සෞභාග්‍යමත් නිවසක උරුමය ට ඉටුකළ යුතු වත් පිළිවෙත්

ජූලි 24, 2020

නිවසක් ඉදිකර පදිංචියට යන්නේ දහසක් බලාපොරොත්තු ඇතුව පවුලේ සැම සමඟ සතුටින් සමඟියෙන් ජීවත්වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් පදිංචියට ගොස් මාස තුන හතරක් අවුරුද්දක් යන විට පවුල අතර අඹුසැමියන් අතර දූදරුවන් අතර ආරවුල් වියවුල් ,මතභේද, ගස්ටන, ලෙඩ රෝග ඇතිවෙනවා නම් කිසිම දෙයක් හරි නොයනවා නම් තිබුණ මිල මුදල් වැයවී නම් උයා පියාගත්දේ කෑමට පි‍්‍රයක් නොදක්වනවා නම් ඒ නිවසෙන් බලාපොරොත්තු වූ සතුට   , සමගිය නොලැබෙන්නට යම් කිසි ගුප්තවේගී බලවේගයක් පවතිනු ඇත. සමහර විට මෙහි ආරම්භය ඉඩම ගැනීමේදී හෝ මුල්ගල් තැබීමේදී සිදුවිය හැකි අතපසුවීමක් හෝ ඉටුකළ යුතු වත් පිළිවෙත්වල අඩුවක් විය හැකිය.

නිවසක් ඉදිකිරීමට පළමුව කළ යුතු පුද පූජා හා වත්පිළිවෙත් පිළිබඳව බොහෝ කරුණු පැරණි ඡ්‍යොතිෂ පොත්පත්වලින් පෙන්වාදී ඇත. නමුත් එලෙසින්ම ඒවා ඉටු කිරීමට වර්තමාන සමාජයේ පහසුකම් නැත. එදා මෙන් අද නිදහස්ව පවතින විශාල ඉඩම් නැත. සුදුසු වූ අවට පරිසරයක් ද නැත. මේ නිසා ඒ සියල්ල ගැන සිතා බලා ඡ්‍යොතිෂ උපදෙස් පරිදි නිවසක් ඉදිකර ගැනීමට කටයුතු කළ යුතුය. ඉඩම් කොටසක් තමන් නමට ගත් විට එහි හිමිකරුවා හෝ හිමිකාරිය තමන් විය හැකිය. එහෙත් මීට ඉහත එම ඉඩමේ හිමිකරු හෝ හිමිකාරිය නැතහොත් එයට උරුම කියන අය මිය ගොස් ඉඩමට ආශාවෙන් සිටිය හැක. සමහර විට මේ අය පින් බලා පොරොත්තුවෙන් මේ ස්ථානවල ගැවසිය හැකිය. එමෙන්ම වෙනත් භූත බලපෑම්ද සමහර විට තිබිය හැකිය.මේ මහපොළොවට අධිපතිනිය ලෙස පොළොව මහී කාන්තාව සිටින බව පෙන්වාදී ඇත. ඒ හිමිකාරියගේ ආරක්ෂාවට ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ හා වෛශ්‍රවන යන සිවුවරම් දෙවිවරුන් සිටිති. ඊට අමතරව තවත් අට දෙනෙකු සිටිති .ඔවුන් නම්කර ඇත්තේ අෂ්ට බහිරව දේවතාවුන් ලෙසයි. මේ කොට්ඨාසය සෑම සියලු කරුණක් ගැනම පොළොව භාරව සිටින අයයි. 

ඉඩමක් ගෙන නිවසක් ඉදිකිරීමේදී මේ දේව කොට්ඨාසවලට හා යම් වෙනත් බලපෑමක් හෝ තිබේනම් ඒ ගැන යම් විශ්වාසයක් පවතින්නේ නම් ඒ සඳහා පූජාවල් තබා දොස් නිදොස් කර ගැනීමට වග බලා ගැනීමයි. නිසි පිළිවෙළක් අනුව කටයුතු කිරීමෙන් පසුවට පසුතැවිලි වීමට සිදු නොවේ. ඉඩමේ කටයුතුවලට මුල්විය යුත්තේ බහිරව පූජාවයි. බහිරව පූජාව නොදී බහිරවයන් ඇතුළු මළගිය අයට පින් පැමිණීවීම සඳහා පිරිත් දේශනා කර ඉඩම වටේට පිරිත් නූල් ඇදීමත් මහසඟනට දන්දී පිං අනුමෝදන් කිරීමත් බොහෝ විට සිදු කෙරේ. නිවස ඉදිකිරීමට අත්තිවාරම් කැපීමට පෙර පිටතට නොපෙනෙන ලෙස ආවරණය කළ යුතුය. පැරණි වත් පිළිවෙත් අනුව සිදුකරනු ලැබුවේ අත්තිවාරමේ පළමු පස්පිඩැල්ල කැපීමට ලබාදී තිබූ නැකත අනුව නියමිත දිසාව බලා ඉඩම් හිමි පුරුෂයාගේ බිරිඳ විසින් කැපීමයි. එසේ කැපූ පස් පිඩැල්ල නැවුම් කළ ගෙඩියකට හෝ නැවුම් වෙනත් භාජනයකට දමා බැස යන ජලයේ පාකර හැරීම සිරිතකි. ඉන් ඉඩම් වස්දොස් ඉවත්ව යන බවද විශ්වාස කෙරිණ, අත්තිවාරම් කැපීමෙන් පසුව සිදුකළේනැකතට මුල්ගල තැබීමයි. ඊට පෙරදින ඉඩම් හිමියන් විහාරස්ථානයකට ගොස් මල් පහන්, සුවඳ දුම් පුදා බුදුන් වැඳ දෙවියන්ට පින්දී බෝධි පූජාවක්ද තබා කටයුතු ආරම්භ කළ යුතුයි. අනෙකුත් ආගම්වල අයද එසේ ඒ ආගම්වලට අනුව කටයුතු කළ යුතුය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>   

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.