යුගදිවියේ ඇතුළු පැත්ත

සැප්තැම්බර් 18, 2020

යුගදිවිය පිළිබඳව දිගු කලක් තිස්සේ කරන ලද විවිධ නිරීක්ෂණයන් හරහා මෙවැන්නක් ලිවීමට සිත් විය. පැරණි කාලයේ දෙදෙනෙකු හාද වී හෝ යෝජනාවකින් විවාහ වී සාර්ථක විවාහ දිවියක් පවත්වන ලදී. එදා පැවති යුගදිවිය අද තරම් පටු ආකල්පවලින් නොපිරී පැවැතින.

  ලද දෙයකින් මනාව සතුටු වී මිල මුදල්වල අපහසුකම් ඇතත් ඒවා විඳ දරාගනිමින් කාලානුරූපීව යුගදිවි ගත කළ බව ඉතාමත්ම පැහැදිලිය. 

අද වන විට සියල්ලම උඩු යටිකුරු වී තිබේ. එදා දික්කසාදය එතරම් කනට හුරු පුරුදු වචනයක් නොවේ. අද එය රැල්ලක් බවට පත්වී ඇත. ඇයි මෙවැන්නට සමාජය ගොදුරක් බවට පත්වී ඇත්තේ. 

මා දැනට 37 හැවිදිරි විවාහ කතකි. දරු දෙදෙනෙකි. මගේ සැමියා ඉතාම ගුණ යහපත් කමට දැඩි ලෙස ආදරය කර හොඳම කෙනෙකි. කාරුණිකය. මනාව දයාව ඇත. දරු දෙදෙනාට ඉතාම ආදරෙයි. අප දෙදෙනාම ඉතාම සුහදශීලිව විවාහ දිවිය ගෙවමු. නමුත් මගේ සිතට වද දෙන එක්තරා ගැටලුවක් සැඟවී තිබේ. 

මා විවාහ වී මීට පෙර එක්තරා ඡ්‍යොතිෂවේදියෙක් මගේ කේන්ද්‍රය බලා මගේ පළමු විවාහය අසාර්ථක වන බවත්, දෙවැනි විවාහයකට යන බවත්, එය අනිවාර්යයෙන් සිදුවන්නේ යැයි තරයේ පැවසූ බවත් එකී අනාවැකිය ගැන මගේ පූර්ණ කිසිදු විශ්වාසයක් ද ඇත. 

නමුත් වරින්වර අර අනාවැකිය ගැන වරින්වර සිතට නැඟෙනවා. විවාහය අද මට අබමල් රේණුවක් තරම් බියක් සැකයක් නැත. මේ කේන්ද්‍රයක එක පිහිටීමක් නොවේද 

මෙවැනි අනාවැකිවලින් වන්නේ කුමක්ද? තවත් කරුණක් නම් එක්තරා තරුණියක් විවාහ වීමේ මඟුල් නැකත් සෑදීමට ගිය විටදී කේන්ද්‍රය බලා ඔබට ලැබෙන පළමු දරුවා මිය යන බැව් පැවසීම නිසා ඇය විවාහ වීම ප්‍රතික්ෂේප කරන තැනට පත් වූ බැව් දැක්විය හැකිය. මොනතරම් දුෂ්ට ප්‍රකාශද? 

කේන්ද්‍රයක එක අසුබ ග්‍රහ පිහිටීමක් දැක මුළු ජීවිතයම කඩා බිඳ දමන තැනට කේන්ද්‍ර බලා ඵල පැවසීම කෙතරම් දරුණු අපරාධයක් ද? මහා සාපරාධී ක්‍රියාවක් නොවේද? 

ඕනෑම අශුභ ග්‍රහ යෝගයක් ග්‍රහ පිහිටීම් භංගකොට අසුබ ප්‍රතිඵල මඟහරවා සුබඵල උදාකරදෙන අවස්ථා කොතෙකුත් තිබේ. (ඉර පායන විට මඩතෑවේ. බටර් උණුවේ) කේන්ද්‍රයක මතුපිටින් පෙනෙන දෙය නොව බලන දෙය නිරීක්ෂණය කර අනාවැකි පැවසීම බුද්ධිමත්ය. කලබල නොවී ඉවසිලිමත්ව තීරණ ගැනීම බුද්ධිමත් වේ. 

විවාහයක් අසාර්ථක වී හෝ දෙවන විවාහයක් සිදුවන බව සඳහන් කිරීම කළ යුත්තේ විවිධ ක්‍රමවත් ග්‍රහ සාධක මතය. විවිධ ග්‍රහ බලපෑම් හරහා දෙදෙනාගේ ග්‍රහ හැසිරීම් රටාවට අනුගත එක්කොට ප්‍රකාශ කළ යුතුවේ. 

