2019 නව වසරේ නැකැත් පලාපල

අප්‍රේල් 12, 2019

උදාවන්නා වූ 2019 නව වසරේ ඔබේ ජන්ම පතේ සඳහන් ඔබ උපන් ජන්ම නැකත අනුව මේ වසරේ සුබ අසුබ මෙන්න

අස්විද නැකත

අස්විද නැකතින් උපන් ඔබට මේ නව වසර තුළ ඔබගේ ආදායම් මාර්ග සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමට ද මෙම වසර සුබයි. දරුවන්ගේ ප්‍රශ්න හා ඒ සම්බන්ධ කටයුතු වල දී යම් යම් අර්බුධකාරී තත්ව ඇති වනු ඇත. තරග විභාග වලින් ජය හිමිවන කාලයකි. නඩු හබ වලින් ජය ගත හැකිය. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. මංගල කටයුතු සඳහා මෙම කාල සීමාව යම් පමණක යහපත් කාලයකි. බලාපොරොත්තු වූ කාරණයක් වසර අග භාගයේ ඉටුවනු ඇත. රවි, ගුරු හා ශනි යන මහ දශා හෝ අතුරු දශා ගත කරන අයට මෙම වසර යහපත් අතර අන් අයට එතරම් යහපත් නොවනු ඇත.

බෙරණ නැකත

ඔබට මෙම වසර තුළ නැකැත් ග්‍රහ බල අනුව මධ්‍යස්ථ සුබ ඵල උදා කරනු ඇත. ඈත පළාත් වලට යාමට සිදු වන අතර නිකරුණේ ගමන් බිමන් ද යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණ ධර්ම හීන වන කාලයකි. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. නමුත් ඔබ කාලයක් බලා සිටි එසේම බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. රැකී රක්ෂා හා රාජකාරි කටයුතුවලදි බාධා එල්ල විය හැකි බැවින් අවධානයෙන් සිටීම ගෝචර වනු ඇත.

කැති නැකත

දේපළ සම්බන්ධයෙන් ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. කෙසේ වෙතත් බලා සිටි විදේශ ගමන් වලට එක්විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇති වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. නමුත් එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත් ය. බුධ, ගුරු හා චන්ද්‍ර මහ දශා හෝ අතුරු දශා ගත කරන අයට ද යහපත් වනු ඇත.

ඡ්‍යොතිෂවේදි වාස්තු විද්‍යා උපදේශක,බණ්ඩාරගම සම්පත් එස්.කල්පගේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.