කහ පාට

4. බුධ පච්ච / එමරල්ඩ් / පෙරිඩොට් -

 කොළ පාට

5. අඟහරු රතු මැණික් / රතු කොරල් -

 රතු පාට

6. සඳු මුතු / චන්ද්‍රකාන්ති - සුදු පාට

7. සූර්යයා රතු මැණික් / පද්මරාග - රතු පාට

8. රාහු ගෝමේද - තැඹිලි පාට

9. කේතු කණක / වෛරෝඩි - කොළ දැල්ල

දෛව අංකය අනුව

දෛව අංකය ගණනය කරනුයේ තම උපන් දිනය තනි ඉලක්කමට ගණනය කර ගැනීමෙනි.

උදා : 1978 - 03 - 18 = (2+9) 11

එකතුව = 2

දෛව අංකය මැණික් වර්ගය

1 රතු මැණික්

2 මුතු / චන්ද්‍රකාන්ති

3 පුෂ්පරාග

4 ගෝමේද

5 දියමන්ති / සුදු නිල්

6 එමරල්ඩ් / පච්ච

7 වෛරෝඩි

8 නිල් මැණික්

9 රතු මැණික්

මැණික්වල වර්ණය හා 

ඒවායේ බලපෑම

01. දම් පාට මැණික් - අඹතෙස්

ස්නායු සම්බන්ධ ආබාධ, මානසික අසමතුලිතතාවය, අපස්මාරය, සුසුම්නා පටල ඉදිමීම සහ සමේ රෝග නිවාරණය සඳහා පැල¼දීම සිදු කරනු ලබයි.

02. නිල් පාට මැණික් - නිල් මැණික්

අක්ෂි ආබාධ, පෙණහැලි ආශ්‍රිත රෝග, ශ්වාසනාලය ඉදිමීම, උදාරාබාධ ආශ්‍රිත රෝගාබාධවලින් අත් මිදීමට යහපත් වේ.

03. කහ පාට මැණික් - පුෂ්පරාග / සිට්රින්

උගුර ආශ්‍රිත රෝග, කැස්ස, සෙම් රෝග, අධික ස්ථුලතාවය පාලන සඳහා පැළ¼දීම සිදු කරයි.

04. කොළ පාට මැණික් - එමරල්ඩ් / පච්ච තෝර

හෘද රෝග අධික රුධිර පීඩනය, සෙම් රෝග හිසරදය, මානසික රෝග, වකුගඩු ආශ්‍රිත රෝග නිවාරණයට පළ¼දී.

05. රතු පාට මැණික් - රතු මැණික් / පද්මරාග/ රතු කොරල්

සෑම ආකාරයකම රුධිර සංසරණ පද්ධතියේ ගැටලු, රක්තහීනතාවය, ලියුකේමියා වැනි පිළිකා, අංශභාගය වැනි නිදන්ගත රෝග නිවාරණය සඳහා පැල¼දීම සිදු කරනු ලබයි.

06. රෝස පාට මැණික් - පද්මරාග / රතු මැණික්

උදරාබාධයන්, අක්මාව ආශ්‍රිත රෝග, දියවැඩියාව, ස්නායු ආබාධ, හෘද රෝග නිවාරණය සඳහා යෝග්‍ය වේ.

07. රෝස පාට මැණික් රෝස පළිඟු -

ලංකාවේ එතරම් ප්‍රචලිත නැතත් බටහිර ලෝකයේ ඉතා ප්‍රචලිත මැණික් විශේෂයකි. ඊට හේතුව වන්නේ රෝස පළිඟු විශ්ව ශක්තිය ආකර්ෂණයට වැදගත්ම මැණිකක් ලෙස පිළිගැනීමයි. මෙම රෝස පළිඟු පැල¼දීමෙන් ආදරවන්තයින්ගේ ප්‍රේමය අඩු නොවී දිගටම පවත්වාගෙන යාමට, අන් අයගේ කරුණා දයාව ලබා ගැනීමට මෙන්ම ප්‍රසන්න බවකින් කටයුතු කිරීමට යෝග්‍ය වේ.

ලග්නය අනුව පලඳීන මැණික් ගල්

1. මේෂ - රතු මැණික්

2. වෘෂභ - දියමන්ති / සුදු නිල්

3. මිථුන - එමරල්ඩ් / පච්ච තෝර

4. කටක - මුතු / චන්ද්‍රකාන්ති

5. සිංහ - පද්මරාග

6. කන්‍යා - / පච්ච තෝර / එමරල්ඩ්

7. තුලා - දියමන්ති / සුදු නිල්

8. වෘශ්චික - රතු මැණික් / රතු කොරල්

9. ධනු - පුෂ්පරාග

10. මකර - කාක නිල් / නිල් මැණික්

11. කුම්භ - කාක නිල් / නිල් මැණික්

12. මීන - පුෂ්පරාග

උපන් මාසය අනුව පළඳීන මැණික්

1. ජනවාරි - රබහ

2. පෙබරවාරි - අඹතෙස්

3. මාර්තු - නිල් කිරිංචි

4. අප්‍රේල් - දියමන්ති / සුදු නිල්

5. මැයි - පච්ච තෝර / එමරල්ඩ් . . . . 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.