පෙබරවාරි 05 පෙබරවාරි 11 දක්වා

පෙබරවාරි 5, 2021

දියුණුවට පියවර

අලුත් වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර කය වෙහෙසා කරන කටයුතු අධික කරන බවක් පෙනේ. එමෙන්ම නිතර ආගමික සහන පතන අතර, පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ද ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේදී විදෙස්ගත ඥාතියකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. යන එන ගමන් කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් වන්න. සති අන්තයේදී දේපළ ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ.

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

 

වාහන ගමන් පරෙස්සමෙන්

සිතේ සැහැල්ලු බව අඩුකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරනු ඇත. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවේ. තැන තැන ඇවිදිලි ඇතිකරන සතියකි. පවුලේ කෙනකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. යටපත් වූ වාත වේදනාවක් හේතුවෙන් පීඩා විදින කාලයකි. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් වංචා ප්‍රයෝගයට හසු විය හැකිය. විශේෂ ගමනකට කටයුතු සූදානම් බවක් පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - ඉරිදා

 

 

ඥාති සුහදතාවයට බාධා

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ වගකීම් වැඩිකරන සතියකි. අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මග සැලසෙන කාලයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට අවස්ථාව උදාකරයි. ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස අධික කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේදී වෙනදාට වඩා ඉවසිල්ලෙන් කටයුතු කරන්න. ඥාතීන් අතර සුහදතාවයට බාධා ගෙන දෙන කාලයකි. සති අන්තයේදී අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට මග සැලසේ.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

 

කොන්දේ අමාරුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳුගේ ගමන 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ සතුට සමාදානය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවෙයි. හදිසි ආදායම් මාර්ග කීපයකට මඟ සැලසෙන කාලයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. හදිස්සියේ අතගසන සැලසුම් කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක වන කාලයකි. සහෝදර මත ගැටුමකට මුල පිරෙන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

ඉඩම් ආරවුලක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානයක් යොමු කළ යුතු බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට හේතු සැලසේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකිය. සතිය මැද කාලයේදී පවුලේ ළඟම ඥාතියකුට අපල සහගත බවක් පෙන්නුම් කරයි. ඉඩකඩම් ආරවුලක් සමතයකට පත් කර ගැනීමට නීති පිහිට පැතීමට සිදු වේ. විදෙස් හිමිකම් ඇතිකරන කාලයකි. සති අන්තයේදී රැකියාවේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානයක් යොමුකරන්න.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

තැන්පත් ධනය වැයවීමක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේ දොර කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානයක් යොමු කළ යුතු කාලයකි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට කටයුතු යෙදේ. රැකියාවට අමතර බාහිර කටයුතු කීපයක් යෙදෙන කාලයකි. හදිස්සි වී ගත් තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. නිතර ආගමික සහන පතන කාලයකි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සති අන්තයේදී විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට මඟ සැලසෙන බවක් පෙනේ. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

 

රැකියාවට අමතර ආදායම්

විශේෂ සැලසුමකට අත ගසමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වැඩිහිටියෙකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. ආගමික සහන පතා දුර පළාතකට යාමට සිදුවන කාලයකි. නිතර දරුවෙකු පිළිබඳ විමසිලිමත් විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී රැකියාවට අමතර ආදායම් මාර්ග කීපයක් සැලසෙන අතර, රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

 

දතක ආබාධයක්

මිශ්‍රඵලදායක සතියක් වන අතර සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවේ. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන අතර වැඩිහිටියකුගේ කටයුතු හේතුවෙන් අවිවේකයක්ද ඇතිකරයි. සතිය මැද කාලයේදී දතක හට ගන්නා ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇතිකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

දරුවෙකු පිළිබඳ වගකීමක්

නිතර ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර, සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. නිතර ඇවිදිලි ඇතිකරන කාලයකි. මුත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩා ඇතිකරන අතර සැර ආහාරපාන පාවිච්චියෙන් වැළැකී සිටීම යහපත් කරයි. සතිය මැද කාලයේදි මුදල් සම්බන්ධ නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. සහෝදරයකු සමඟ සිදුවන ගනුදෙනුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. දරුවෙකු පිළිබඳ වැඩි වගකීමක් දැරීමට සිදුවන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

ප්‍රභූ උපකාරයක්

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වැඩි වගකීමක් තමා වෙත යොමු වන කාලයකි. ප්‍රභූ අයකුගේ උපකාරයක් හිමිවන අතර, ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. දරුවෙකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

පවුලේ උත්සවයක්

අවිවේකී සතියක් වන අතර, සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුවෙකු පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. නිතර ඇසුරු කරන අයකු සමඟ ගැටලුකාරි බවක් ඇති කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අතර, රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. අසල්වැසියකු සමඟ සිත් කලකිරීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ඇසුරු කරන අය සමඟ වචන පාවිච්චි කිරීමේදී කල්පනාකාරි වීම වැදගත් වේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

ශාරීරික වෙහෙස

අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. පවුලේ වැඩිහිටියෙකු නිසා ගැටලුකාරි බවක් ඇති කරන සතියකි. නිතර ඇතිකරන උදාසීන බව නිසා පාඩු කීපයක් විඳීමට සිදුවේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිකරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේදී කකුලේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරි වන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට මඟ සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.