විවාහය ප්‍රමාද වුණේ ඇයි?

අප්‍රේල් 19, 2019

විවාහය තරුණ තරුණයින්ට ජීවිතයේ සන්ධිස්ථානයක් වගේම වැදගත් කාර්යයක්. ඒවගේම ස්වකීය වර්ගයා බෝ කිරීම යුතුකමක්. රටක තම වර්ගයා බෝ නොවීම දියුණු නොවීමට හේතුවක් වනවා.

ඒ අතරම හිතන්න ඕනෑ බොහෝ දේවල්ද නැත්තේ නොවේ. කිසියම්ම රටකට ඔක්කොමල වෛද්‍යවරු හෝ ඉංජිනේරුවරු අවශ්‍ය නැහැ. අනික ලොකු මිනිසුන් බිහිවීමත් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ යහපත් රටවැසියන්. පුංචි කාළේ ලොකු ඉස්කෝලේ මහත්තයා කියල දුන්නේ.”එක පුං සඳින්’ දුරුවෙයි ලොව ගණ අඳුරු” කියල මතකයි නේද?

ගමේ ගොඩේ භාෂාවෙන් කිව්වේ පවුලක්, පන්සලක් වෙනව කියල. පුංචියට හිතුවට විශාල අරුතක් තිබෙන වාක්‍යයක්. මේකත් හරියට දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග වගේම තමා. සමහර සහකාර සහකාරියෝ ලැබෙනව පෙර පිනට පවට දෙකටම.පිනට ලැබුණොත් කතරගම තමා. හැබැයි වරදුනොත් අතරමග සිටින්නට වත් බැරිවෙනවා. ඒ තරමටම කරදරයි. මේ දෙකින් කොයි එක ලබන්නත් විවාහ වන්න ඕනෑ නේ. එහෙනම් තවම විවාහයක් නොවුනේ ඇයි. විවාහයක් ඉක්මන් කිරීම කොයිහැටි උනත් ප්‍රමාද කරන්නෙ සෙනසුරා බව මේ වගේ ලිපි කියල දැනුවත් වෙලා ඔබ දැන්. වැඩි විස්තර කෙසේ වෙතත් ඕනෑම විවාහයක් ප්‍රමාද කරන්නෙ ඔය පාපි සෙනසුරා බව අද දැනගන්නකෝ. එහෙනම් සෙනසුරා විවාහයක් දෙන්නෙ නැද්ද. එහෙම නැහැ සෙනසුරා විවාහයක් නොදී ඉන්නෙ නැහැ. දෙන්නෙ ප්‍රමාද වෙලා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ගුප්ත විද්‍යාධර භාරත භාෂ්කර

ශිරෝමනි ( සම්මාන)

ඡ්‍යොතිෂ විද්‍යා සහතික ලාභි

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.