අප්‍රේල් 02 අප්‍රේල් 08 දක්වා

අප්‍රේල් 2, 2021

මේෂ - තරග විභාගයක්

අවිවේකී සතියක් වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට මඟ සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. තරඟ විභාගයක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවන කාලයකි. තම උදව් පතන දුර ඥාතියකුගේ පැමිණීමක් සිදුකරයි. මවගේ අසනීපකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ උනන්දුව අඩුවී යන බවක් පෙන්නුම් කරයි. දේපල සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේ දී දුරදිග සිතා බලන්න. සති අන්තයේ දී ණය ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ -වගකීම් තමාපිට පැවරේ

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් තමාට අහිමිව තිබූ දේපළක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකර ගත හැකි කාලයකි. පවුලේ කෙනකුගේ අසනීපකාරී බවක් හේතුවෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. එදිනෙදා කටයුතු වල වගකීම් තමා පිට පැවරෙන කාලයකි. හදිසි පෙම් සබඳතාවයකට පැටලීමට ඉඩකඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ දුරදිග සිතා බලා කටයුතු කිරීම වැදගත් වේ. මුදල් සම්බන්ධ කටයුත්තකදී රැවටිලිවලට අසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව ගනුදෙනු කටයුතුවල නියුතු වන්න.

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

ධනු -දේපළ අලුත්වැඩියාවක්

අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ගමනකට කටයුතු සැලසෙන කාලයක් වන අතර, පවුලේ අය අතර පැවැති මතභේදකාරී බවක් මඟහැරී යන බවක්ද පෙන්නුම් කරයි. විවාහ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන කාලයකි. දේපළ අලුත්වැඩියාවකට කටයුතු සැලසෙන අතර, හදිසි ලැබීමකටද හිමිකම් ඇති බවක් පෙනේ. සති අන්තයේ දී වරින් වර ඇතිකරන සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳින සතියකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

වෘෂභ  - සැලසුම් වෙනසක්

ළඟම ඥාතියකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසට පත්වෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. නොදැනුම්වත්කම හේතුවෙන් සිදුවන වැරැද්දක් නිසා සිතේ කනස්සල්ලෙන් පසුවන කාලයකි. පවුලේ වැඩිහිටියකු සමඟ මතභේදයකට පැටලීමට ඉඩ ඇත. වාත වේදනාවක් හේතුවෙන් පීඩාවිඳීමට සිදුවන අතර, හදිසි අසනීපකාරී බවක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. යොදාගත් සැලසුම් කීපයක් වෙනසකට ලක් කරයි. දුර ගමන් යෙදෙන කාලයක් වන අතර, වාහන ගමන් වලදී කල්පනාකාරී විය යුතු බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා - විදෙස් උපකාරයක්

ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට මඟ සැලසෙන කාලයකි. එමෙන්ම දරුවකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු කාලයක් වන අතර, දරුවන්ගේ ගමන් බිමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිකරන සතියකි. නිතර කය වෙහෙසා කරන කටයුතු අධික කරයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. මෙතෙක් තමාට හිමිවීමට තිබූ මුදලක් ලැබීමට ඉඩ ඇති කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර - පාදයේ අමාරුවක්

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. පැරැණි හිතවත්කමක් අලුත් වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයකි. නොසිතූ ලෙස දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. යටපත් වූ පාදයේ අමාරුවක් නැවත මතුවිය හැකි ය. සතිය මැද කාලයේ දී ගේ දොර අලුත්වැඩියාවක් හෝ අලුත් කොටසක් එකතු කිරීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන - නොගැළපෙන ඇසුරක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳුගේ ගමන මේ සතියේ 6, 7, 8, 9 යන භාවස්ථානවල සිදුවෙයි. පවුලේ ගැටලුකාරී බවක් සමථයකට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. රැකියා ස්ථානයේ ඇතිවන මතභේදකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. නොගැලපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුලාබ හිමිකම් ඇති අයට සුබදායක කාලයකි. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට කටයුතු සැලසේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි කාලයකි. සති අන්තයේ දී වාහන ගනුදෙනුවකට අත ගැසීමෙන් නොසිතූ වාසියක් අත් කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

තුලා - දේපළ හුවමාරුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි තීරණයක් නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. දේපළ හුවමාරුවක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සෙම් රෝග, වාත රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි.

එමෙන්ම සතිය මැද කාලයේ දී හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවිය හැකි බැවින් එදිනෙදා කටයුතුවලදී කල්පනාකාරී වන්න. විදෙස් ලැබීමකට හිමිකම් ඇති සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කහ

සුබ දවස - සිකුරාදා

 

කුම්භ - නොසිතූ පාඩුවක්

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයක් වන අතර, පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් තීරණ කීපයක් ද ගැනීමට හේතු සැලසේ. අතමිට මුදල් ගැවසුනත් නොසිතූ ලෙස තමාට පාඩුවක් සිදුවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන කාලයකි. හදිසියේ ඇතිවන මුත්‍ර ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. රැකියා ස්ථානයේ කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා

 

කටක - රාත්‍රී ගමන් බහුලයි

කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතිය තුළ ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවස්ථානවලයි. යටපත් වූ අසනීප තත්ත්වයක් නැවත මතුවිය හැකි කාලයකි. එමෙන්ම සෙම් රෝග බහුල කාලයක් බැවින් සීතල ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීම යහපත් වේ. නිතර මව් පාර්ශවයේ අය හා එක්ව කටයුතු කිරීමට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන කාලයක් වන අතර, රාත්‍රී ගමන්ද බහුල කරයි. සතිය මැද කාලයේ දී පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සැලසේ. දරුවකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික- දරුවකුගේ ජයග්‍රහණයක්

ඉතා අවිවේකී සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. නැති වූ දෙයක් නැවත ලබාගත හැකි කාලයකි. මෙතෙක් තමාට අතපසු වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. අඹුසැමි ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් ඔබ පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු කාලයකි. සති අන්තයේ දී දරුවකුගේ විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්විය හැකි කාලයකි. නිතර දුර ගමන් යෙදෙන කාලයක් වන අතර, එයින් නොසිතූ ලාබ ප්‍රයෝජනද අත් කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සදුදා

 

මීන - රැකියා ලාබ

සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසෙන සතියකි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන්න. පවුලේ වැඩිහිටියකුගේ නොසන්සුන්කාරී කටයුතු කීපයක් හේතුවෙන් සැලකිලිමත් වීම වැදගත් වේ. සතිය මැද කාලයේ දී අලුත් රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. සති අන්තයේ දී ගේ දොර අලුත්වැඩියාවක් කෙරෙහි වෙහෙසීම් ඇති කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.