මාදම්පා රාජධානිය සශ්‍රීක කළ තනිය වල්ලභ දෙවිඳු

සැප්තැම්බර් 18, 2020

පුත්තලම දිස්ත්‍රික්කයේ බැතිමතුන් වසරකට ප්‍රධාන ආගමික උත්සව මාලා තුනක් උත්සව ශ්‍රීයෙන් සමරනු ලබයි. 

ඉන් එකක් කිතුනුවන් විසින් තලවිලදීත්, දෙවැන්න හින්දු බැතිමතුන් හලාවත මුන්නේශ්වරම් කෝවිලේදීත්, තෙවැන්න බොදුණුවන් විසින් මාදම්පා පටුනේදීත් වාර්ෂිකව සමරති. 

අගෝස්තු මාසය එළඹෙත්ම බොදු ජනතාව තැනින් තැන තනියවල්ලභ දෙවිඳුන් වෙනුවෙන් නානුමුර මංගල්‍ය මාලාව ආරම්භ කිරීම බොදුණුවන්ගේ පිළිවෙතයි. 

කුඩාවැව පිහිටි දේව මන්දිරයේ වාර්ෂික මංගල්‍ය පසුගිය අපේ‍්‍රල් මස දෙදින තුළ සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව ඉතා චාම් අන්දමින් පැවැත්විණි. සෞඛ්‍ය හේතු නිමිත්තෙන් රාත්‍රී දෙවොල් මඩු නැටුම් මෙවර නොපැවැත්වෙන අතර නියමිත දේව දානය ද අත්හිටුවා ඇත. මෙවර මංගල්‍ය කුඩාවැව ශ්‍රී  පුෂ්පාරාමාධිපති පූජ්‍ය දෙවලපොල සංඝානන්ද හිමිපාණන්ගේ අනුශාසනා මත සිදු කෙරිණ. 

පසු කාලයක දේවත්වයෙන් සලකනු ලැබූ ජනතාවගේ පුද පූජා සත්කාරවලට ලක්වූ තනිය වල්ලභයන් යනු කෝට්ටේ යුගයේ මාදම්පේ ප්‍රාදේශීය රාජ්‍යයේ (මාදම්පා පටුන) රජ කළ සාමන්ත රජ කෙනෙකි. 

ක්‍රි.ව. 1484- 1509 යුගයේ කෝට්ටේ රජ කළ වීර පරාක්‍රමබාහු රජතුමාගේ දෙවන බිසවට දරු දෙදෙනෙක් වූහ. එක් අයෙක් සකල කලා වල්ලභ විය. අනක් කුමරා වූයේ තනියවල්ලභයන්ය. මෙකල කලාවල්ලභයන් උඩුගම්පල රජධානියත් තනියවල්ලභ කුමරු මාදම්පා පටුනත් භාරව යුව රජ තනතුරු දරමින් රාජ්‍ය පාලනයට සම්බන්ධ වූහ. 

එදා උඩුගම්පල රාජධානියට  විදේශීය සතුරු බලවේගවලින් එල්ල වු තර්ජන බොහෝ සෙයින් දැඩි විය. ඒ මෙම ප්‍රදේශයේ මුතුපර, ඇත්දළ හා කෘෂි බව භෝගවලින් පිරුන සශ්‍රීක රාජධානියක් වූ බැවිනි. දකුණු ඉන්දීය ද්‍රවිඩ අධිපතීන් මෙන්ම මුස්ලිම් මුක්කර්වරුන්ද වරින් වර මුහුදුමාර්ග ඔස්සේ කල්පිටිය, උඩප්පුව හා තොඩුවාව ප්‍රදේශ හරහා මාදම්පේ රාජධානිය ආක්‍රමණය කරමින් එහි තිබූ වටිනා සම්පත් කොල්ල කා මුහුදු මාර්ග ඔස්සේම පලා ගියහ. 

මේ හේතුව නිසාම මව් රාජ්‍ය වූ කෝට්ටේ රාජධානියට ලැබිය යුතු සම්පත් නොලැබීම නිසා එම රාජධානිය ද දැඩි අසීරුවකට පත්විය. 

තම රාජධානියත්, යටත් වැසිනුත් මෙම සතුරු ආක්‍රමණිකයන්ගෙන් මුදවාගත යුතු බව අවබෝධ කරගත් මෙම රණශූර රජතුමා, තම එකම සොයුරා වූ සකල කලා වල්ලභයන් හා එක්ව සතුරාට මුහුණ දීමට තීරණය කළේය. එය එසේ වූයේ කෝට්ටේ විසූ තම පිය රජතුමාට 1505 වන විට පෘතුගීසින්ගෙන් කෝට්ටේ රාජධානියට තරජන එල්ල වෙමින් තිබු නිසාය. 

එවකට සතර කෝරළයේ පැවැති කැරැල්ල මැඬ පැවැත්වීමේ සටනේදී මෙම දෙබෑයන් එක සටන් පෙරමුණක හිඳ සටන් මෙහෙය වූ ආකාරයටම සලාවන සටනේදීත්  එක්ව සටන් කළහ. සකල කලා වල්ලභයන් සිය ඇත් වාහනයට නැඟ එක පෙරමුණක ද, තනිය වල්ලභයන් අශ්වයා පිට නැඟ තවත් පෙරමුණක සිට ද්‍රවිඩ ආක්‍රමණිකයන්ට එරෙහිව සාර්ථකතව සටන් වැද යොන් සේනාධිනායකයා ඇතුළු පිරිස හා කදිරායන මුදලියා හෙවත් අදිරාසාරායන් ඇතුළු පිරිස සමූල ඝාතනය කළහ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.