නිරෝගී දිවියක් සඳහා මත්ස්‍ය ආහාර වර්ග

අගෝස්තු 21, 2020

 පෘථිවිය බොහෝ කොට ජලයෙන් මහමුහුදෙන් පිරී පැවැතීම ස්වභාවය වේ. මත්ස්‍ය විශේෂ ප්‍රධාන කොටස් 02 ක් වේ. මිරිදිය මත්ස්‍ය හා කරදිය මත්ස්‍ය ලෙසට වේ. සාගරයේ නොහොත් මහ මුහුදේ ජීවත්වන මත්ස්‍යයන් කරදිය මත්ස්‍යයන් ලෙසට ද, ගංගා, වැව්, පොකුණු, ඇල ආදියේ ජීවත්වන මත්ස්‍යයන් මිරිදිය මත්ස්‍යයන් ලෙසට ද හැඳින්විය හැක.

මත්ස්‍ය වර්ග 

බාහිර පෙනුම හා හැඩය අනුව ප්‍රධාන කොටස් තුනකි. එය මත්ස්‍ය අධ්‍යයනය සඳහා පහසුවන පරිද්දෙන් සකසා ඇත. 

1. කොඳු ඇට සහිත මත්ස්‍යයින් - Vertebrate

2. කවච මත්ස්‍යයින් -  Rabfamily 

3. කබල සහිත මත්ස්‍යයින් - Shell Fish 

මෙයින් පළමු වර්ගය කොඳු නාරටිය හෙවත් හිසේ පටන් වලිගය දක්වා කඳ මැදින් විහිදීයන මුදුන් කටුව සහිත මත්ස්‍යයෝ වර්ග වෙති. කුඩා හා විශාල වශයෙන් දෙවර්ගයටම අයත්වන කුඩා හාල්මැස්සන් සිට තල්මහ දක්වා සියලු මුහුදු, ගංගා, ඇළදොළ, විල්, වැව්, තටාක ආදි මත්ස්‍ය කාංඩ මෙම අංශයට වැටේ. 

දෙවන වර්ගය කොඳු නාරටිය නැති එහෙත් ඒ වෙනුවට ශක්තිමත් වැස්මක් ඇති කකුළු පවුලේ සාමාජිකයන්ය. ඔවුන් ඉස්සන්, කූනිස්සන්, පොකිරිස්සන යන කකුළුවන් වර්ග වෙති. 

තුන්වන කාණ්ඩය දියබෙල්ලෝ, සක් බෙල්ලෝ වැනි ජලජ ජීවීන් ය. මොවුහු ගංගා වැව්පොකුණු, විල්වල මුහුදු හා කලපුවල යන කඩොලාන වැනි වඟුරු බිම්වල ජලාශි‍්‍රතව වෙසෙති. 

වෛද්‍ය මතය අනුව මාළු වර්ග කොටස් දෙකකි. එනම් සුදු මාළු හා වර්ණවත් මාළු ය. 

මාළු වලද ප්‍රෝටීන, මේදය, ජලය හා ඛනිජ, විටමින් පවතී. එසේම මත්ස්‍යයින්ගේ සම්බන්ධක පටක කොලැජන් නැමති රසායනික සංයෝගයකින් යුක්ත බවත් එයින් මාළුවල මෘදුභාවය හා ගුණයට ද හේතුවන බවත් ය. එසේම මාළුවල අඩංගු මේද ප්‍රමාණය කාලය, දේශගුණය හා වයස අනුව වෙනස්වන බවත් 10% ක් පමණ වන බවත් සොයාගෙන ඇත. 

මාළුවල පවතිනා පිළීගඳට හේතුවන්නේ එහි අඩංගු ට්‍රයිමිතයිල් ඇමීන් ඔක්සයිඩ් නැමති රසායනික ද්‍රව්‍යය නිසා ය. මත්ස්‍යයින් මියගිය කල බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන රසායනික සංයෝග ක්‍රියාත්මක වී දුගඳ ඇති කරයි. 

අප ජීවත්වන ලෝකය වඩා වැඩි ප්‍රමාණයක් ඇති මෙම මත්ස්‍ය ලෝකයේ විශේෂයෙන් මුහුදු මාළුවල ප්‍රෝටීන් 15% - 20 % ත් අතර ප්‍රමාණයක් ඇති බවත්, මාළුවල අන්තර්ගත මේද ප්‍රමාණය මත්ස්‍ය වර්ගය අනුව වෙනස්විය හැක. සාලයාගේ මේදය 19% ක් පමණ වන අතර, හාල්මැස්සා ද වේ. එසේම මත්ස්‍ය මසෙහි පොස්පරස්, අයඩින්, යකඩ සහ නයසින් ද අන්තර්ගත වේ. කකුළුවාද, පොකිරිස්සන් ද, මස් රස බව පවසයි. කකුළු මසෙහි ග්ලුකෝස් අඩංගු වන බවද ග්ලයිකෝජන් මත එන්සයිම ක්‍රියාකිරීම නිසා නවච (කටුව සහිත) මසුන්ගේ ප්‍රෝටීන විශාලව අඩංගු වේ. එසේම කැල්සියම්, මැග්නීසියම්, යකඩ, පොස්පරස් හා අයඩින් බහුල ලෙස කකුළු මස්වල පවතී. 

දැල්ලෝ ද භයානක සමුද්‍ර ජීවීන් කොටසක් ලෙස සැළකේ. ඉතාමත් උෂ්ණාධික බව පැවසේ. එසේම දැල්ලාත් අනික් සතුන්ට වඩා පවතින දුඟඳ ද විෂ සහිත කළු පැහැති දැල් වැනි ද්‍රව්‍යයය වේ. එසේම කකුළු වර්ග 1000කට වඩා වැඩි වේ. බූවල්ලා (Octopus) ඉතාමත් බලවත් සමුද්‍ර ජීවියෙකි. බූවල්ලාගේ පාද පිහිටා ඇත්තේ හිසෙහි ය. බූවල්ලාගේ ඇති විශේෂත්වය නම් කටුස්සාට මෙන් උචිත වන ආකාරයට ස්වකීය පැහැය වෙනස් කර ගැනීමේ හැකියාවයි. 

මාළු ගුණ 

අනවශ්‍ය ඇමයිනෝ අම්ල මාළුවල අන්තර්ගත වන හෙයින් ප්‍රෝටීන ශරීරගත කිරීමට ඉතාම සාර්ථක වූ ආහාරය මාළු ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.