මේ සතිය ඔබට

නොවැම්බර් 27 දෙසැම්බර් 03 දක්වා
නොවැම්බර් 27, 2020

කටයුතු සාර්ථකත්වයට

හදිස්සි කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදු වන සතියක් වන අතර සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන කාලයකි.

එමෙන්ම උරුම හිමිකමක් වෙනුවෙන් පවුලේ අයගේ විරෝධය ඇතිකරන බවක් පෙනේ. එමෙන්ම වැඩිහිටියෙකුගේ අනුදැනුම මත කටයුතු කීපයක් සිදු කර ගනී.

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේදී උරහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

අමතර වැයවීම්

වගකීම් බහුල කාලයක් වන අතර සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා පවුලේ අය පිළිබඳ සැලකිලිමත් වන බවක් පෙනේ. එහෙත් තමාට දෝෂාරෝපණයකට ලක් වීමට ඉඩ ඇති කාලයකි. හදිස්සි ගමන් යෙදෙන කාලයකි. සමාජසේවා කටයුතු හේතුවෙන් නිවසින් බැහැරව වැඩි කාලයක් කටයුතු කිරීමට සිදු වේ.

මෙතෙක් ප්‍රමාද කරමින් පැවැති ඉඩම් ගනුදෙනුවකට මඟ සැලසෙන කාලයකි. තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. ආර්ථික වාසි හිමිකරන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

ගැටලු විසඳෙයි

හිතුමතයට කටයුතු කිරීමට පෙලඹෙන කාලයක් වන අතර සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. ළඟින් ඇසුරු කළ අයෙකුගේ ඈත්වීමක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඇසුරු කරන අය පිළිබඳ හොඳට වඩා සැලකිලිමත් වන්න. විදෙස්ගත හිතවතෙකුගෙන් උපකාර සැලසෙන බවක් පෙනේ. මවට හෝ මව්පස ඥාතියෙකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන බවක් පෙනේ. අලුත් ගේ දොර ඉදි කිරීමකට මඟ සැලසේ. සති අන්තයේදී වරින්වර ඇතිකරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

විදෙස් ගත උපකාර

 

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර වැඩකටයුතු කෙරෙහි උනන්දුව අඩුවී යන කාලයකි. එමෙන්ම යොදාගත් වැඩ පිළිවෙළක් වෙනස් කිරීමට ද සිදුවේ. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ළඟම හිතවතෙකු සමඟ සිදුකරන ගනුදෙනුවක් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නීති පිහිට පැතීමට ද සිදුවන කාලයකි. දරුවෙකුගේ විශේෂ ජයග්‍රහණයක් හේතුවෙන් සතුටු වීමට මඟ සැලසේ. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සැලසෙන කාලයකි. ප්‍රභූ ඇසුරකට ද අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වාහන ගමන් පරෙස්සමෙන්

වගකීම් බහුල කරන කාලයක් වන අතර සිංහ ලග්නයේ ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. ගේ දොර වැඩකටයුතු බහුල කරන කාලයක් වන අතර, එදිනෙදා කටයුතු කෙරෙහි සැලකිලි මත්වීම ද වැදගත් වේ. නොසිතූ ලෙස හදිසි අනතුරකට මුහුණ පෑමට සිදු වෙයි. ළඟම ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

වෙනදාට වඩා කේන්ති යන කාලයක් බැවින් පවුලේ අය සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරි වන්න. හදිස්සියේ නිවසට පැමිණෙන කෙනෙකු නිසා කල්පනාකාරි බවක් ඇති කරියි. සති අන්තයේදි කකුලේ හට ගන්නා වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

හදිසි ප්‍රතිකාර

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුතින් සම්බන්ධ වන ඥාතියෙකු නිසා කරදරකාරි බවක් ඇතිවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

සතිය මැද කාලයේදී වැඩිහිටි විරෝධ ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම මෙතෙක් නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන බවක් පෙනේ. නිතර ආගමික සහන පතන කාලයකි. වගකීම් පැහැර හැරීමක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙනේ.

 

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

මව්පිය උරුමයක්

හදිසි ආදායම් මාර්ගයකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාදතා ඇතිව තිබූ විවාහ ගිවිසුමකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරයි. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට පසුතැවීමට සිදු වෙයි.

නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ කල්පනාකාරි වීම වැදගත් වේ. රැකියාවේ තනතුරු ලාබයකට හිමිකම් ඇති බවක් පෙනේ.

දරු ලාභ හිමිකම් ඇති අයට සුබදායක කාලයකි. වාහන හුවමාරුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. සති අන්තයේදී දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

හදිසි ගනුදෙනු

අලුත් බලාපොරොත්තු ඇතිකරන සතියක් වන අතර, සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි.

තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරයි.

විදෙස්ගත හිතවතෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අසල්වැසියෙකු නිසා ආරවුලකට පැටලීමක් සිදු කරයි. දුරගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

 

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

ආහාර විෂවීමක්

අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයක් වන අතර සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී නිකරුනේ මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පැරණි හිතවතෙකු තමා සොයාගෙන එන බවක් පෙනේ. සති අන්තයේදී තමාට ද දෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. විදෙස් ලාභ හිමිකම් ඇති කාලයකි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

 

 

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

අඹු සැමි සුහදත්වය

 

 

අවිවේකී ලෙස සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට සරු වුවත් වැයපස අධික වන කාලයකි. කල්ගත වූ ණය මුදලකින් නිදහස් වීමට මඟ සැලසේ.

මෙතෙක් අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. සහෝදර මතගැටුමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

නිතර නිවසට යන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පැවැති වගකීමකින් නිදහස් වීමට මඟ සැලසේ. ප්‍රමාදතා ඇති කළ විවාහ ගිවිසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

වැරදි තීරණ

අමතර ලැබීම් හිමිවන කාලයක් වන අතර සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ ළඟම ඥාතියෙකුගේ අසනීපකාරි බවක් හේතුවෙන් සිත්තැවුල් ඇති කරයි.

තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරි වන්න. නිතර තම උදව් උපකාර පතා පැමිණෙන අයෙකු නිසා කරදරකාරි බවක් ඇතිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරි වන්න. සති අන්තයේදි පවුලේ දානමය වැඩසටහනකට සම්බන්ධ වීමට මඟ සැලසේ. නිතර ආගමික නායකයන්ගෙන් පිහිට පතන කාලයකි.

 

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

යුතුකම්මඟහැරේ

අවිවේකී ලෙසින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. මෙතෙක් බාධා ගෙන දෙමින් පැවැති කටයුතු කීපයක සාර්ථක නිමාවක් දැකිය හැකි කාලයකි. දරුවෙකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට අවස්ථාව සැලසේ. එමෙන්ම තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී උදරාබාධයකට හෝ මුත්‍රා ආබාධයක් ඇති විය හැකි කාලයක් බැවින් කල්පනාකාරි වන්න. අලුත්වාහන මිලදී ගැනීමකට මඟ සැලසෙන කාලයකි. සති අන්තයේදී ඥාති හිතවතුන්ගේ සහාය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට අවස්ථාව සැලසේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා

රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.