මැයි 28 ජුනි 03 දක්වා

මැයි 28, 2021

මේෂ - කොන්දේ අමාරුවක්

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගනිමින් සතිය ආරම්භ කරන මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් වෙන්න තිබූ පාඩු කීපයක් මඟහරවා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. සේවා ස්ථානය සම්බන්ධ මතුවූ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවේ. සතිය මැද කාලයේ දී වරින් වර මතු වූ කොන්දේ අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් අත් කරයි. ගනුදෙනුවක් සම්බන්ධ මතුකළ ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පතයි. අලුතින් ආරම්භ කළ කටයුත්තක් අතරමඟ නවතා දැමීමට හේතු ඇතිකරයි. විදෙස් ලැබීමකට ඉඩකඩ ඇති සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ - තැන්පත් මුදලක් වැයවේ

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුවන කාලයක් වන අතර, නිතර නිවසින් පිට වාසයටද කරුණු සැලසේ. මගතොට ගමන් කිරීමේ දී නිතර සැලකිලිමත් බවක් ඇති කර ගන්න. පවුලේ වැඩිහිටියෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ වගකීමක් තමා පිට පැවරේ. තැන්පත් මුදලක් වැය වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. ළඟින් ඇසුර කරන අයෙකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් පාඩුවක් සිදුකරයි. පවුලේ ආරවුලකට තුඩු දෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

ධනු - විදෙස් ලැබීම්

මෙතෙක් පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියක් වන අතර සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුවන කාලයකි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසේ. ශාස්ත්‍රීය කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයකි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලයේ දී හදිසි කෝපය හේතුවෙන් කටයුතු කීපයක් අතපසු කර ගනී. ආගමික කටයුත්තකට වෙහෙසීම් ඇති කරයි. විදෙස් ලැබීම්වලට හිමිකම් ඇති කාලයකි. සිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. අමතර ආදායම් මාර්ගයකට ඉඩකඩ ඇති සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ - අසල්වැසි බහින් බස්වීමක්

මෙතෙක් පැවැති වගකීම් කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන වෘභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට මඟ සැලසෙන කාලයකි. මවට හෝ මව්පිය ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. අසල්වැසි බහින් බස්වීමක් දුරදිග යා හැකි කාලයකි. සතිය මැද කාලයේ දී අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මඟ සැලසේ. උරහිසේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා විමසිල්ලෙන් පසුවන්න. ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන අතර නිතර ඇවිදිලි ඇති කරන කාලයක් බව ද පෙන්නුම් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කන්‍යා - දේපළ අලුත්වැඩියාවක්

වෙනදාට වඩා කටයුතු කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. දේපල අලුත්වැඩියාවක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවෙයි. එමෙන්ම උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. හදිසි ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී පවුලේ කටයුතුවලින් ඈත්වීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. දුර ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. සති අන්තයේ දී දතක ආබායකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බුහස්පතින්දා

 

මකර - විශේෂ ගනුදෙනුවක්

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. එමෙන්ම විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසෙන බවක් පෙනේ. අසල්වැසියෙකු නිසා ඇතිව තිබූ කරකරකාරී තත්ත්වයකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් බවක් පෙන්නුම් කරයි. යටපත් වූ කොන්දේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයකි. සති අන්තයේ දී වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා

 

මිථුන - සිතේ නොසන්සුන්තාවයක්

වගකීම් බහුල කරමින් ආරම්භ කරන මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. නීති කටයුත්තකට සම්බන්ධ වීමට සිදුවන සතියක් වන අතර පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි. විවාහය සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී තැන්පත් ධනය වැයවීමක් සිදු කරයි. හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙනේ. සති අන්තයේ දී පවුලට අලුත් සාමාජිකයෙක් එක්කරයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා - ප්‍රශංසා හිමිවේ

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර තැන තැන ඇවිදිලි ඇති කරන සතියකි. දරුවකුගේ කටයුතු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. එමෙන්ම වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පවුලේ අයගේ ප්‍රශංසාවට ලක්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. මෙතෙක් ගැටලුසහගත බවක් ඇති කළ දේපළක් සම්බන්ධය හිමිකමක් ඇති කරයි. සතිය මැද කාලයේ දී කායික මෙන්ම මානසික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයකි. හිතවතකු සමඟ ගනුදෙනුවක් කර ගැනීමට මඟ සැලසෙන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

කුම්භ - හිතවතකු නිසා පාඩුවක්

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. නීති කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් අඇති කරන කාලයකි. එමෙන්ම පරම්පරා ගත දේපළක් සම්බන්ධ ගැටලු කීපයක් මතු කරයි. අමතර ආදායම් මාර්ගවලට බාධාකාරී බවක් ඇති කරන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන අසනීපකාරී තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙනේ. හදිස්සියේ හමුවන හිතවතකු නිසා නොසිතූ පාඩුවක් සිදුකරයි. අලුත් රැකියා අපේක්ෂිතයන්ට යහපත් කාලයකි. සති අන්තයේ දී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කිපයක් සිදුකරයි.

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

කටක - දේපල ගනුදෙනුවක්

අවිවේකයෙන් යුතුව ආරම්භ වන මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවෙයි. එමෙන්ම නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. ඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරන සතියකි. දේපල ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. ප්‍රේම සබඳතාවයකට මව්පිය විරෝධය ගෙන දෙන අතර, පවුලේ මතභේදකාරී බවක් ද ඇති කරයි. ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදලක් ද වැය කිරීමට සිදුවේ.. විශේෂයෙන් වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික - හදිසි වැටීම් තැලීම්

වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. තනතුරු මාරුවකට හේතුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරන සතියකි. විශේෂ සැලසුමක අත ගැසීමට සිදුවන බවක් පෙනේ. මේ සතියේ ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී වන්න. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී දුරදිග සිතා බැලීමට යහපත් වේ. මව්පස ඥාතියකුට අපල සහගත බවක් පෙන්නුම් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි ය. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන - ප්‍රභූ ඇසුරක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු කීපයක් විඳීමට සිදුවේ. මවගේ හෝ මව්පස ඥාතියකුගේ අසනීපකාරී බවක් දුරදිග යයි. ජලයෙන් පීඩාකාරී බවක් ඇති කරන කාලයකි. විවාහය සම්බන්ධව ගැටලුවකට මුහුණපෑමට සිදුවේවි. සතිය මැද කාලයේ දී ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසේ.

හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. විදෙස් ගත ඥාතියකු උපකාරයක් සිදු කරයි. සති අන්තයේ දී රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිව තිබූ ගැටලුකාරී බවක් මඟ හැරී යයි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.