ගෘහ කටයුතු වලට නුසුදුසු කෝණ මාස

දෙසැම්බර් 28, 2018

"නිවසක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් වාස්තු විද්‍යාවේ සඳහන් වේ. මේ අතරින් ඒ සඳහා සුදුසු කාලය තෝරා ගැනීම ඉතා වැදගත් වේ. නව නිවසක් තැනීමට බලාපොරොත්තු වන අයෙක් පහත සඳහන් සියලු කාර්යයන් සැලකිල්ලට භාජනය කළ යුතුය"

සඳුගේත් හිරුගේත් ගමන විශ්ව නීතියට අනුව නැතහොත් සොබා නීතිය අනුව යම් රටාවකට හෝ හැඩයකට අනුව සිදුවන බැවින් මිනිසාද එයට අනුගතව කටයුතු කළ යුතු වෙයි. අප සිරුරු ඇතුළු සියලු විශ්වයම සෑදී ඇත්තේ පංච මහා භූතයන්ගෙනි. යහපත් මාස සඳහා මෙම පංච මහා භූතයන් ස්වාභාවිකව සමතුලිත විය යුතුය. අවකාශ ධාතුව ප්‍රධාන ධාතුව වන අතර එක් ධාතුවකින් තවත් ධාතුවකට පරිණාමය සිදුවන්නේ අවකාශ තත්වයන් හරහාය. පෘථීවිය මත පවතින සෑම දේටම නව ග්‍රහයන්ගේ ආභාෂය ඇති අතර සෑම ග්‍රහයෙකුම එක් දිශාවක් ආවරණය කරනු ලබයි. ඒ අනුව අපගේ ඕනෑම නිවසක් පංච මහා භූතයන්ගේ සහ අවදිශාවන්ගේ බලපෑම්වලට යටත්ය.

නිවසක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් වාස්තු විද්‍යාවේ සඳහන් වේ. මේ අතරින් ඒ සඳහා සුදුසු කාලය තෝරා ගැනීම ඉතා වැදගත් වේ. නව නිවසක් තැනීමට බලාපොරොත්තු වන අයෙක් පහත සඳහන් සියලු කාර්යයන් සැලකිල්ලට භාජනය කළ යුතුය.

නිවසක සැලැස්ම දිශා ගත කිරීම සඳහා ලණු ඇදීම

අත්තිවාරම් කැපීම

මුල්ගල තැබීම

උළුවහු ජනෙල් සවි කිරීම

වහල ගැසීම

නව නිවසේ පදිංචියට යාම

බීමට ජලය සපයා ගැනීම සඳහා ළිඳක් කැපීම

යන මේ සියලු කාර්යයන් ශුභ මොහොතකින් ආරම්භ කළ යුතු වේ. මේ සඳහා ශුභ කාලයත්, ශුභ දිනයත් ,ශුභ දිසාවත් ශුභ නැකතත් යනාදිය වාස්තු විද්‍යානුකූලව පිළියෙල කර ගැනීම තුළින් උසස් ප්‍රතිඵල ළඟා කර ගත හැකිය. මේ සම්බන්ධයෙන් කෝණ මාස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර කෝණ මාස වලදී ඉහත කී වැඩකටයුතු ආරම්භ කිරීමෙන් භයානක ප්‍රතිඵල අත් විය හැකි බව වාස්තු විද්‍යාවේ පෙන්වා දී ඇත.

වැඩිදුතොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතීර්වේදී,

තුෂාරා වික්‍රමසිංහ

0771268646

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.