සූර්ය වන්දනය රාවණා රාජ යුගයෙන් පැවති

අප්‍රේල් 12, 2019

සූර්යයා සහ චන්ද්‍රයා දෙවිවරුන් ලෙසින් සැලකීම මානව ශිෂ්ටාචාරයේ දී මිනිසා සකස් වූ අන්දම විද්වතුන් විසින් පහදා දී ඇති කරුණකි. මේ පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා මෙසේ සඳහන් කරයි.

මනුෂ්‍ය වර්ගයා තැනින් තැන යමින් සිටි කාලයේ දී කියැවීම දැනගන්නට පෙර සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ මෙන්ම අනිකුත් ග්‍රහයන්ගේ වෙනස්වීම් ගැන දැන ගැනීමට දක්ෂතාවයක් තිබුණි. ඔහු නිත්‍ය වාසභූමි ඇතිකරගෙන (කෘෂිකර්මයෙන්) ගොවිතැනින් ජීවත් වන්නට පටන්ගත් අවධිය ඉතා වැදගත් ය. ඒ කාලයේ දී ධාන්‍ය වැපිරීම ආදී කටයුතුවල යෙදුණි. ඒ සඳහා කාලගුණ විපර්යාසය වෙනස්වීම ගැන දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. වැසි කාලය නියං කාලය, සීත කාලය ගැන සූර්යයා දෙස බැලීමෙන් දැන ගැනීමට හැකිවිය. මෙසේ අවුරුද්දේ බෙදීම සූර්යයාගේ ගමන් කිරීම අනුව කර ගත්තේ ය. එසේම රාත්‍රිය කාලයට එළිය දෙන චන්ද්‍රයා අනුව මාසය බෙදා ගත්තේ ය. වැස්ස අව්ව නොවරදවාම ලබා ගැනීම සඳහා දෙවි දේවතාවුන්ට පුද පූජා කිරීමට ද මිනිස්සු පුරුදු වී සිටියහ. ඒ අතර සූර්යයාට ආදි කාලයේ සහ චන්ද්‍රයාට පුද පූජා පවත්වා ඇත. සූර්ය වන්දනයේ අතීතය එබඳු ය. (ශාස්ත්‍රීය ලිපි හා කථා ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ පි. 236 – 237 – (1971) )

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ

සිරිසමන් විජේතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.