පවුල් ජීවිතයේ නියම සතුට විඳීන්න නම් සැමියා දුම්පානයෙන් මුදවා ගන්න

අගෝස්තු 6, 2021

 

දුම්පානය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් සෑම තත්පර 6 කට වරක් ලෝකයේ කොහේ හෝ රටක එක් පුද්ගලයකුගේ මරණය සිදුවේ. දුම්පානයට ඇබ්බැහි වීමෙන් පෙණහලු පිළිකා, මුඛ පිළිකා, මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීමේ ඉහළ ප්‍රවණතාවක් පවතී. දුම්පානය නිසා අධික රුධිර පීඩනය, හෘදයාබාධ ආදී රෝගවලට ලක්වීම ඉතාම ඉහළය.

 

වසර 8 – 10 පමණ කාලයක් තිස්සේ දුම්පානය කිරීමෙන් ස්නායු බෙහෙවින්ම දුර්වල වේ. එලෙසම වඳභාවය මෙන්ම ලිංගික බෙලහීනතාවයට දුම්පානය සෘජුවම හේතුවක් වේ. දුම්පානය නිසා අධික රුධිර පීඩනය, හෘදයාබාධ ආදී රෝගවලට ලක්වීම ඉතාම ඉහළය.

වසර 8 – 10 පමණ කාලයක් තිස්සේ දුම්පානය කිරීමෙන් ස්නායු බෙහෙවින්ම දුර්වල වේ. එලෙසම වඳභාවය මෙන්ම ලිංගික බෙලහීනතාවට දුම්පානය සෘජුවම හේතුවක් වේ.

දුම්පානය මඟින් ශරීරයේ හෝමෝන ශ්‍රාවය වීම ඉහළ යාමෙන් නාඩි වැටීම මෙන්ම හෘදයේ කි‍්‍රයාකාරිත්වය ද අසාමාන්‍ය ලෙස ඉහළ යයි. දුම්පානය කරන්නෙකුගේ හුස්ම ගැනීමේ වේගය දුම්පානය නොකරන පුද්ගලයන්ට වඩා වැඩිය. එයද අහිතකර තත්ත්වයකි.

 

ඔබත් දුම්පානය කරන්නන් ඇසුරු කරනවාද?

දුම්පානය නොකරන පුද්ගලයන් දැන හෝ නොදැන බොහෝ විට දුම්පානය කරන පුද්ගලයන් ඇසුරු කරති. මෙහිදී සිදුවන්නේ ඉතා බරපතළ වරදකි. සිගරැට්ටුවක් දල්වාගෙන මහත් උජාරුවෙන් ඔබ සමඟ පිළිසඳරේ යෙදෙන ඔබේ මිතුරා, අසල්වැසියා නිසා ඔබ නොදැනුවත්ම අකී‍්‍රය දුම්පානයට බඳුන් වේ. සමහර විට සැමියා දුම්බොන අයකු නම් ඔහු ඇසුරේ සිටින බිරිඳ, දූ දරුවන් ආදීන්ද මෙලෙස බහුලව අකී‍්‍රය දුම්පානයට ගොදුරු වේ. ගැබිනි මවක් අකී‍්‍රය දුම්පානයට ලක්වීමෙන් අඩු බර උපත් දරුවන් මෙන්ම විවිධ ආබාධ සහිත දරුවන් ඉපදීමට එය දැඩි බලපෑමක් කරයි. කුඩා දරුවෙකු අකී‍්‍රය දුම්පානයට ගොදුරු වීමෙන් නිසැකවම ඇදුම රෝගය වැනි බරපතළ ශ්වසන රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩද පවතී. මේ අනුව ඔබේ සැමියා, හිතවතා, අසල්වැසියා, කුළුපග මිතුරා ඔබ ඉදිරියේ දුම් බොනවා නම් වහාම එය නවතා දැමීමට (වැළැක්වීමට) උත්සාහ ගන්න. එසේ කළ නොහැකි නම් වහාම එතැනින් ඔහු කෙරෙන් ඉවතට යන්න.

 

දුම්පානය නිසා ඇතිවන දීර්ඝ කාලීන අහිතකර බලපෑම්.

මොළයට රුධිරය සපයන රුධිර නාලවල අවහිරතා ඇතිවේ. මෙයින් මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීම් ඇති වීමට ඉඩකඩ පවතී. එවැනි තත්ත්වයකින් එම පුද්ගලයා “ආඝාත” තත්ත්වයට පත්වේ.

දුම්පානයට ඇබ්බැහි වූ තැනැත්තා හැම අතින්ම වයසට වඩා මහලු පෙනුමක් ඇත්තෙකු බවට පත්වීම වැළකිය නොහැකිය. ශ්වසන පද්ධතියේ කි‍්‍රයාකාරිත්වය දුර්වල වීම නිසා හෘදයාබාධවලට ලක්වීමේ වැඩි ශීඝ්‍රතාවයකට මුහුණ දෙයි.

කිරීටක ධමනි සිහින් වීමෙන් සෘජුවම හෘදයාබාධ වලට ලක්වේ. සිරුරින් අධික දුර්ගන්ධයක් පිටවේ. මුඛ දුර්ගන්ධයද ඉහළ යයි. ආහාරවල රසය නිසියාකාරව නොදැනීම නිසා ආහාර අරුචිය ඇතිවේ. එලෙස සමබල ආහාර වේල් දිගින් දිගටම මඟ හැරීමෙන් ශරීරය වැහැරී යයි.