රාහු කේතු 2,7,8  යන තැන්වල සිටීමෙන්ම යුගදිවියේ අසාර්ථක වීමක් දෙදරායෑමක් හැමවිටම සිදු නොවේ. කුජ 7 වැන්නේද එසේමැයි . ගුරු ශුක්‍ර යන සුබයින්ගෙන්ද විවාහයට අසුබ ඵල උදා කරන බැව් ඇත්තකි. ලැබෙන අය සැර පුරුෂයෙකු ,දුෂ්ටයෙකු මෙන් පීඩාකාරි අයෙකු යැයි අනාවැකි පළකිරීමෙන් බියට පත්වීම නොවැළැක්විය හැකිය. 

විවාහයට බියෙන් පසුවන අයද මේ අතර වේ. මෙවැනි පදනම් විරහිත අනාවැකි නිසාම  සැකය බිය සංකාව මුල්කරගෙන විවාහය අසාර්ථකත්වයට පත් කරගන්නා අය ද වේ. 

යුගදිවියක සාර්ථක හෝ අසාර්ථක බව පවතින්නේ ඔවුන් දෙදෙනාගේ අතර පවතින බලපාන විවිධ හේතූන් මතය. කායික හා මානසික බලය ගැන මුලින්ම අවධානය යොමු කළ යුතු වේ. 

එසේ නොමැතිව එක ග්‍රහ පිහිටීමකින් පමණක් සාර්ථක හෝ අසාර්ථක බව ඇති නොවේ. 

(කුජ 7 සිටින අයෙකුට කුජ 7 ම සිටින අයෙකු සොයනවා වැනිය) කුජ අඟහරුට ගසා ඇති රතු ලේබලය නිසාය. කුජ 7 සිටින අයගේ යුගදිවිය කඩා වැටීමට කුජට පමණක් කළ නොහැක. මේ පිළිබඳව පූර්ණ ගැඹුරු පරීක්ෂාවක් කිරීම අනිවාර්ය වේ. 

අද වන විට විවාහය දික්කසාදය වන තැනට පත් වීමට වෙනත් හේතු විශාල සංඛ්‍යාවක් පැන නැඟී තිබේ. දෙමාපියන්, සහෝදර සහෝදරියන්, නෑහිතවතුන් ආදී පිරිස් අතරින් පැන නඟින මූලිකම ප්‍රශ්න උග්‍රවීම හරහා බැව් පැහැදිලිය. 

මගේ සැමියා හරිම හොඳයි. ඒත් ඉන්නට දෙන්නෙ නැත්තේ පවුලේ අයයි. තමාගේ සැමියාට තදින්ම ආදරය කරන සමහර මව්වරුන් නිසාම යුගදිවි කඩා වැටෙන තැනට පත්වේ. ඒවා ඕනෑ තරම් ඇත. යුගදිවියට දෙදෙනාම පමණක් සිටී නම් ප්‍රශ්න ඇති නොවේ. (මෙය අසීරු වැඩකි) විශේෂයෙන්ම සහෝදර පිරිස් අතර යුගදිවියක් ගෙවන අඹුසැමි යුවළකට අපහසු වේ. ඔවුන්ගේ බලපෑම්වලට ලක්වන අවස්ථා උදාවේ. 

බුද්ධිමත්ව තීරණ ගැනීමට දෙදෙනාටම හැකි විය යුතුයි. හැම දෙයක්ම ග්‍රහයින්ට පවරා නිසොල්මන්ව සිටී නම් ග්‍රහයින් හෝ කේන්ද්‍රය ඊට පලි නැත. දෙදෙනාම දෙදෙනෙකි. එකෙකු නොවේ. තමාගේ සිතුම් පැතුම් ඒ ආකාරයටම අනිකාගෙන් ඉටුවිය යුතු යැයි සිතීම මෝඩකමකි. 

කළ යුත්තේ මානසික හැඟීම් සිතුවිලි ගැන අවබෝධයක් ගැනීම පමණකි. 

කුජ /රාහු 2,8 හෝ ශනි කේතු 8 සිටීමෙන් පමණක්ම වෙනත් ග්‍රහ පිහිටීමක් නිසා ගුරු ප්‍රසූතියට බාධා සිදුවේ යැයි එකවර තීරණය කිරීම අවශ්‍ය නොවේ. සමහර විට 6 වැන්නේ කුජ, රාහු, ශනි වැනි පාපීන්ද ගැබිනියන් තුළ තිබීමට හැකිවේ. 

ගැබ් ක්ෂයවීම් ආදියට තුඩුදෙන්නේ නම් ඒ ගැන වඩාත් සැලකිලිමත්වී ප්‍රතිකාර හරහා එවැන්නක් සුවපත් කළ හැකි වන්නේය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.