අගෝ. 27 සිට සැප්. 03 දක්වා

අගෝස්තු 27, 2021

මේෂ-ණය ගනුදෙනුවක් පියවා ගැනේ

විදෙස් ලැබීමක් කෙරෙහි සිත යොදවමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. වැඩ කටයුතු අධික වීමේන් වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්වයි. දවසින් වැඩි කොටසක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ඇවිදිලි වැඩි කරන සතියක් වන අතර පවුලේ මතභේදකාරී බවක් ඇති වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මඟ සැලසෙන සතියකි. සති අන්තයේදී පිය පස ඥාතියකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. පැරණි හිතවත්කමක් අලුත් වන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

සිංහ -පාදයේ අමාරුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 9,10,11 යන භාවස්ථාන වලයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක් වන ලකුණු පෙන්නුම් කරන කාලයකි. තමා අතින් නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වේ. සතිය මැද කාලය වන විටදී මෙතෙක් නොලැබුණු මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ හදිසි වෙනස්වීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති වීමට ඉඩ ඇත. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි. සති අන්තයේදී පාදයේ වළලු කර ආශි‍්‍රත අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු -ගේ දොර අලුත්වැඩියාවක්

සැලසුම් සහගත කටයුතු කීපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. ගේ දොර අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අජීර්ණ ආබාධයක් ඇති විය හැකි කාලයක් බැවින් නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අය 08 - වැය 06

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ- දේපල ගැටලුවක්

සැනසිලිදායක සතියක් වන අතර මේ සතියේ ඔබගේ කේන්දරේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර නිතර සමාජ සේවා කටයුතු වල ද නියැලෙන බවක් පෙනේ. ව්‍යාපාර ලාභ පෙන්නුම් කරන සතියකි. අලුත් හිතවත්කම් වලට මග සැලසෙන බවක් පෙනේ. සතිය මැද කාලය වන විටදී චංචා ප්‍රයෝගයකට හසුවීමට ඉඩ ඇති බැවින් තමා හමුවට එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. දේපල ගැටලුවක් හේතුවෙන් සහෝදර පක්ෂය සමඟ බහින්බස් වීමක් සිදුකරයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි‍.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කන්‍යා -තැන්පත් ධනය වැය වීමක්

විශේෂ පුද්ගලයකුගේ ඇසුරට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. නිතර හට ගන්නා යටිබඩේ වේදනාවක් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. සති අන්තයේදී මෙතෙක් පැවැති ගැටලුවක් හේතුවෙන් තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. ගනුදෙනු වලදී කල්පනාකාරී විය යුතු සතියකි.

අය 08 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

මකර -හදිසි වැටීම් තැලීම්

වගකීම් වැඩි කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර වියදම් වැඩි වන කාලයක් වන අතර පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් ද පෙනේ. නිවසේ දානමය කටයුත්තකට සැලසුමක් සකස් වන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවන අතර අමතර කටයුතු කීපයකට ද සම්බන්ධ වීමට සිදුවේ. නිතර නිවසට යන ඒන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තය වන විට දී හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්වයකට මුහුණ පෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වීම වැදගත් වේ.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

මිථුන-අතක ආබාධයක්

විශේෂ සැලසුමකට අත ගසමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබ‌ගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. වරින් වර ශාරීරික වෙහෙස ‌ගෙන දෙන අන්ද‌මේ කටයුතු කීපයක් යෙදේ. විශේෂ පුද්ගලයකුගේ හමුවීමක් සිදුවිය හැකි සතියකි. වරින් වර හට ගන්නා අතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. විශේෂ උත්සව අවස්ථාවක් කල් දැමිම‌ට සිදුවන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු සම්බන්ධ දුර දිග කල්පනා කිරීම වැදගත් වේ. අලුත් ගේ දොර ඉදිකිරීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා -පවුලේ දියුණුවට පියවර

තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. අඹුසැමි විශ්වාසය බිඳ වැටෙන කාලයක් වන අතර නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට ද කරුණු ඇති කරයි.

මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විදෙස් ගමනක් පිළිබඳ නැවත බලාපොරොත්තු ඇති කරන කාලයකි. ඥාතීන් අතර සුහදතාවයට කරුණු සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගන්නා කාලයකි. වැඩිහිටි සහෝදරයකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - ඉරිදා

 

කුම්භ -නීති ගැටලුවක්

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේ දොර අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර නිතර ඇවිදිලි වැඩි වන අන්දමේ කටයුතු කීපයක් ද යෙදේ. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයකි. යටපත් වූ කකුලේ ආබාධයක් නැවත මතු විය හැකියි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන සතියකි. සති අන්තයේදී පවුලේ කෙනකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නීති ගැටලුවකට මැද වීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

අය 09 - වැය 07

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කටක - සෙම් රෝගයක්

විශේෂ සැලසුමක් වෙනුවෙන් ගත සිත වෙහෙසමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12 යන භාවස්ථන වල ගමන් කරයි. කල් ගත වූ ණය මුදලකින් නිදහස් වීමට කටයුතු සැලසෙන කාලයකි. නොකළ වරදකට දඬුවමක් හිමි කරයි. නිතර ආගම දහමට බරව කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලය වන විටදී විශේෂ පුද්ගලයකුගේ හමුවීමක් සිදුකරයි. උසස් අධ්‍යාපන කටයුතු වලින් විශේෂ ජයග්‍රහණ හිමිකරන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික-වාහන ගනුදෙනුවක්

යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථාන වලයි. අමතර මුදල් වියදම් වැඩි කරන සතියකි. පවුලේ බාල සහෝදරයකුගේ අසනීපකාරී තත්වයක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා ගමන් බිමන් අධික කරන කාලයකි. හදිසි තීරණ ගැනීමෙන් වැඩිහිටි මතභේදයක් ඇති කරයි. පියපස දේපලක් පිළිබඳ ආරවුල්කාරී තත්වයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. සති අන්තයේදී නිතර හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන- දතක අමාරුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ ‌ සතියේ සඳු ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථාන වලයි. පැරණි හිතවත්කමක් අලුත් වන අන්දමේ කටයුතු කීපයක් සිදුවන සතියකි. නිතර ශාරීරික වෙහෙසීම් වැඩිවන බවක් පෙනේ. හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති කරයි. සතිය මැද කාලය වන විටදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීවීම වැදගත් වේ.

දරුවකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති වීමට ඉඩ ඇත. දතක අමරුවක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේදී පවුලේ වැඩිහිටියකු නිසා ඇති වන බහින්බස් වීමක් දුර දිග යාමට ඉඩඇත.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.