පැරැන්නෝ ජලය මිහිරි ජලය බවට පත්කරගත් හැටි

අගෝස්තු 7, 2020

මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් අතර ඉන්න සුදුසු නිවාසයක් හෝ සුදුසු ස්ථානයක්, කෑමට ආහාර හා ජලය නැතිවම බැරිය. 

මේ නිසාම ලෝකය පුරාම ජනාවාස ගොඩනැඟී ඇත්තේ ජල මූලාශ්‍රයන් ආශි‍්‍රතවමය. ඉන්දියාවේ ජනතාව අද පවා ජලය ශුද්ධ වස්තුවක් ලෙස අදහා පුද පූජා පවත්වයි. ගංගා වලට ඔවුන් ගංගා මාතා යැයි ගෞරව බුහුමන් දක්වයි. 

ශ්‍රී ලංකාවේ ද පුරාණයේ සිට ම ළිං, පොකුණු, වැව් ඉදිකිරීමේදී තාක්ෂණ ශිල්පීය ඤණයන් මෙන්ම ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුගමනය කර ඇත. එසේම ජලය පිරිසුදු , සිසිල්, මිහිරි රසයෙන් යුතු ජලය බවට පෙරළා ගැනීමට සොබාදහමෙන්ම ප්‍රයෝජන ගත්තේය. එම නිසා අද මෙන් භයානක වකුගඩු රෝගාබාධ ඔවුන්ට වැලඳුණේ නැත. බීමට, කෑමට වෙන වෙනම ළිං පොකුණු ,නාන තොටුපළවල් සකස් කර ගත් අතර අද එම ක්‍රම පිළි නොපැදීම නිසා ජලය අපවිත්‍ර වීම මෙන්ම බොහෝ ලෙඩ රෝගවලට නිදානය වී ඇත. 

ශ්‍රීමත් වරහමිහිරාචාර්යන් ගේ දගාර්‍ග¡ය හෙවත් කූපශාස්ත්‍ර නැමති ග්‍රන්ථයේ ළිං කැපීමේදී අනුගමන කළ යුතු සෑම කරුණක්ම ශාස්ත්‍රානුකූලව පෙන්වා දී ඇත. පැරණි මුතුන් මිත්තෝ ළිං,පොකුණු වැව්, ඉදිකිරීමේදී මේවා ගුරුකොට ගෙන ඇත. එහි ළිං, පොකුණු, වැව් හැරීමට සුදුසු සුබ නැකත් දහයක් හඳුන්වා දී ඇත. 

හසෙතා මඝානුරාධා පුෂ්‍ය 

ධනිෂෙඨානතරාණි රොහින්‍යඞ

ශතභිෂගිත්‍යාරමෙහ 

කුපානඞ ශෂ්‍යතෙ භගණඞ 

මේ අනුව හත. මා, අනුර, පුෂ, දෙනට, උතුරුපල් ,උතුරුසල, උත්‍රපුටුප. රෙහෙන, සියාවස යන නැකැත් ළිං කැපීමට සුබ නැකැත් වේ. 

ළිං පොකුණු වැව් තැනීමේදි එය නැගෙනහිර සිට බටහිර දෙසට දික්ව සිටිනසේ සකස් කර ගැනීමෙන් ඒවායේ ජලය නොසිඳී බොහෝ කල් රඳා පවතී. සූර්ය තාපයෙන් හා සුළඟින් ජලය වාෂ්ප වීම අඩු කරයි. ළිඳක හැඩය ඍජුකෝණාස්‍රාකාර, රවුම් හෝ ඕවාලාකාර, ත්‍රිකෝණ, අටපට්ටම් ආකාර විය යුතුය. සමචතුරශ්‍රාකාර වීම සුදුසු නැත.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.