නිවසේ බ්‍රහ්ම පාදය ගැනයි මේ

ජූලි 24, 2020

විකර්ණ රේඛා දෙක එකට සම්බන්ධිත ස්ථානය හෙවත් බ්‍රහ්මපාදය (CenterFoot)  අවහිර  නොවන සේ ඉඩමේ සහ නිවසේ තැබිය යුතුයි. 

එතැන නිත්‍ය වශයෙන්ම පූජනීය ස්ථානයකි. අවහිරතා නොමැතිව ඉතාම පහසු අන්දමට තිබීම අනිවාර්ය වේ. විවිධ හැඩතල රිද්ම රටාවලින් පිරිපුන් නිවාස තුළ බ්‍රහ්ම පාදය අවහිර වන ආකාරයට පිහිටා ඇති බැව් බොහෝ නිවාස පරීක්ෂාවලදී පෙනී ගොස් ඇත. ඉඩමේ මෙන්ම නිවස තුළද පේ‍්‍රත පාදය , මනුෂ්‍ය පාදය, දේව පාදය හා බ්‍රහ්ම පාදය යනු චතුර්විධ වෙන් කිරීම් හා ඉඩකඩ තීරුවන්ය. 

ඉතාම පැරණි නිවාස තුළ වී වේලන ස්ථානය මැද මිදුල බ්‍රහ්ම පාදයට වෙන්කර තිබිණ. 

බිත්තිවලින් සිරවීම, කුලුනු සවිකිරීම, තරප්පු ගොඩනැගීම, ප්‍රධාන දොරටුව හා අන්‍ය දොරටුව එල්ලවීම, ජනේල පිහිටීම, වැසිකිලිය, කැසිකිලිය අසල යාබදව තිබීම, ශීතකරණ හා බර ද්‍රව්‍ය තැබීම කොට හෝ උස් බිත්ති බැඳීම, බිත්තිවල සන්ධි මූට්ටු තැබීම, වහලේ මුදුන් යටලීයට හසුවීම, කිඹුල් මූට්ටුවට වැටීම, කුරුපාවකට එල්ලවීම, කොරිඩෝව, කෑම මේස , ගෑස් ලිප තැබීම ඉතාම අසුබයි. 

නිවස ඇතුළත ළිඳ පිහිටීමද ඉතාම අසුබ වාස්තුවකි. 

ධනහානි රෝග පීඩා, නිධන්ගත ව්‍යාධි කායික මානසික කරදර, පවුල් අවුල්, යුගදිවියේ අසතුට, රැකියා ප්‍රශ්න, මිල මුදල් විනාශය, අහේනිය, කළකෝලාහළ, දරුවන් අකීකරු වීම, අඩදබර , දික්කසාදය, සතුරු පීඩා, නීතිමය ගැටලු, වාහනවලට අනතුරු මෙන් ජීවිත තර්ජන වැනි අසුබ දේ සිදු වන්නේය. 

බ්‍රහ්ම පාදයේ පොකුණු තිබීම ඉතාම වැරදි වාස්තු දෝෂයකි. පඩික්කම වැනි දෙයක් තිබීමද ඉතාම අසුබයි. ගෙහිමියාට බ්‍රහ්ම පාදය පෑගීම එතරම් අසුබ නොවන තවත් මතයකි. බ්‍රහ්ම පාදය නිර්මාණය වන්නේ පිරමීඩයක හැඩතල ආකෘතිකමය සටහනක් සේය. අතිශයින්ම ශුද්ධ වූ පරම පවිත්‍රකාරක විශ්වීය ජීව ශක්ති අවකාශය හරහා කාන්දු වන බ්‍රහ්ම පාදය පූජනීය ස්ථානයකි. 

ආගමික වතාවත් වල යෙදීම.බ්‍රහ්ම පාදය තුළ ඉතාම සුබයි. බුද්ධ හා දේව රූප මෙන්ම දක්ෂිණා වෘත්ත සංඛ වාලම්පුරි තබා පුද පූජා තැබීම හරහා නිවසට ධනාත්මක පැතිකඩක් උදාවේ. 

කොක්ගල මහා ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ලිවීම කරන ලද්දේ (ග්‍රන්ථකරණය) සිය නිවසේ බ්‍රහ්ම පාදය තුළය. ලොකු මේසය තබා පා පුවරුවක දෙපා තබාගෙන පොත් ලිවීම කරන ලදී. 

නිවසක සැලසුමක් අදින විටදී බ්‍රහ්ම පාදය අවහිර නොවන සේ ඇඳිය යුතුවේ. එය අවහිර වන්නේ නම් බරපතලම වාස්තු දෝෂයක් වන්නේය. 

එක්තරා සුවිසල් මැදුරක් තුළ බ්‍රහ්ම පාදයේ වැසිකිලි පද්ධතිය තිබුණ බැව් අප දැක ඇත්තෙමු. ගිනිකොණ දිසාවේ විශාල ඇදහැලෙන දිය ඇල්ලක්ද නිර්මාණය කර තිබිණ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.