දෙපාවල පිහිටීම කියන කාන්තා චරිත ලක්ෂණ

ඔක්තෝබර් 2, 2020

ස්ත්‍රීන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පිහිටන සියලුම ශරීර අංග තුළින් චරිත ලක්ෂණ පිළිබඳව තොරතුරු කිව හැකිය. හැම කාන්තාවකගේම පාදයේ හෝ පා ඇඟිලිවල හෝ ගමන් කරන විලාශයේ අමුත්තක් හා විශේෂයක් පවතී. මේ අමුත්ත ඇය පිළිබඳ විශේෂ චරිත ලක්ෂණ හෙළි කරයි.

මේ එවැනි තොරතුරු ස්වල්පයකි.

පිටිපතුලේ නහර ඉලිප්පී වියළිව රළුව පාද පිහිටයි නම්,

ස්ථීර අදහස් නැත. වාචාලකාරීන්ය. උත්සහයේ තරමට ප්‍රතිඵල හීනය. දුගී බවින් ජීවිතය ගෙවී යයි.

පාද ඉරිතලා කොරල වැනි ලක්ෂණ පිහිටයි නම්,

බොහෝ බලාපොරොත්තු ඉටු නොවේ. කරදර පිට කරදර පැමිණේ. දුර දිග නොබලා කටයුතු කරයි. අන් අවවාද කනකට නොගනී. හිතුවක්කාර ගතිගුණ පිහිටයි.

වළලුකර ඉතා සියුමැලිව පැහැපත්ව පැවතීම.

සමාජයෙන් කීර්ති ප්‍රශංසා ලබන්නීය. බුද්ධිමත්ය. කැපී පෙනෙන තනතුරු හිමිය. විවාහ ජීවිතය යහපත් වේ. සතුට ජීවිතය පුරාම පවතී. ඇය මෙන්ම ඇයගේ දරුවන් ද ඉගෙනීමට දක්ෂය.

වෙදැඟිල්ල හෝ මැදැඟිල්ල පොළොව ස්පර්ශ නොකරයි නම්,

මුල් කාලයේ අවාසනාවන්ත ජීවිතයක් ගෙවයි. සැමියාගේ ආදරය, කරුණාව, ගෞරවය නොලබයි. දියුණුවට යාමට බොහෝ වෙහෙසක් දැරිය යුතුය. ජීවිතයේ මැදි වයසේ සිට සැනසිල්ලේ ජීවත් වීමට වාසනාව ලබයි.

යටි පතුල රළු වී සේසත්, හක්ගෙඩිය, කොඩිය ආදී ලක්ෂණ යටි පතුලේ පිහිටයි නම්,

විවාහ ජීවිතය ඉතා සාර්ථකය. ජීවිතය යස ඉසුරින් පිරෙයි. සමාජීය ගෞරවය හා නම්බු නාම ලබයි. සැමියාට ද වාසනාව ගෙනෙයි. කිසිම දවසක ඉදිරියට තැබූ පය පස්සට නොගනී. අහිංසක බවත් නිහතමානී බවත් ජීවිතයේ හොඳම ආභරණයන්ය.

වළලුකරේ නහර ඉලිප්පී පැවතීම. මාන්නාධිකය. තමා විසින්ම තමා වර්ණනා කරගනී. නොලබන සතුටක් ගැන සිහින දකියි. අන්‍යයන් දෝෂ දර්ශනයට ලක් කරයි. කරන වැඩ බොහෝදුරට නිෂ්ඵලය.

වටකුරු විලුඹක් හා කොට පාදයක් හිමි නම්,

කැපී පෙනීමට ආශා කරයි. අන් පුරුෂයන් සමඟ රහසිගත සබඳකම් පවත්වයි. ශරීරය මිටිය. කාමාධිකයි.ගරු කරන බව පෙන්වා සැමියා රවටයි.

යටි පතුල මැද වළ ගැසී තිබීම.

