මේ සතියේ ඔබට

නොවැම්බර් 20 සිට නොවැම්බර් 26 දක්වා
නොවැම්බර් 20, 2020

අමතර වගකීම්

මේෂ ලග්න හිමි ඔබට උදාවන මේ සතිය මිශ්‍රඵලදායක සතියක් වන අතර, සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අමතර වගකීම් කීපයක් තමා පිට පැවරෙන සතියකි.

කලබලකාරි ගති පැවැතුම් හේතුවෙන් නොසිතූ කරදරයක පැටලේ. දරුවෙකු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයකි.

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ.අමතර ලැබීම්වලට යහපත් කාලයක් වන අතර, වියපැහැදම් කිරීමේදී වඩාත් කල්පනාකාරි වීම වැදගත් වේ.

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

සමාජ සේවා කටයුතු

 

ලැබීම් අතින් යහපත් සතියක් වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. විශේෂ කටයුත්තකට අත ගැසීමට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

හදිස්සියේ හට ගන්නා උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. සතිය මැද කාලයේදී සමාජ සේවා කටයුතු වලින් තමාට ප්‍රශංසා හිමිවන බවක් පෙනේ. එමෙන්ම හිතවතෙකු සමඟ සිදුවන ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ඥාති මිත්‍රාදීන්ට උපකාර කිරීමට මඟ සැලසෙන කාලයකි. රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

 

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සැලසුම් වෙනසක්

අවිවේකය ඇති කරන කාලයක් වන අතර, මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර පවුලේ අය වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ විවේකය අඩු කරයි.

එමෙන්ම අඹුසැමියන් අතර ගැටලුවකට මුල පිරෙන සතියකි. තමාට තනිව කටයුතු කිරීමට මඟ සැලසෙන බවක් පෙනේ. නිතර නිවසින් පිට වාසයට කරුණු ඇති කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. මෙතෙක් යොදාගෙන තිබූ සැලසුමක් වෙනස් කිරීමට අවස්ථාව සැලසේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

දේපළ ආරවුලක්

වැය පස අධික කරමින් ආරම්භ වන මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කිරීමට සිදුවන සතියකි. නිතර තමාට දෝෂාරෝපණ අසන්න ලැබෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පැරණි හිතවතෙකුගේ හමුවීමක් සිදු වීමට ඉඩ ඇති කාලයකි. දේපළ ආරවුලක් හේතුවෙන් පවුලේ කෙනෙකු සමඟ බහින්බස්වීමක් සිදු කරයි. සතිය මැද කාලයේදී නිතර තම අලංකාරය වෙනුවෙන් කාලයත් , ශ්‍රමයත් කැප කරයි. සති අන්තයේදී වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදු වන සතියකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

ගුප්ත කටයුතුවලින් පිහිට

මිශ්‍රඵලදායක සතියක් වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. එමෙන්ම වැඩිහිටියෙකුගේ දෝෂාරෝපණයකට ද ලක්වීමට ඉඩ ඇත.

සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. සතිය මැද කාලයේදී තුනටියේ හට ගන්නා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. නිතර ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර, ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. මෙතෙක් තමා සතු නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්වයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

හදිසි වැටීම් තැලීම්

පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වමින් කටයුතු ආරම්භ කරන සතියක් වන අතර, සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් තමාට බාධා ගෙන දුක් කටයුතු කීපයකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම පවුලේ වැඩිහිටියෙකු සමඟ දුර ගමනකට කටයුතු යෙදේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි.

සතිය මැද කාලයේදී හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සති අන්තයේදී වරින්වර හටගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

 

අය 08 - වැය 06

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

නීති ගැටලුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. තැන තැන ඇවිදිලි ඇති කරන කාලයක් වන අතර, රැකියාවට අමතර ආදායම් මාර්ග කීපයක් ද හිමිවීමට ඉඩ ඇත. පවුලේ මත ගැටුමක් සමතයකට පත් වන කාලයකි. එහෙත් නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ පරිස්සම් වන්න. සතිය මැද කාලයේදී ළඟින් ඇසුරු කරන අයෙකු නිසා පවුලේ මතභේදයක් දුරදිග යයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු අතර, අලුත් රැකියා අපේක්ෂිතයන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

උරහිසේ ආබාධයක්

තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. ලැබීම් අතින් යහපත් සතියකි. අමතර ආදායම් මාර්ගවලට ඉඩ සැලසෙන බවක් පෙනේ. දරුවෙකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මුදල් සම්බන්ධ කටයුතුවලදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. පවුලේ ළඟම ඥාතියෙකුට අපල සහගත බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ළඟින් ඇසුරු කළ අයෙකු නිසා කරදර කීපයකට මුහුණපෑමට සිදු වේ. විදෙස්ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි කරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳී යන කාලයකි. සති අන්තයේදී උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

 

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

සිතේ නොසන්සුන්තාවයක්

උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථානවල ගමන් කරන අතර, පවුලේ සතුට සාමාදානයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. පවුලේ වැඩිහිටියෙකුගේ අනුදැනුම මත කටයුතු කීපයක් සිදු කර ගන්නා කාලයකි. දරුවෙකුගේ වැඩපිළිවෙලක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සතිය මැද කාලයේදී පවුලේ කෙනෙකු සමඟ සිත් නොහඳකමක් ඇති වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ශාරිරික වෙහෙස මහන්සිය ගෙන දෙන කාලයක් වන අතර, යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකියි. සති අන්තයේදී අමතර ලැබීමක් හේතුවෙන් අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වේ.

 

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

අසල්වැසි සිත් නොහොඳකමක්

තැන තැන ඇවිදිලි ඇතිකරන කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසෙන සතියකි. යන එන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදු වේ. රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදර ඇති කරයි. සතිය මැද කාලයේදී මව හෝ මව්පස ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. අසල්වාසීන් සමඟ සිදුවන සිත් නොහඳකමක් දුරදිග යයි. විවාහ අපේක්ෂිතයන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මෙතෙක් ස්ථිරව පැවැති විවාහ යෝජනාවකට වැඩිහිටි විරෝධය ගෙන දෙන බවක් පෙනේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

වාහන ගනුදෙනුවක්

අවිවේකී සතියක් වන අතර, කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. වරින් වර පවුලේ වැඩිහිටියෙකු සමඟ සිත් අමනාපකම් ඇති කර ගනී. සමාජ සේවා කටයුතුවලින් ප්‍රශංසා හිමි කරන කාලයකි. එහෙත් කලබලකාරී ගතිපැවැතුම් හේතුවෙන් යම් යම් බාධා මතුවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික වන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවහිරතා මතු කරන කාලයකි. තමා සොයාගෙන එක කෙනෙකු නිසා නොසිතූ ආරවුලකට මැදිවීමට ඉඩ ඇත. සති අන්තයේදී වාහන ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - රතු

සුබ දවස - සදුදා

 

වැයපස අධිකයි

පවුලේ සැලසුම් කීපයක් වෙනස් කරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි කරයි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකි වේ. නිතර පදිංචි යෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. දරුවෙකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරු ලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරිවන්න. අතමිට මුදල් ගැවසුනත් වැයපස අධිකවන කාලයකි. මෙතෙක් යටපත් වෙමින් පැවැති අතක ආබාධයක් නැවත මතු කරයි. සති අන්තයේදී ආර්ථික වාසි ගෙන දුන් කටයුතු කීපයක් අතර මඟ නවතා දැමීමට සිදුවේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.