ඇස් පෙනීමේ දුර්වලතාවයන්ට ලක්වේ.

ලිංගික ශක්තිය දුර්වල වීමෙන් ඇතිවන පවුල් ජීවිතයේ අතෘප්තිය නිසා දැඩි මානසික පීඩාවන්ට ගොදුරු වේ.

 

දුම්පානයට සමුදීමෙන් ඔබට ලැබෙන වාසි

දුම්පානයට ඇබ්බැහි වූවකු ඉන් මුදවා ගැනීම බෙහෙවින්ම අපහසු කරුණකි. සිගරට් දුමෙහි අඩංගු බොහෝ විෂ රසායනික අතර පෙරමුණේ පසුවන ‘නිකොටීන්’ නම් ඇබ්බැහිකාරකය එතරම්ම බලවත්ය. යම් ආකාරයකින් ඔබ දුම්පානයෙන් අත් මිදීමට තීරණය කළහොත් එය ඔබ ජීවිතයේ ලද වාසනාවන්තම ප්‍රතිලාභයයි. ත්‍යාගයයි. දුම්පානය අත්හළදා පටන් ඔබ අත්විඳීය හැකි ප්‍රතිඵල කීපයක් මෙසේය, උදෑසන අවදි වූ විගස වෙනදා නොදැනුණු අමුතු ප්‍රබෝධයක් දැනෙනු ඇත.උදෑසන තේ කෝප්පය මෙන්ම උදෑසන ආහාර වේලද තුළින් බෙහෙවින්ම ප්‍රනීත රසයක් දැනෙනු ඇත. පලතුරු යුෂ වීදුරුවක් බොන අවස්ථාවක දී ඔබ මෙතෙක් කලක් සිදුකළ අනුවණකම පිළිබඳව ආත්ම ලැජ්ජාවක් ඇතිවනු ඇත.

වෙනදා සිගරට් වෙනුවෙන් කළ වියදම් ඉතිරි වීමෙන් ඔබේ පසුම්බියේ වැඩි මුදල් වටිනාකමක් ඉතිරිවනු ඇත.බිරිඳ හා දරුවන් ද, මිතුරන් හා අසල්වැසියන්ද ඔබ ආදර්ශමත් පුද්ගලයෙකු බව ප්‍රශංසාත්මකව පවසනු නිසැකය.නිතරම ඇති වූ හුස්ම ගැනීමේ අපහසුව දුරු වී හෘදයාබාධ අවදානමෙන් ඔබ මිදෙනු ඇත.පිළිකා ඇතිවීමේ අවදානම ඔබ තුළින් පලායනු ඇත.‍

දුම්පානය නැවැත් වූ පසු

කිසිවෙකු නොසිතූ පරිදි දුම්පානය අත්හැරීම පිළිබඳව විශාල හැඟීමක් ඔබ ගැන ඔබ තුළ සාඩම්බරයෙන් ගොඩනඟා ගන්න. එම සතුට නිතරම සිතින් මෙනෙහි කරමින් සමරන්න. සිගරට් මිල දී ගැනීමට වෙනදා දෛනිකව වියදම් කළ මුදල් ආරක්ෂිත ලෙස කැටයක දමා එකතු කරන්න. ඔබ දුම්පානය නතර කළ දින දිනපතා ඔබට ඉතිරි වන මුදල ඔබට දැනෙන සතුට දිනපොතක හෝ වෙනම පොතක නොවරදවාම සටහන් කරන්න. සිගරැට්ටුවක් උරණ අන් අයෙකු දැකීමෙන් හෝ ඔබටද සිගරට්ටුවක් දැල්වීමට ඇතිවන ආශාව මැඩගෙන “මම දැන් දුම් නොබොන අයෙක්මි” යන වටිනා සාඩම්බර සිතුවිල්ල සිතේ ඇතිකරගන්න. ඉඳීහිටක සිගරැට්ටුවක් දල්වාගෙන පානය කිරීමට සිතුණහොත් එම සිතුවිල්ල කිසිසේත්ම කි‍්‍රයාවට නොඟන්න.

 

ඔබේ දැඩි අවධානයට

දුම්බීම නැවැත් වූ පසු මඳ කලක් යනතුරු සිතේ කාන්සියක්, මානසික බිඳවැටීමක්, ශාරීරික අපහසුකම් වලින් ඔබට නිතරම වෙහෙසක් දැනෙනු ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීමට පහත සඳහන් දේට හුරුවන්න.එළවළු, පළා වර්ග හා පලතුරු ආහාරවේලට වැඩි වශයෙන් එකතු කර ගන්න.මස් වර්ග ආහාරයට ගැනීම අවම කරන්න (මේදය අධික ආහාර) මත්පැන් පානය කරනවා නම් එයද මදින් මඳ හෝ අඩුකර සහමුලින්ම නවතා දමන්න.

දිනපතා ස්නානය කර ශරීරය පිරිසිදුව තබාගන්න. හෘදය හා පිළිකා තත්ත්වයන් පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ නිසියාකාරව සිදු කරන්න.

සමහරු දුම්පානය අත්හළ පසු බුලත්විට කෑමට පෙළඹේ. කිසිම ආකාරයකින් බුලත්විට කෑමට සිත යොමු කිරීමෙන් වළකින්න.දිගු කාලයක් දුම්බීමෙන් කහ පැහැයට හැරුණු ඔබේ දත් දිනපතා දෙවරක් බැගින්වත් පිරිසිදු කරන්න.

 

 

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.