ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 22 දක්වා

ඔක්තෝබර් 16, 2020

අතක ආබාධයක්

වෙනදාට වඩා කල්පනාකාරි ලෙස කටයුතු සිදුකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල සිදුවනු ලබයි. යහපත් දරු ඵලයකට හිමිකම් කියන සතියකි. එහෙත් නොදැනුවත්කම හේතුවෙන් කරදරයකට පැටලීමට ඉඩ ඇත. වෙනදාට වඩා තම මව ගැන සැලකිලිමත් විය යුතු කාලයකි. මෙතෙක් තමාට පාඩු ගෙන දුන් දෙයකින් නිදහස් වීමට කටයුතු සැලසේ. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට සැලසුම් සකස් වුවත් ඒවා කල්දැමීමට සිදුවෙයි. නිතර නිතර හට ගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේදී පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

ගුප්ත කටයුතු වලින් පිහිට

වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. කිසියම් ඇසුරක් හේතුවෙන් සිත් කලකිරීම්වලට ලක්වීමට සිදුවන සතියකි. එමෙන්ම වරින්වර ගෘහ ජීවිතයේ කටයුතුවලට වෙනස්කම් සිදුකරයි.

වැඩිහිටි ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන කාලයකි. සතිය මැද කාලයේදී නිතර නිවසට යන එන කෙනෙකු නිසා නීතිමය ගැටලුවකට මැදිවීමට සිදුවේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ . ප්‍රමාද වූ කටයුතු කීපයක් අලුතින් සැලසුම් කර ගැනීමට මඟ සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

තැන්පත් ධනය වැය වේ

අවිවේකී වුවත් ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට හැකිව යන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. සතිය මැද කාලයේදී තමා සොයාගෙන එන හිතවතෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මවගේ හෝ මව්පස ඥාතියෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. නිතර ඇවිදිලි වැඩි කරන කාලයක් බැවින් යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. එමෙන්ම වෙහෙස ඇති ගමනක් යෙදෙන කාලයකි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. සති අන්තයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.