විවාහය පමා වන භූමි සහ වාස්තු දෝෂ

මාර්තු 19, 2021

වාස්තු විද්‍යාවේ සඳහන් පරිදි ඉඩමක උතුර හා නැගෙනහිර දිසාවට ජල බස්නාව ජලය බැස යන්නේ නම් ඉතාම සුබයි. දකුණට වැසි ජලය බැස යාම අසුබයි. උතුර හෝ නැගෙනහිර දිසා තුළ ගල්තලා හුඹස් ආදිය පිහිටීම නිසා එකී ඉඩමේ වාසය කරන අයගේ විවාහය ප්‍රමාද වේ. එවැනි අශුභ ඉඩම්වල වාසය කිරීම සුබ නැත.

 

එකී ප්‍රදේශ උපක්‍රමශීලීව සක්‍රීයකර ගන්න. එමගින් විශ්ව ශක්තිය නිවසට ලැබේ. වැසිකිළි, ගරාජ, කුස්සිය, පඩිපෙළ, උස් කණු පමණක් නොව ඉතා උස් ගස්ද ඉවත් කළ යුතු යි. විදුලි මීටර්, ඒ.සී යන්ත්‍ර ඉඩමට ප්‍රවේශ දොරටු, ගේට්ටු අන්ධ බිත්ති අයහපත් ය.

බුදු මැදුර, පූජා ස්ථාන, ළමා කාමර, අධ්‍යාපන හා පුස්තකාල, කාමර ඉඩමේ, පොකුණු ආදියට ඉතාම සුබයි. මේ අංශය සක්‍රීය කරගන්න. මුළුතැන්ගෙය, ළමා කාමර, ගරාජය, සේවක කාමර (ගබඩා ආයුධ) අභ්‍යන්තරික විල්, පොකුණු, වැසිකිළි, නිරිත දිසාවට තිබීම අසුබයි.

නිදන කාමර ඉතාම සුබයි. තරුණ අලුත් විවාහක ජෝඩුවලට යහපත් වේ. වාසනාවන්ත දරු සම්පත් හිමි වේ.

නිවසේ වෙනත් වාස්තු දෝෂවලට වඩා බ්‍රහ්ම පාදය අවහිර වීමෙන් තරුණ විවාහය පමාවේ. මෙතැන බිත්තියකට යට වී තිබීම ඉතා බලවත් නිවාස දෝෂයකි.

ඔබේ නිවසේ බ්‍රහ්ම පාදය ඉතාම පවිත්‍රව හිරවීමෙන් තොර පවිත්‍රව සැහැල්ලුවකින් තබන්න. විවාහය ප්‍රමාදවන තරුණ තරුණියන්ගේ කේන්ද්‍රයේ ග්‍රහ දෝෂවලට වඩා තමා සිටින නිවසේ වාස්තු දෝෂ නිසා විවාහය ප්‍රමාද වන බැව් දක්වමු. ශනි, කුජ, රාහු හතේ සිටිනවාට වඩා නිවාස වාස්තු දෝෂ නිසා විවාහය පමා වී වයසට යන බවද පර්යේෂණ හරහා ඔප්පු වී තිබේ. මෙම ලිපියෙන් දක්වන්නේ විවාහය ප්‍රමාදවන නිවාස වාස්තු දෝෂ කීපයකි. වෙනත් බාධකයන්ද ඇත.

ඔබ දැනට ජීවත්වන නිවසේ වාස්තු විද්‍යාත්මක දෝෂ නැත්නම් භූමියේ සහ නිවසේ වාස්තු දෝෂ නැතිකර සක්‍රීය කරගන්න. විශ්ව ශක්තිය නිවසට ළඟා කර ගන්නා ලෙස දක්වමු. ප්‍රමාද වන විවාහය කඩිනමින් සාර්ථකත්වයට පත්වන බැව් වසර 50 ක අධික කාල පරාසයක් තුළ කරන ලද වාස්තු පරීක්ෂාවන් තුළින් ඔප්පු වී තිබේ.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂඥ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.