ඔක්තෝබර් 01 සිට 06 දක්වා

ඔක්තෝබර් 1, 2021

මේෂ- අලුත් ඥාතියකුගේ සම්බන්ධයක්

උදා ව‍ු මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන ස්ථාන වල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ඇරඹීමට අවස්ථාව සැලසෙන සතියකි. යටපත් වූ සෙම් රෝගී තත්වයක් නැවත මතුවීමට ඉඩ ඇති බැවින් ඒ් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නොසිතූ ලෙස පවුලේ කෙනකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි. දරුවකුගේ කලබලකාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි සතියකි. ඇසක ඇතිවන අබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සිංහ -වගකීම් පැහැර හැරීමක්

මනසට පීඩාකාරී කටයුතු කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථාන වලයි. නිතර කලහකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු කරයි.පවුලේ වැඩිහිටියකු සමඟ බහින්බස්වීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සතිය මැද කාලය වන විටදී නොසිතූ ලෙස දරුවකුගේ කටයුතු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර තනිව කටයුතු කිරීමට සිතන අතර වගකීම් පැහැර හැරීමක් ද සිදුවීමට ඉඩඇත.

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

ධනු -මව්පිය උරුමයක්

වනදාට වඩා අතමිට සරු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ගේ ගමන 8,9,10 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. නිතර පවුලේ කටයුතු පිළිබඳ වෙහෙසීමට සිදුවන සතියකි. තමා ළගින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරන සතියකි. සතිය මැද කාලයේදී නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. මව්පිය උරුමයකට ද හිමිකම් ඇති සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ- නීති ගැටලුවක්

යොදාගත් සැලසුමක් වෙනසකට ලක් කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරන සතියකි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයාබැලීමක් කළ යුතු බවක් පෙනේ. පවුලේ බාල සහෝදරයකු සමඟ ඇති කරගත් මතභේදකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. විදෙස් ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙස‍ීම් ඇති කරයි. සති අන්තය වන විටදී කොන්දේ අමාරුවක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 07

ජය අංකය - 05 ජය

වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

කන්‍යා -විදෙස් උපකාරයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. ඒමෙන්ම සතිය මැද කාලය වන විටදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩඇති බැවින් ඒදිනෙදා කටයුතු සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරි විය යතු බවක් පෙනේ.

පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් කටයුතු කීපයක වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇත. අජීර්ණ ආබාධයක් හේතුවන් පීඩාකාරී බවක් ඇති කරන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - සඳුදා

 

මකර -සැලසුම් වෙනසක්

අවිවේකී උවත් කටයුතු කීපයක් සාර්ථක ලෙස කර ගෙන යෑමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථාන වලයි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමෙන් වාසි කීපයක් සැලසෙන සතියකි. ගේ දොර අලුත්වැඩියාවකට හෝ අලුත් කොටසක් ඒකතු කිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. දරුවකුගේ නොසන්සුන්කාරී කටයුත්තක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා මානසික අසහනය ඇති වන කාලයක් වන අතර පවුලේ වැඩිහිටියකු සමඟ උරණ වීමක් ද සිදුකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

මිථුන-වාහන ලාභයක්

පවුලේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කැප කිරීම් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථාන වලයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට නව සූදානමක් ඇති කරන කාලයකි.‍ නිතර පවුලේ අයගෙන් උපදෙස් පැතීමට සිදුවෙයි. හදිසි දේපල ගනුදෙනුවක් සිදුකිරීමට සැලසුමක් සැකැසේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. වාහන ලාභයකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ් පිළිබඳ කටයුතු වලදී වෙනදාට වඩා සැලකිලිමත්වන්න.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා -විශ්වාසය බිඳ වැටීමක්

හදිසි ගනුදෙනුවකට අත ගැසීමෙන් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථාන වලයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. නිතර තමාට පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරිමට සිදුවන බවක් පෙන්නුම් කරයි.ඒමෙන්ම ඥාතීන් අතර සුහදතාවය ඇති වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වාහන ගනුදෙනුවකට අත ගැසීමට සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයක් බව පෙනේ. විවාහ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා රෝස

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ -අතක ආබාධයක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් අසල්වැසි මත ගැටුමක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. අලුත් හිතවත්කම් ඇති කරන කාලයක් වන අතර හිත මිතුරන් ඇසුරේදී වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කළයුතු කාලයක් බව පෙනේ. ඒමෙන්ම පවුලේ වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී හදිස්සියේ ඇතිවන අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අමතර ආදායම් මාර්ග ඇති කරන කාලයක් බැවින් ඒ් පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන්න.

අය 08 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

කටක -මුදල් ගනුදෙනුවක්

හදිසි ආදායමකට සැලසුමක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් ඇති කරන සතියකි. පවුලේ වැඩිමහල් සහෝදරයකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවන කාලයකි. අවිවාහක අයට යහපත් කාලයක් වන අතර නව මංගල යෝජනා ඇති කරන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී දතක අබාධයක් හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුකරයි. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට නොසිතූ පාඩුවකට මුල පිරෙයි. සති අන්තයේදී ළඟම හිතවතකු සමඟ මුදල් ගනුදෙනුවක‌ට මග සැලසෙන බවක් පෙන්වයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික-උත්සවයකට සැලසුමක්

හදිසි ගනුදෙනුවකට අත ගැසීමෙන් වාසි කීපයක් සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. නිතර තමා යන ඒන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි අතර ගේදොර උත්සව අවස්ථාවක් වෙනුවෙන්ද සැලසුමක් සකස් වන බවක් පෙන්නුම් කරයි.නිතර වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.සති අන්තයේදී දරුවකු පිළිබඳ සතුටට පත් විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

මීන- තනතුරු මාරුවක්

අමතර කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරු ලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරයි. හදිසි ආදායම් මාර්ගයක් හේතුවෙන් පවුලේ කටයුතු වල වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන අතර මව්පිය උරුමයක් වෙනුවෙන් වෙහෙසීමට ද සිදුවේ. සති අන්තයේදී ගේ දොර අලුත් වැඩියාවකට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 09 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.