ළිඳ නිවසට සම්පතකි

නොවැම්බර් 20, 2020

සම්පතක් වූ ළිඳ ගෙහිමියාට සෞභාග්‍ය ළඟාකර දෙන්නක් බව ඉසිවර අගේ කිරීමට යටත්ව ඇත. එහෙත් ගෙබිමෙහි පිහිටි ළිඳ වාස්තු විද්‍යානුකූල ගොඩ නැගීම හේතුවෙන් ගෙහිමියාට පමණක් නොව එම නිවසේ වසන අනෙක් අයටද නොයෙක් විපත් කරදර ඇතිවන බව “කූප ශාස්ත්‍රයෙහි” දැක්වේ.

ශුභ දිශා

ළිඳක් කැපීමේදී ආවාට ගියාට හිතුමතේට නොකළ යුතුයි. විශේෂයෙන් ගෙබිමෙහි ළිඳක් කැපීමට පළමුව ශුභ දිසාවක් තෝරාගත යුතුයි. මෙහි සඳහන් සටහන බලන්න

උතුර - සැප

වයඹ – සතුරු පීඩා

බටහිර – සම්පත්

නිරිත – මර

දකුණ – ස්ත්‍රීවිනාශය

ගිනිකොණ – පුත්‍ර විනාශය

නැගෙනහිර – ඉසුරු

ඊසාන – සැප

ළිං කැපීමට ශුභා ශුභ අට දිසා චක්‍රය

රියන් 12-44 කින් දුර ළිඳ පිහිටීම පුත්‍රයන්ට විපත් ඇතිවේ. ඒ නිසා නිවසේ සිට ළිඳ පිහිටන දුර ප්‍රමාණය පිළිබඳව විමසිලිමත් විය යුතුයි.

පුරාණ මය මතයේ මතය

මය නම් ඉසිවරයාගේ ඡ්‍යොතිෂ මතය කවියෙන් ඉදිරිපත් කර ඇති පුරාණමය මතය නම් ග්‍රන්ථයේ ළිද පිළිබඳව කවියෙන් මෙසේ කියවේ.

සිව් දිග රියන් ළිඳ තිබි අය නසිනු – පස එකොළොස්විස්ස සිඅඹුවන් නසිනු

නොවිසි සූවිස්ස විසිහතලාභ වනු – මෙකී රියන මැන ගෙට දිය ළිඳ කපනූ

ශුභා ශුභ දින

වරුණ දිසාවට ළිං නොකපන්නේ – සියලු දොසින් අවැඩයි පැමිණෙන්නේ

ඊසාන දිශා ළිඳ කැපුවෝතින්නේ – අසිරිවඩවයි එගෙට බොලන්නේ

සුදුසු කාල

1.බක්මස (අපේ‍්‍රල්) ළිං කැපුවොත් ධන ලාභවේ

2.වෙසක් මස ( මැයි) ළිං කැපුවොත් සම්පත් ලැබේ

3.පොසොන් මස (ජුනි) ළිං කැපුවොත් අමනුෂ්‍ය දෝෂ ඇතිවේ.

4.ඇසල මස (ජූලි) ළිං කැපුවොත් දුක කරදර ඇතිවේ.

5.නිකිණි මස (අගෝස්තු) ළිං කැපුවොත් සැප සම්පත් ලැබේ

6.බිනර මස (සැප්තැම්බර්) ළිං කැපුවොත් අනතුරුභය ඇතිවේ.

7.වප් මස (ඔක්තෝබර්) ළිං කැපීමෙන් දුක් කරදරවලට ඇතිවේ.

9.උදුවප් මස (දෙසැම්බර්) ළිං කැපුවොත් කීර්ති, ප්‍රශංසා ඇතිවේ.

10.දුරුතු මස (ජනවාරි) ළිං කැපුවහොත් සැප සම්පත්, යාන වාහන ලැබේ.

11.නවමස මස (පෙබරවාරි) ළිං කැපීම තුළ ගිනි භය ඇතිවේ.

12.මැදින්මස (මාර්තු) ළිං කැපුවහොත් සෞභාග්‍ය ලැබේ.

 

පක්ෂ බලය

පුරපස ගුරු සහ සිකුරු බලවත්ව සිටින අවස්ථාවක, සදුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයක ළිං කැපීමෙන් පිරිසුදු ජලය ලැබේ.

ශුභ නැකැත්

සඳු හිමි රෙහෙන, කුජ හිමි මුවසිරස. ශනි හිමි පුෂ, කේතු හිමි, මා ,රවි හිමි උත්‍රපල්, සඳු හිමි හත, ශනි හිමි අනුර, සිකුරු හිමි පුවසල, බුධ හිමි රේවතී යන නැකතින් ළිං කැපීමෙන් සෞභාග්‍ය උදා වන බව ඉසිවර මතය වේ.

මිහිරි ජලය

මීන රාශිය වී පුරසඳු සමග බුධ – ගුරු හෝ ශුක්‍ර ලග්න ගතව සිටියදී කණින ලද ළිඳ බොහෝ කාලයක් මිහිරි ජලය පිරී පවතී. බලවත් ශුභ ග්‍රහයන් කේන්ද්‍රස්ථනවල තබා සඳු 4 වන්නේද, රවි 7 වැන්නේද, ශනි 3 වැන්නේද, පිහියුවා කණින ළිදෙහි ජලය යහපත සළසයි. එසේම ධනය හා සම්පත් දෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.