සිංහල සංස්කෘතිය හා බැඳුණු විවාහ චාරිත්‍ර

මැයි 10, 2019

2019 මැයි මාසය මේ වසරේ උදාවන ඉතාමත් සොඳුරුතම වාසනාවන්ත පින්බර මංගල මාසයකි. විශේෂයෙන් විවාහ මංගල උත්සව බහුතරයක් යෙදෙන අතිශය සුබ නැකැත් උදාවන මාසයක් ලෙස මෙම මැයි මාසය හෙවත් වෙසක් මාසය හැඳින්විය හැකිය. එසේනමි විවාහ මංගල උත්සවයේ සැබෑ අරුත හා එහිදී අනුගමනය කළ යුතු සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර පිළිබඳව විමසා බැලෙන කාලීන ලිපියකි. මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි.

එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය, හා මරණය හෙවත් මනුෂ්‍යාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. පෙරුම් පුරා වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යොජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන විවාහය, එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩ ඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍ය විවාහයයි. අපට අවශ්‍ය ලෙස කළ යුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන විවාහය, නමුත් අප පාලනය නොකරන එකම සාධකයද විවාහයයි.

මා එසේ පවසන්නේ ඇයි ? එයට හේතු රාශියක් ඇත. එම හේතු මොනවාද ? අපේම විවාහය අපට අවශ්‍ය ලෙස පැවැත්විය නොහැකිද? මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එම කාලීන මාතෘකාවයි. ජ්‍යොතිෂය විවාහය තුළදී අත්‍යවශ්‍ය සාධකයකි. විවාහයේ මුල සිට අගටම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සහාය ලබාගැනීම පුරාණයේ සිට අද දක්වාම ලාංකික සමාජයේ පැවත එන සාම්ප්‍රදායික චාරිත්‍රයකි. එසේ නම් ඒ උතුම් වටිනා ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිවැරදිව අප විවාහය තුළට යොදා ගත යුතු නොවේද? එවිට විවාහයේ ගැටලු බොහෝ දුරට අඩු වනු ඇත.

නමුත් වර්තමාන විවාහ මංගල උත්සවවලදී අප ඡ්‍යොතීෂවේදීන් ලෙස දැක ඇති අඩුපාඩු රාශියකි. විවාහ පොරොන්දම් බැලීමේ සිට විවාහ උත්සවය අවසානය තෙක්ම මෙම අඩුපාඩු රාශියම දැක ගත හැකිය. සමහර දෙමාපියන් මෙන්ම යුවතිපතියන්ද පොරොන්දම් පවා බලන්නේ තමාට අවශ්‍ය නිසා නොව අන් අයගේ අවශ්‍යතාව මතය. සමහරුන්ට ඒ ගැන විශ්වාසයක් නැත. තවත් අයට ඒ ගැන අවබෝධයක් නැත. තවත් කෙනෙක් ඒවා ගණන් නොගනී. ජීවිතයේ වැදගත්ම මෙන්ම වටිනාම අවස්ථාව වන විවාහ මංගල උත්සවය වර්තමාන සමාජයේ අදාල විවාහක යුවළගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ පාලනයෙන් තොර වූවක් බවට පත් වී ඇත.

 එයට හේතුව වන්නේද ඔවුන්ගේ නොදැනුවත්කමයි. අද විවාහය සිදු වන්නේ හෝටලයේ දින ඉතිරි වී ඇති ආකාරය, රූපලාවණ්‍ය ශිල්පීන්ගේ අවශ්‍යතා ඥාාතීන්, යාළුවන්, හිතවතුන්ට සහභාගී විය හැකි දින, සේවා ස්ථානයේ නිවාඩු ගත හැකි දින, විවාහයට ආහාර සපයන්නන්ගේ ඉතිරි හා ඔවුන්ට අවශ්‍ය, හැකි දින,ඡයාරූපකරණයේ නියුතු කැමරාකරුගේ අවශ්‍යතා වැනි බාහිර පුද්ගලයන්ගේ අවශ්‍යතා මතය. මංගල උත්සවයේදී කැමරාකරුගේ අණට යුවළට අවනත වීමට සිදුවන අවස්ථා බහුලව දැක ගත හැකිය. විටක මනාල යුවළ රංගන ශිල්පීන්ටත් වඩා දක්ෂ විය යුතුය. සමහර අවස්ථා ටෙලි නාට්‍ය රූගත කිරීම් වැනිය. නමුත් මේ කෙසේ වුවත් අවසානයේ ජයාරූප ඇල්බම් ස්ටුඩියෝවල ගොඩ ගැසී ඇත.

