ජූලි 30 අගෝ 05 දක්වා

ජූලි 30, 2021

මේෂ - නොසිතූ පාඩුවක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර ගමන් පිළිබඳ අවධානය යොමු කළ යුතු කාලයක් වන අතර පවුලේ සමඟිය වෙනුවෙන් ද සෑහෙන වෙහෙසක් දැරිය යුතු කාලයකි. මෙතෙක් තමාට හිමිව තිබූ තනතුරක් සම්බන්ධ වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. නිතර නිවසට ආ ගිය කෙනකු නිසා තමාට නොසිතූ පාඩුවක් හිමිවීමට ඉඩ ඇත. වරින් වර ආගමික සහන පතන බවක් පෙනේ. සතිය මැද කාලයේදී යටපත්ව තිබූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි අතර සමේ අසාදිත තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවෙයි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සිංහ -තෑගි භෝග හිමිකරයි‍

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථාන වලයි. අතමිට මුදල් ගැසුනත් ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසකාරී බවක් ඇති කරයි. පවුලේ අයගේ තෑගි භෝග හිමිකරන සතියකි. දරුවන්ගේ කටයුතු පිළිබඳ සතුටට පත් විය හැකි බවක් පෙනේ. ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන බවක් පෙනේ. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් පැතීමට සිදුවන සතියකි. මවට හෝ මව්පස ඥාතියකුට අපලයි. එදිනෙදා කටයුතුවලින් පරිස්සම් විය යුතු කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

ධනු -ගේ දොර අලංකාරය

පවුලේ කටයුතු පිළිබඳ මෙතෙක් පැවැති නොසන්සුන්තාවය මඟහැරෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. මෙතෙක් පැවැති අඹුසැමි සිත් නොහඳ කමක් මඟහැරී යන සතියකි. පවුලේ දියුණුව සම්බන්ධ වෙනදාට වඩා උත්සාහයක් දක්වන බවක් පෙන්නුම් කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලයේදී සහෝදර උපකාරයක් හේතුවෙන් මෙතෙක් අතපසුවෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මග සැලසේ.‍ වෙනදාට වඩා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතු සතියකි. සති අත්තයේදී ගේදොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසිම් ඇති කරයි.

අය 09 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ- අමතර මුදල් වියදමක්

මානසික අවිවේකය ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු සැලසෙන කාලයකි. සාමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන බවක් පෙනේ.නිතර පවුලේ අයගෙන් ඈත් වී කටයුතු කරන සතියකි.ඒහෙත් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අන්දමේ අඹුසැමි ගැටලුවක් ඇති කරයි.නිතර තමා හමුවට ඒන කෙනකු නිසා කරදරකාරී ලෙස කටයුතු කිරීමට සිදුවේ. සති අන්තය වන විටදී අමතර මුදල් වියදම් වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.කොන්දේ අමාරුවක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියක් .

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

කන්‍යා -නීති පිහි‌ට

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. මානසික ආරවුලක් ඇති කරන සතියක් වන අතර යොදාගත් සැලසුම් කීපයක් වෙනස්කිරීමට ද සිදුවෙයි.හදිසි ගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.නොසිතූ අවුලක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. සතිය මැද කාලයේදී පැවැති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් ද සැලසේ. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත හට ගැනීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - ලා රෝස

සුබ දවස - සිකුරාදා

 

මකර -තැන්පත් ධනය වැයවීමක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර එදිනෙදා කටයුතු කීපයක් ද මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. අලුත් කටයුතු කීපයකට අත ගැසීමෙන් තැන්පත් ධනය පවා වැය වීමට ඉඩ ඇත. මවගේ අසනීපකාරී තත්වයක් සුව අතර හැරෙන ලකුණු පෙන්නුම් කරයි. වරින් වර ආගමික සහන පතන කාලයකි. මෙතෙක් නිවසට අඩුපාඩුවක් ව පැවැති උපකරණ කීපයක් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන සතියකි. සති අන්තයේදී පවුලේ කෙනකු නිසා මෙතෙක් සිදුවන්න ගිය පාඩුවක් මගහරවා ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

මිථුන- දරු ලාභ හිමිකම්

මිශ්‍රඵලදායක ලෙස ආරම්භ වන මේ සතිය මිථුන ලග්න හිමි සුබදායක බවක් පෙන්නුම් කරන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථාන වලයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. එහෙත් වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. තමා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සතුටට පත් විය හැකි අන්දමේ කරුණු කීපයක් අසන්න ලැබේ.දරැ ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී මෙතෙක් පැවැති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

තුලා -යෝජනා ස්ථිරවීමක් සාර්ථකයි

නොසිතූ ලෙස වාසි කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලිය යුතු කාලයකි. එමෙන්ම දරුවෙකුගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන්ද වෙනදාට වඩා සොයාබැලීමක් කළ යුතු බවක් පෙනේ.විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් වන අතර වරින් වර ප්‍රමාදතාවයක් සිදුකල යෝජනා ස්ථරවීමක් සාර්ථක වන ලකූණු පෙන්නුම් කරයි. දතක වේදනාක් හේතුවෙන් පීඩා විදින සතියකි. සති අන්තය වන විටදී පවුලේ ආරවුල්කාරී තත්වයක් දුර දිග යාමෙන් ගැටලු කීපයක් මතු කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

කුම්භ -අලුත් දේපල මිලදී ගැනීමක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන වලයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකල කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරන සතියකි. යටපත් වූ උදාරබාධයක් නැවත මතු විය හැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න.

වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. දරුවකුගේ අසනීපකාරී බවක් හේතුවෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. දූර ගමන්වලින් වැළැකී සිටීම යහපත් කරන සතියකි. සති අන්තයේදී අලුත් දේපල මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

කටක - අසල්වැසි සිත් නොහඳ කමක්

ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සංවිධානය වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. දවසින් වැඩි කාලයක් නිවසින් පිට වාසය කිරීමට කටයුතු සැලසෙන අතර මව හෝ මව් පස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට ද සිදුවන බවක් පෙනේ. එහෙත් දරුවකුගේ නොසන්සුන්කාරී කටයුත්තක් හේතුවෙන් මානසික පීඩා අත් කරයි. නිතර නිවසට යන එන අය සම්බන්ධව කල්පනාකාරී විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී විය යුතු අතර හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. අසල්වැසි සිත් නොහඳ කමක් දුර දිග යන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්ි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික-පරම්පරාගත දේපල හිමිකමක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. විදෙස් හිතවතකුගේ උපකාරයක් ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන සතියකි. යටපත් වු කොන්දේ අමාරැවක් නැවත මතු විය හැකි බවක් පෙනේ. වරින් වර තමා සොයාගෙන එන කෙනකු නිසා පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක් වීමට සිදුවේ. නිතර සිදුවන වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු යි. දරැ ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අපේක්ෂාවෙන් සිටින අය පරිස්සම් වියයුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී පරම්පරා ගත දේපල හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි බවක් පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මීන-විශ්වාසය බිඳ වැටීමක්

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන සතියක් වන අතර පවුලේ කටයුතු වලදී මූලිකත්වයක් ගැනීමට ද සිදුවෙයි. ශාස්තී‍්‍රය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන කාලයක් වන අතර හදිසි ආදායම් මාර්ගවලට ද කටයතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ළගින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමටද අවස්ථාව සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.