කාන්තා දේහ ලක්ෂණ රවුම් මුහුණ  හරිම හොඳයි 

අගෝස්තු 7, 2020

පැරැණි කවියන් ස්ත්‍රීන්ගේ මුහුණ හඳට උපමා කර ඇත. එහෙත් ඇත්තටම ගැහැනියකට හඳමෙන් රවුම් මුහුණක් ඇතැදියි කිව නොහැකි ය. කෙසේ වුවද සාමාන්‍යයෙන් බලන විට මුහුණ වටකුරු බව සත්‍යය. විශේෂයෙන් පැරණි කවියන් එයා සඳමෙන් යයි පැවසුවේ යම්කිසි හරවත් අර්ථයක් ඇතිවෙයි. 

අග්නි පුරාණය වැනි ග්‍රන්ථයන්හි දැක්වෙන පරිදි රවුම් වටකුරු මුහුණ ඇති ස්ත්‍රිය වාසනාවන්තය. සමහර විට රවුම් නොවූ මුහුණු තුළද යම් පියකරු බවක් සිත් ඇදගන්නා සුළු බවක් දැකිය හැකි ය. එහෙත් නාරිදේහ විද්‍යාව අනුව වාසනාවන්ත ස්ත්‍රියකගේ මුහුණ රවුම් ය. මෙය උපතින්ම ගෙනෙන ලද්දකි. පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයන් ඇවතුම් පැවතුම් උප්පත්ති මොහොතේම ශරීරයේ පිහිටා ඇත. ඒ දේහ ලක්ෂණ අනුවයි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ජීවන ගමන තීන්දු වන්නේ. 

වටකුරු රවුම් මුහුණක් ඇති ස්ත්‍රියගේ විශේෂත්වය වන්නේ බුද්ධිමත් බවයි. සත්‍ය වචනයෙහි පිහිටි සෘජුබවයි. ඔවුහු සමාජ හිතකාමීය. නිරායාසයෙන්ම උසස් සමාජ තත්ත්වයක් හිමි වෙයි. ඒ අතරම සෑහෙන අහංකාරත්වයක්, ආඩම්බර බවක් ඔවුන් තුළ ඇත. බොහෝ විට ඔවුන් නිහඬ ය. වටකුරු මුහුණ ඇති තැනැත්තියන්ගේ ඒ සුබවාදී පැවැත්ම මෙන්ම දුර්වලතා ද නැත්තේ නොවේ. විශේෂයෙන්ම ඔවුන්ගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක නැත. සමහර විට ඔවුන් විවාහවීමට අකමැතිය. විවාහ වුවද සෑම විටම සැමියාගෙන් දුරස්තව, ස්වාධීනව ජීවත් වීමට කැමතිය. තවත් සමහර විටෙක මේ අය පැවිදි වීමට ද පෙළඹෙති. සමහර කෙනෙක් කරදර කම්කටොළු මැද නාමිකව හෝ විවාහ ජීවිතය ගෙනයති. ඒ කෙසේ වුවද මෙම කාන්තාවන් පහත් තත්ත්වයට පත් නොවේ. ගැරහුම් ඇනුම්, බැනුම්වලට ලක් නොවේ. ඒ රවුම් මුහුණයි. 

“අපෝ ඒ ගෑනිගෙ මූන දැක්කහම එපා වෙනවා.” කාන්තාවන් ගැන මෙවන් කියමන්ද නොයෙක් විට අසන්නට ලැබේ. සිහින් දිගටි රළු පැහැ ඇති මුහුණක් ගැන විය යුතු ය. ඒ බැලූ බැල්මට කෙනෙකුගේ මුහුණෙහි රළු බවක් පෙනේ නම් ඇය කපටි තක්කඩි ගැහැනියකි. කෲර ගති ඇත්තියකි. 

විශේෂයෙන්ම කම්මුල්වල උඩ කොටස ප්‍රමාණයටත් වඩා සිහින් බවකින් යුතු වේ නම් නියතයෙන් එවන් කතුන් වංචාකාරීන් ය. යම් යම් දැයට දැඩි ගිජු බවක් දක්වනු ඇත. බොරුවෙන් වංචාවෙන් පුද්ගලයන් රැවටීමට දක්ෂය. කෙසේ හෝ අනුන්නට විනකපා ඔවුන් අමාරුවේ දමා තම කාර්යයන් සඵල කර ගැනීමට ඔවුන් දක්ෂය. එබැවවින් දිගටි සිහින් මුහුණ ඇති කතුන්ගෙන් ප්‍රවේශම් වීම වැදගත් ය. මෙවන් මුහුණත ඇතිවිය හැකි තවත් ලක්ෂණයක් නම් ඉදිරියට නෙරාගිය නහයයි. සාමාන්‍ය වශයෙන් නහය පිහිටා ඇති ආකාරයට වඩා සුවිශේෂීව සෘජු ලෙස කෙළින් පිහිටි නහයෙන් මුහුණෙහි තවත් පැවැත්මක් ගැන කියවෙයි. එනම් කාමුකත්වයයි. එමෙන්ම එවන් කතුන් තුළ බිය සැක නැත. ලජ්ජාවක් නැත. කෙසේ වුවද මේ ලක්ෂණ පිහිටි මුහුණු නිතර දක්නට නොලැබෙයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.