ධන බලයක් නැතත් නැකැත් ශක්තියෙන් නිවසක් සෑදිය හැකිය

ජනවාරි 3, 2020

මිහිමත ජීවත්වන හැම කෙනෙකුටම ජීවත්වීම සඳහා සුදුසු හෙවත් අවශ්‍ය හැම පහසුකමක්ම සපයා ගැනීමේ විශ්ව ශක්තිය ප්‍රදානය කර ඇත. ඒ ආහාරය, ලෙඩට, ඖෂධ, ආරක්ෂාව වශයෙනි. බහු විධ ජනතාවකට අත්‍යවශ්‍ය එකම දෙය ආහාරයයි. දෙවැන්න ඇඳුමයි. තෙවැන්න පදිංචි නිවසයි. හතර වැන්න ඖෂධයි.

එහෙත් බුදු දහමේ ප්‍රධාන වශයෙන් දක්වා ඇත්තේ ප්‍රධානම අවශ්‍ය දෙය ඇඳුම බවයි. චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලාන ප්‍රත්‍ය වශයෙන් දක්වා ඇත්තේ එයයි. ශිෂ්ටාචාර මනුෂ්‍යයෙකුට ලජ්ජාව නිසා ඇඳුම ප්‍රධාන කළ බවක් දැක්වේ.

ඒ නිසා මේ ලිපියට අප තෝරා ගන්නේ වැඩි දෙනෙකුට ප්‍රශ්නයක්ව පවත්නා නිවසක් තනාගත හැකි මග හෙළිදරව් කිරීමයි. කුරුල්ලොත් කූඩුවක් හදති. වේයා දැවැන්ත තුඹසක් හදයි. එසේ නම් මිනිසාට ගෙයක් හදන්නට බැරි ඇයි. අතේ මුදල් නැතත් නොඑසේ නම් ප්‍රමාණවත් ධනයක් නැතත් නිවසක් හදන හැටි ඡ්‍යොතිෂයේ දැක්වේ. ඒ අවස්ථාව උදා වන්නේ කුමන දශා කාලයේදී දැයි තේරුම් ගෙන ක්‍රියාත්මක විය යුතු ය. ඒ සඳහා ඔබට මඟ පෙන්වීමක් කිරීමට අදහස් කරමි.

නිවසක් තැනීමට ඡ්‍යොතිෂය පැත්තෙන් අවශ්‍ය පළමු වැනි නිවස හදන්නාගේ උපන් නැකතයි. නැකත යනු ඉතාම යහපත් වේලාව යන අරුත දෙයි. නැකතට වැඩ කිරීම යනු දවසේ හොඳම අවස්ථාව තුළ කටයුතු ඇරැඹීමයි. හොඳම නැකත යනු ජන්ම කේන්ද්‍රය තුළ උපතක් සමගම සැඟවී ඇති ශක්තියකි. එය හැම කෙනෙකුටම පෙනෙන්නේ නැත. මුහුකුරා ගිය ඡ්‍යොතිෂය පිළිබඳ සන්නද්ධ දැනුමක් ඇති ඡ්‍යොතිෂවේදියෙකුට පමණක් පෙනෙන එකකි.

නැකත සැඟවී ඇත්තේ කාලය තුළ ය. ගෙවී යන කාලය තුළ වැඩි දෙනෙකුට නොපෙනෙන ශක්ති සමූහයක්ම ඇත. ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ යන පංච භූත ශක්තිය ඇත්තේත් කාලය තුළ ය. හැම කෙනෙකුගේම ඉටු දෙවියාත්, යෝගකාරකයාත් බාධක ග්‍රහයාත් අයහපත්ම 22 වන දෙර්කාණාධිපතියාත්, මාරක ග්‍රහයාත් සැඟවී ඇත්තේත් කාලය තුළ ය. එපමණක් නොවේ, ඔබ සිරුර හා අධ්‍යාත්මය තුරුළු කරගෙන සිටින පක්ෂියාත් මේ නැකත තුළම සැඟවී සිටියි. ඡ්‍යොතිෂයේ පංච පක්ෂීන් වශයෙන් සැළකෙන භේරුණ්ඩ, පිංගල, කාක, කුක්කුට හා මයුර යන පක්ෂීන් පස් දෙනාගෙන් එක් පක්ෂියෙක් ඔබටත් අයත් ය. ඒ අයිතිය ජන්ම නැකත අනුව ය. ඔබට ඔබේ පක්ෂියා ගැන දැනුමක් නැත්නම් එයත් මෙහිලා සඳහන් කරන්නම් උපත අස්විද, නැකතේ සිට බෙරණ, කැති, රෙහෙන හා මුවසිරස නම් ඔබේ පක්ෂියා භේරුණ්ඩය. ජන්ම නැකත අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් නම් පක්ෂියා පිංගල (බකමූණා) ය. උත්‍රපල්, හත, සිත, සා, විසා නම් පක්ෂියා කපුටා ය. නැකත අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල හා සුවණ නම් පක්ෂියා කුක්කුට ය. දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී නම් පක්ෂියා මයුර ය.

මේ පක්ෂියා දිනකට දහවාරයක් පමණ සිය හැසිරීම් විලාසය වෙනස් කරයි. පුර පක්ෂයේ දී භෝජන, ගමන, රජ, නිදි හා මරණ අයුරින් ය. අව පක්ෂයේ දී එයට ඉඳුරා වෙනස් අයුරකින් ය. යට සඳහන් කළ නිවස හැදීමේ බලවත් නැකතක් සඳහා පක්ෂියාගේ රජ අවස්ථාව, භෝජන අවස්ථාව අපට අවශ්‍ය ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.