ජනවාරි 22 සිට ජනවාරි 28 දක්වා

ජනවාරි 22, 2021

වාහන හෝ ඉඩකඩම් හිමිකම්

 

විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සැලසෙමින් ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 5, 6, 7, 8 යන භාවස්ථානවල සිදුවනු ලබයි. හිතවතෙකුගේ සහය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තම දේපළක් සම්බන්ධ පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන කාලයකි.

විවාහකයන්ට සුබදායක කාලයක් වන අතර මෙතෙක් විරෝධතාවය ගෙන දුන් යෝජනාවකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන ලකුණු පෙන්නුම් කරයි. දරුවෙකු නිසා ඇතිව තිබූ සිතේ නොසන්සුන් ගතිය මඟ හැරී යන ලකුණු පෙනේ. වාහන හෝ ඉඩකඩම් ලැබීමේ භාග්‍ය හිමි සතියකි.

 

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වැඩපිළිවෙළක් වෙනස් කරයි

මෙතෙක් ඇතිව තිබූ ගැටලුවක් මඟහැරී යමින් සතිය උදාවන මේ සතියේ සඳුගේ ගමන 4, 5, 6, 7 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලේ වැඩිහිිටියෙකු නිසා නොසිතූ ගැටලුවකට මුල පිරෙන ලකුණු පෙන්නුම් කරයි. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ.

පවුලේ වැඩි වගකීමක් තමා පිට පැවරෙන කාලයකි. සතිය මැද කාලයේ දී වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරී වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

අලුත් ව්‍යාපාරයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන මිථුන ලග්න හිමි ඔබට මේ සතියේ සඳුගේ චාරය සිදුවන්නේ 3, 4, 5, 6 යන භාවස්ථානවලයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් ගත සිත වෙහෙසන බවක් පෙනේ. මවගේ හෝ මව්පස ඥාතියකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. අවිවේකී වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට වෙහෙසක් දරන බවක් පෙනේ. දරුවෙකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදෙන කාලයකි. පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් වෙළඳ ව්‍යාපාරයකට අත ගැසීමට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

පැරණි හිතවත්කමක් අලුත් කරයි

මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති සැලසුම් කීපයක් නැවත සාර්ථක කර ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරන සතියකි.

පවුලේ කෙනෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. මවුපිය උරුමයකට බාධාකාරී ලෙස පැවැති ගැටලු කීපයක් විසඳී යන බවක් පෙනේ. සති අන්තයේ දී පැරැණි හිතවත්කමක් අලුත් වන ලකුණු ඇති කරයි. නිතර යන එන ගමන් පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

නීති ගැටලුවක්

අලුත් වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ අයගේ දැඩි විරෝධය මැද සිදුවන කටයුතු කීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් ඇතිවන මත ගැටුමක් දුරදිග යයි.

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. සති අන්තයේ දී ඇතිවන උගුරේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

 

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - රෝස

සුබ දවස - බදාදා

 

විවාහයට බාධා

නොසිතූ ලෙස ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන සතියකි. විවාහ ගිවිස ගැනීමක් කඩවන ලකුණු ඇති කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට මඟ සැලසෙන කාලයකි. ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ. ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු වැඩි කරයි. සති අන්තයේ දී දරුවෙකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ලා කහ

සුබ දවස - ඉරිදා

 

 

වංචාවකට හසුවේ

විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර වයසින් අඩු අය සමඟ එකතු වී කටයුතු කිරීමට මඟ සැලසෙන සතියකි. ඉක්මන් කෝපය හේතුවෙන් තමාගේ කටයුතු කීපයක් අතර මඟ නතර කර දැමීමට සිදුවේ. නොසිතූ ලෙස වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයකි. දරුවෙකුගේ දියුණුව වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. සතිය මැද කාලයේදී ඇසක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේ දී නෑදෑකම් අලුත්කර ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලා කටයුතු කරන්න.

 

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

විශේෂ උත්සව අවස්ථාවක්

 

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. මවුපිය උරුමයකට මෙතෙක් බාධා දෙන ගැටලු කීපයකින් නිදහස්වීමට මඟ සැලසේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු සැලසෙන කාලයකි. සතිය මැද කාලයේ දී රැකියාවේ විශේෂ වෙනස්කම් රැසක් සිදුවන බවක් පෙනේ.

නිතර නිවසට යන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සති අන්තයේ දී විදෙස්ගත ඥාතියෙකුගේ පැමිණීමක් සිදු කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

නැතිවූ දෙයක් හිමි කරයි

ලැබීම් අතින් යහපත් සතියක් වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් හෝ ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ කටයුතු සූදානම් වන කාලයකි. ඥාතියෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීම් පැහැර හැරීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත. සති අන්තයේ දී වරින් වර ඇතිවන සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවෙයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට මඟ සැලසෙන බක් පෙනේ.

 

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ගේ දොර අලුත්වැඩියාවක්

නිතර ඇවිදිලි ඇති කරන කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. මවගේ අසනීපකාරී බවක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කාලයකි. සතිය මැද කාලයේ දී සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් වචන පාවිච්චි කිරීමේදී කල්පනාකාරී වන්න. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. සති අන්තයේ දී හදිස්සියේ හට ගන්නා කොන්දේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවන බවක් පෙනේ.

 

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා

 

දේපළ ආරවුලක්

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර දවසේ වැඩි කාලයක් නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවේ. වරින් වර දේපළ ආරවුලකට මුහුණපෑමට සිදුවන කාලයකි. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතුවිය හැකියි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සහභාගි වීමට අවස්ථාව සැලසෙන කාලයකි. නිතර දරුවෙකු පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. රැකියා ස්ථානයේ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක්

විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට අවස්ථාව උදා කරමින් සතිය උදාවන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරනු ඇත. නොකළ වරදක් හේතුවෙන් දඬුවමක් හිමි කරයි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයක් වුවත් ඒ පිළිබඳ වැඩි අවධානයෙන් කටයුතු කරන්න. විශේෂ තරග විභාගයකට සහභාගි වීමට කටයුතු සැලසෙන කාලයකි. වරින් වර ඇතිවන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. මෙතෙක් ලාබ ගෙන දුන් කටයුතු කීපයක් අතර මග නවතා දැමීමට සිදුවේ. සති අන්තයේ දී අඹුසැමි විශ්වාසය බිඳ වැටීමෙන් ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.