මුදල් දුෂ්කරතාවයන්ට නිතර මුහුණ දෙයි. කාමාධිකයි. අන් පුරුෂයන් සේවනයට ලැදිය. මුදල් ඉපයීමට බොහෝ දුෂ්කර කාර්යයන්වල පවා නිරත වේ.ජීවිතය නීරසය.

සම්පූර්ණ යටිපතුලම පොළොව මත ස්පර්ශ වේ නම්,

ජීවිතය කටුකය. කරදරකාරීය. නොසිතූ ව්‍යසනවලට මුහුණ දීමට සිදුවේ. විවාහය අසාර්ථකය. එක පිට එක කරදර පැමිණිය ද දුක දරාගෙන ජීවිතයට මුහුණ දීමෙන් යම් ජයක් ලැබිය හැකිය.

යටි පතුල පොළොව මත ගෑවෙන අතරම පතුල මැද කොටසේ සුළු වළ ගැසීමක් ඇත්නම්,

දුගී පවුලක ඉපදී විවාහ ජීවිතයෙන් පසු ස්වෝත්සාහයෙන් ජීවිතය ජයගනී.විවාහය ප්‍රමාද වුවත්

ජීවිතය පුරාම තමාට ආරක්ෂාව හා ආදරය ලබාදෙන සැමියෙකු ලබයි. දරුඵල අඩුය. නිර්භීත එඩිතර ගති පැවතුම් පිහිටයි. ජීවිතයේ මැදි වයසින් පසු සැප සම්පත් බොහෝ ලබයි.

මහපට ඇඟිල්ල වඩාත් පුෂ්ටිමත්ව අන් ඇඟිලිවලට වඩා උස්ව පිහිටයි නම්, ඉතාමත් වාසනාවන්තය. මැරෙනතුරු කිසිඳු දුකකින් තොරව ජීවත්වේ. යස ඉසුරු සම්පත් හා

වාසනාවන්ත දරුවන් ලබයි. සැමියා අධික වියදම්කාරයෙකි.

රෝම අධිකව පාදවල පිහිටයි නම්,

මහන්සියේ තරමට ප්‍රතිඵල නොලබයි. දුක් විඳීන ස්ත්‍රීන්ය. මුදල් ඉපයීමට විශාල වෙහෙසක් දැරිය යුතුය.සුළැඟිල්ල අන් ඇඟිලිවලට වඩා ඉස්සී තිබේ නම්,

දෙබිඩි ගතිගුණ සහිත චරිතවලින් යුක්තය. නිතරම සැමියා රවටයි. සැමියාගේ ආයුෂ කෙටිය.

කලාතුරකින් කෙනෙක් පවුල් ජීවිතය රැකගනී. ජීවිතය තුළ රසවිඳීම් ඉතා අඩුය.

උඩ පැන පැන ඇවිදින කතුන්

හැසිරීම ඉතාම අශෝභනය. ගුණධර්මවලින් හීනය. රහසිගතව බොහෝ දුරාචාරවල නියැළෙයි. දුරගමන්වල නිතර යෙදෙයි. දරුවන්ගෙන් උදව් උපකාර නැත.

පාදවල පිටිපතුලේ නහර අධිකව මතු වී ඇත්නම්,

ඉතාම කලකිරීමෙන් ජීවත්වේ. අනුන්ගෙන් ඉල්ලා ගත් යමකින් එදිනෙදා වේල සරිකර ගනී. ජීවිතය පුරාම දුක් වේදනා විඳීයි. දිළිඳුය. එහෙත් සිල්වත්ය. අදහන ආගමට බෙහෙවින් ලැදිය. මහපටඇඟිල්ලට වඩා දබරැඟිල්ල දිගින් වැඩි නම්,

බොහෝ හිතුවක්කාරියන්ය. මුරණ්ඩුකම ජීවිතය පුරාම පවතී. ඉතාම කටකාරීය. සැමියා සමඟත් දරුවන් සමඟත් අසල්වාසීන් සමඟත් රණ්ඩු කරයි. සැමියාගේ නුගුණ දකී. සැමියා ප්‍රසිද්ධියේ හෙළා දකියි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.