මල්වර මතිමතාන්තර

සැප්තැම්බර් 11, 2020

සංශාත - භාවප්‍රකාශාදී වැනි    සෘෂීන් විසින් ප්‍රකාශ කර ඇති මතය අනුව, 

දවාදශාද් වක්සරාදු ධව¢ - මාපඤවාශත් සමාඞ සති‍්‍රයාඞ 

මාසිමාසි ගහද්වාරාත් ප්‍රකෘතෛ්‍යවා “තිවංසුවෙත” (භාව ප්‍රකාශ) 

දොළොස් අවුරුද්දෙන් පටන් ගෙන පනස් අවුරුද්ද කෙළවර දක්වා මසක් පාසා ස්ත්‍රීන්ගේ ස්වභාවික රජස්වීම පවත්වන්නේය යනු භාවයයි. 

එසේම, 

තදවර්‍ෂ¡ා දවශාත් කාලෙ - වර්තමාන මාසෘක් පුනඞ 

ජරා පක්ච ශරීරාණාං - යාති පඤ්චාශතඞ ක්ෂයම් 

ඒ රජස්වීම දොළොස් අවුරුද්දෙන් (සෘශාත) 

පටන් ගෙන පනස් අවුරුද්දෙන් මතු ශරීරය පැසී ජරාවට යන තාක් ක්ෂය භාවයට පැමිණෙන්නේ ය යනු භාවයයි. 

මේ අනුව ප්‍රකාශ සළකා බැලීමේ දී අද තත්ත්වයන් අනුව කාලයක් තෙවැනි වන අතර, වෛද්‍ය මතයන් හා පරීක්ෂණයන්ට යොමු කිරීමට සිදුවන අතර ඇතැමුන්ට ගැටලු හා බාධකවලට පත් වන බවද පෙනී යයි. 

බාලිකාවක් මල්වර වීම සමහර දෙමාපියන්ට සතුටකි. මේවාට කලසිට ඇතැම් අය සූදානම් වෙති. පවුලේ තත්ත්වය අනෙකුහට පෙන්වාදීමට අවස්ථාවන් උදාවීමද එක් කරුණකි. තවත් අයෙකුට මෙය කරදරයකි. මෙම චාරිත්‍ර කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමට සිදුවීමක් වන අතර අත හැරීමට නොහැකි තත්ත්වයක් ද උදාවනු ඇත. 

කෙසේ හෝ මෙම සිදුවීම අනුව, 

ප්‍රථම රජො දර්ශනතඞ- ශුභා ශුභං භවතී සර්වනිතානං (වශිෂ්ඨ) 

ප්‍රථම රජෝදර්ශනයෙන් සියලු ස්ත්‍රියන්ගේ ශුභා ශුභ දෙක පවත්නේවේ. එම සිදුවීම යම් ආකාරයට හා කාලය වෙනස් වීමක් අනුව සිදු වුවත් ජන්ම පත්‍ර පරීක්ෂා කර බැලීමෙන් ඔවුන්ට පැමිණෙන්නා වූ සියලු සුබා සුබ ඒ ආකාරයෙන් ප්‍රකාශ කිරීමට දක්ෂ වූ ඡ්‍යොතීර්වේදීන්ට හැකි වන අතර, ප්‍රතමාර්තවයට පැමිණීම ස්ත්‍රීන්ගේ ජීවිතය ප්‍රකෘතිමත් කිරීමක් මෙන්ම දෙවෙනි උත්පත්තියක් ලෙස ලෝකයා සලකයි. 

මල්වරය සිදුවීම විවිධ මතිමතාන්තර මත දැන ගනී. ඒ සිදුවීම අනුව ඡ්‍යොතිර්වේදියකු වෙත ගිය වියට ඔහු විවිධ ක්‍රමයක් උපයෝගී කර ගනිමින් විවිධ පලාපල තොරතුරු දන්වා සිටී. සිදුවූ වේලාවට උදාවූ ලග්නය අනුව ආධුනික ඡ්‍යොතීර්වේදීන්ටත් ඔබටත් දැන ගැනීමට සුදුසු යැයි හැගෙන තොරතුරු රැසක් “පුරාණ මල්වර සිරිත” නමැති ඡ්‍යොතිෂ්‍ය කාව්‍ය සංග්‍රහයේ පලවී ඇත. 

එම කවි පෙළෙහි දක්වා ඇත්තේ විවිධ පලාඵල තොරතුරු නොයෙක් පොත්පත්වල දක්වා ඇති තොරතුරු වලට වඩා වෙනස්ව කවියෙන් දක්වා ඇති හෙයිනි. 

පසුගිය “මල්වර මතිමතාන්තර” ලිපි කිහිපයකින් තොරතුරු දැන ගැනීමට හැකි වී යැයි සිතන අතර විවිධ චාරිත්‍ර කීපයක් මෙසේ ද වෙයි. මෙම චාරිත්‍ර විධි කාන්තාවන් පමණකට සීමා වන අතර සමහරෙකු හිතුවක්කාර කමට සිදු කරන බවද පෙනේ. මොන ආකාරයකින් කටයුතු ඉටු කළත් ඉන් සිදුවන පල විපාකය විඳදරාගන්නේ ඒ කටයුත්ත සිදු වූ තැනැත්තිය පමණකි. 

ජාති වර්ගයන් අතර මෙම චාරිත්‍ර කටයුතු මුස්ලිම් වර්ගයා එතරම් සැලකිල්ලක් නොදක්වන අතර ඇතැමෙක් චාරිත්‍රයට ගරු කරයි. ඇතැම් මුස්ලිම් වර්ගයන් බස්නාහිර ප්‍රදේශය තුළ මල්වරය දැනගත් විගස ළිඳළගට ගොස් හෝ තම නිවසෙහි ඇති නාන කාමරය තුළ දී දිය නාවයි. ඇතැම් අය උදෑසනට ගලා යන දිය පහරක් ළඟට ගොස් නාවයි. නෑවීමෙන් පසු මස්, මාළු සහිත ආහාරයක් පලතුරු දෙයක් සමඟ පැණිරස කැවිලි අනුභවයට දෙයි. 

ඇතැම් මුස්ලිම් අය සිංහලයන්ගේ චාරිත්‍ර මෙන්ම මල්වරය දැනගත් විගස මුළු සර්වාංගයම සුදු රෙද්දෙන් වසා ආරක්ෂාව යටතේ අඳුරු කාමරයක රඳවයි. කාමරයෙන් පිටතට යවන්නේ. එළි පහලියට යන අවස්ථාවට පමණි. කෙනෙකුට එම කාමරයට ඇතළුවීමට කිසිසේත් ඉඩ කඩක් නොදෙයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.