ඉතා සුබදායක නිවාස නැකතක්

ජනවාරි 29, 2021

2021 පෙබරවාරි මස 24 වෙනි බුධ දින උදේ 06.30 ට නැගෙනහිර බලා පාද බෙදන්න.

එදින උදේ 07.18 නැඟෙනහිර බලා අත්තිවාරම් කපන්න.

එදින උදේ 08.18 ට නැඟෙනහිර බලා මුල්ගල් තබන්න.

මෙම නැකත ගෙවල් චක්‍රය, සඳු තත්කාලය, මාසපල චක්‍රය, වෘෂභ චක්‍රය ආදී චක්‍රවලට සීහුම්ව ගැනෙන නැකතකි.

මෙම නැකත පුනාවස නැකතින් 12 වන ලත් තිථීයෙන් බුධ දින මීන ලග්නයෙන් උදා වී ඇත. මීන ලග්නයේ බලවත් වූ ශනි 11 වැන්නේ බලවත් වී යෙදී ඇත. එසේම පුර පක්ෂයේ සඳු උච්චක්ෂේත්‍රව 5 වැන්නේ යෙදී ඇත. ඒ නිසා මේ නැකත අතිශයින්ම සුබදායක වේ.

මෙවැනි නැකතකට ඉදි කරන ලද නිවසට ආයුෂ බලය, ශි‍්‍රයාව, සම්පත, ජයග්‍රහණය උදා කරන නැකතකි. එසේම මෙම නැකත්වලට සාදන නිවාසවලට ස්වාභාවික විපත්, විදුලි සැර වැදීම්, අකුණු සැර වැදීම්, සොර සතුරු බිය වැනි විපත්වලට භාජනය වන්නේ නැත.

මෙවැනි සුබදායක නැකතක් සුබසෙත පාඨකයින් ප්‍රයෝජනයට ගෙන වාසනාව උදාකර ගනීවායි ප්‍රාර්ථනා කරමි.

මෙවැනි නිවසක පදිංචි වී සිටින අයට ක්‍රමයෙන් ධනය දියුණුවට පත්වනු මිස පහත නොවැටේ. පවුලේ සමඟිය දියුණුව වැඩිවීම, වාසනා දූ පුතුන් ලැබීම වැනි සුබඵල හිමි වේ. පහත සඳහන් නැකත් හිමි අයට මේ නැකත ප්‍රශස්ථ වේ. අද, රෙහෙන, බෙරණ, රේවතී, උත්‍රපුටුප, සා, සියාවස, හත, සුවන, පුවපල්, පුවසල, දෙට, අස්ලිස, අනුර, පුෂ ඉහත කී නැකත් හිමි අයට මේ නැකත ඉතා සුබදායක වේ.

මෙම නැකත පියසි ගැසීමට, ගෙවදීමට, උළුවහු තැබීම වැනි ගෘහ කටයුතු සියල්ලටම යෝග්‍ය වූ දුර්ලභ ගණයේ නැකතකි.

 

ඡ්‍යොතිෂ්ශාස්ත්‍ර,

මහතුං ජාතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.