බුදුරද කිඹුල්වත බලා වැඩම කළ මැදින් පොහොය

මාර්තු 15, 2019

සිදුහත් මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වූයේ මීට වසර දෙදහස් හයසිය අටකට පමණ පෙර ය. බුද්ධත්වයෙන් අටවන මාසයේදී උන්වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ මහියංගණය පුණ්‍ය භූමියටය. ඒ දුරුතු පසළොස්වක පොහොදා ය.

එයින් මාස දෙකකට පසු එනම් මැදින් පුර පොහෝදින බුදුපියාණන් වහන්සේ තමා ගිහිකල වසර විසි නවයක් ජීවත් වූ පීතෘ භූමියවන කිඹුල්වත් නුවර බලා වැඩම කළේ කාළුදායි මහරහතන් වහන්සේගේ ඇරයුමෙන් ය. එම මහා පාගමනට වසර දෙදහස් හයසිය අට වසරක් මෙම පොහොදිනට සපිරෙනු ඇත.

බුදුරදුන්ගේ මෙම වැඩමවීමෙන් පසු ශ්‍රී සම්බුද්ධ ශාසනයට සුවිශේෂී මහරහතන් වහන්සේලා රාශියක් බිහිවූහ. එතුළින් බුදු සසුනේ චිර ජීවනයට ලද පිටිවහල සුළුපටු නොවේ.

සුදොවුන් මහ රජු සිදුහත් කුමරුන්ගේ ගිහිගෙය හැරයෑම පිළිබඳව සිටියේ මහත් කනස්සල්ලෙනි. සිය චරපුරුෂයන් යොදවා තම පුත් කුමරු පිළිබඳව බොහෝ තොරතුරු සොයාගත් සුදොවුන් රජු තම පුතුගේ බුදුබව අත්කර ගැනීමේ වෑයමට සිතින් ආශිර්වාද කළහ. සිදුහත් බෝසතාණෝ බුදුබවට පත්වූ ආරංචිය සැලවීමත් සමඟම සතුටට පත්ව උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමකරගෙන පැමිණීම සඳහා දහසකගෙන් පමණ සමන්විත සේනාවක් සමඟ ඇමැතිවරයෙකු පිටත්කර යැව්වේ ය. මාසයක් ගිය ද ඒ ගිය කිසිවෙකු ආපසු පැමිණියේ නැත. මේ අයුරින් නව වාරයක් දහස බැගින් සේනාවක් සහිතව ඇමැතිවරුන් නවදෙනෙකු පිටත්කර හැරිය ද සිදුවූයේ බුදුරදුන් සමීපයට ගිය ඒ සියලුම සේනාවන් සහ ඇමතිවරු රජුගේ පණිවිඩය නොදන්වාම බුදුරදුන් හමුවේ පැවිදි බවට පත්ව රහත් භූමියට පත්ව සසර සයුරෙන් එතෙරවීමය. මේ අයුරින් මසින් මස බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා දහස බැගින් වර්ධනය විය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.