විවාහ මංගල උත්සව සඳහා නැකැත් සෑදීමට අප වෙත පැමිණෙන සේවා දායකයින් කරනු ලබන ප්‍රකාශ නිසාද අපද විටෙක අපහසුතාවයට පත්වන අවස්ථාද ඇත. කෙනෙක් මට අසවල් දිනේදී නැකැත් සාදා දෙන ලෙස පවසන අතර තවත් විටෙක අපේ අසවල් ඥාාතියා, මිතුරා පැමිණෙන්නේ මෙම දිනයට බැවින් එයට අදාළව නැකැත් සාදා දෙන ලෙසද පවසයි. නමුත් කිසිදු අවස්ථාවක එසේ හදිස්සියේ ක්ෂණිකව ඵලදායි නැකතක් සෑදිය නොහැකිය. උගත් අවංක ජ්‍යොතිෂවේදියා කිසි විටක එසේ දඩි බිඩි නැකැත් නොසාදයි. නමුත් සමහර ඡ්‍යොතිෂවේදීන් පෙරැත්ත නිසාම එසේ සේවාදායකයාගේ අවශ්‍යතාවය සපුරන අවස්ථාද ඇත. නමුත් එවැනි නැකැත්වල කිසිදු ඵලදායිතාවයක් නම් නැත. අද උසාවිවල දික්කසාද පෝලිම දික් ගැසී ඇත්තේ මේ නිසාවෙනි. විවාහයකට යුවළකට නැකැත් සෑදීම ඉතාම භාරදූර කාර්යයකි. දෙදෙනාගේම උපන් නැකතට ගැළපෙන දිනයක් සොයා ගැනීම මෙන්ම ඊට අදාළ තවත් කටයුතු රාශියක් නිසා නැකැතක් ගැනීම ඉතාම භාරදූර කටයුත්තකි.

එය කල්වේලා ඇතිව ඡ්‍යොතිෂ්‍යානුකූලව සිදුකිරීම තුළින් ඉහත ගැටලු බොහෝ දුරට විසඳා ගත හැකිය. නමුත් අද විවාහයේදී සාම්ප්‍රදායික නැකැත් චාරිත්‍රයට මුල් තැන දෙනවා වෙනුවට පුහු බාහිර සෝබන කටයුතුවලට මූලිකත්වය දී ඇත. නැකත හාස්‍යට ලක් වී බාහිර ආටෝප සාටෝප ඉදිරියට පැමිණ ඇත. මධුවිත, සත්ව මාංශ කන් බිහිරි කරවන සංගීත නාද වැනි දේ විවාහ සතුට උදුරාගෙන ඇත. විවාහයේ පරමාර්ථයන් පලා ගොස් ඇත.අවසානයේ මනාල යුවළ අනාගත ණයකාරයන් බවට පත්වී ඇත. මනාලිය නිවසින් පිටවීම, මනාලයා නිවසින් පිටවීම, පෝරුවේ චාරිත්‍ර, දෙවන දිනයේ යුවළ නිවසට පැමිණීම වැනි ඉතාම වැදගත් කටයුතුවලට අදාළ නැකැත් අද විවාහ උත්සවවල ඉටු නොවන තරම්ය. මනාලිය නිවසින් පිටවීමට රූපලාවණ්‍ය හරස් වී ඇත. මනාලිය නිවසින් පිටවීම, මනාලයා නිවසින් පිටවීමට ඡයාරූපකරණය හරස් වී ඇත.

පෝරුවේ චාරිත්‍රවලදී අවශ්‍ය අෂ්ටක නොකියවන තරම්ය. එයට කාලය හරස් වී ඇත. එම කාලය ඡයාරූපකරණයට ගත වී හමාරය. රූපලාවණ්‍ය කටයුතු, ඡයාරූපකරණය, සංගීතය, වැනි දෑ අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් යොදා ගත යුතුය. ඡයාරූප, රූපලාවණ්‍ය නිසා විවාහය නොව විවාහය සඳහා ඡයාරූප, රූපලාව්‍ය විය යුතුය. මනාල යුවළ දෙවන දින නිවසට පැමිණෙන්නේ ඉර අවරට ගියාට පසුවය. ඉතින් ඉර අවරට ගිය පසු සුභ නැකැත් කොහින්ද? විවාහයේ මූලිකම පරමාර්ථය සමාජයට යහපත් නිරෝගී දරු පරපුරක් ඛිහි කිරීමයි.

ඒ සදහා මනාල යුවලගේ ප්‍රථම එක් වීම සඳහා ඊට අදාළ සුබ නැකතක් විය යුතුය. නමුත් අද ඒ සඳහා නැකැත් නොසාදන තරම්ය. මනාල යුවළද දින ගණනක චාරිකාවකින් පසු සිටින්නේද විඩා බර ගතකින් හා මනසකිනි. එවැනි අවස්ථාවක නිරෝගි දරුවෙකු ඛිහි විය නොහැකිය. සියලු දෙනා මෙසේ නොවුනත් බහුතරය මෙසේ හෙයින් මෙවැනි ලිපියක් ලිවීමට සිත් විය. එසේ නම් ඔබගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් වන විවාහ මංගල උත්සවය අනුන්ට උවමනා ලෙස නොව තමුන්ට උවමනා ලෙස චාම්ව නමුත් වැදගත්ව සුබ නැකතට මුල්තැන දෙමින් ජ්‍යොතිශානුකූලව පැවැත්වීමට ඔබත් උත්සාහ කරන්නේනම් ඉතා අගනේය. එවිට එය අනුන්ගේ වූ තමුන්ගේ විවාහය ක් නොවනු ඇත.

එය තමුන්ගේම සුබම සුබ විවාහයක් වනු ඇත. ඉහත ආකාරයට නිසි අයුරින් විවාහය සැලසුමි කොට පැවැත්වීමත්, පහත සඳහන් සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමත්, හෙළ බෞද්ධයාගේ දෙවන උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර නිසි පරිදි අනුගමනය කිරීමත් අපගේ හෙළ විවාහ සංස්කෘතිය රැක ගැනීමට මහත් වූ රුකුලක් වනු ඇත. සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර පොරොන්දම් බැලීම විවාහ යෝජනාවකදී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිදුකළේ ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් පිළිබඳවය.

 

ඡ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම,
සම්පත් එස් කල්පගේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.