සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා

සැප්තැම්බර් 25, 2020

අලුත් සාමාජිකයෙක් 

රගමනකට කටයුතු සූදානම් වෙමින් පවතින සතියක් වන අතර සඳුගේ ගමන 8,9,10,11 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ ළඟම ඥාතියෙකුට අපල සහගත කාලයකි.

 හදිසි දේපළ මිලදී ගැනීමකට හෝ හුවමාරුවක් සම්බන්ධ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. තම පිහිට පතා හිතවතෙකු තමා සොයා ගෙන එන කාලයකි. සති අන්තයේදී වරින් වර හටගන්නා උගුරේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ 

සුබ දවස -  බදාදා

ප්‍රභූ ඇසුරක් 

විශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වෙමින් පවතින මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සැලසෙන අතර, පවුලේ කෙනෙකුගේ අසනීපයක් හේතුවෙන් වැඩි කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. යටපත් වු සෙම් රෝගයක් නැවත මතුවිය හැකිය. සතිය මැද කාලයේදී හදිසි මුදල් වැයවීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ප්‍රභූ ඇසුරක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි. දේපළ උරුමයක් හේතුවෙන් පවුලේ ඇතිවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස -  බදාදා

පියපස ඥාතියෙකුට අපලයි 

මෙතෙක් අවිවේකයක් ගෙනදුන් කටයුතු කීපයකින් නිදහස් වීමට මඟ සැලසෙන කාලයක් වන අතර සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර තමා හමුවට එන  කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. දරුවෙකුගේ ඉදරි සැලසුමක් වෙනස් කිරීමට කටයුතු යෙදෙන කාලයකි. වරින් වර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි. දරුවෙකුගේ කටයුතු හේතුවෙන් විවේකය අඩු කරයි. පෙම්වතුන් අතර මත ගැටුම් ඇතිවිය හැකි කාලයකි. ඉඩම් ආරවුලකට නීති පිහිට පැතීමට සිදුවේ. සති අන්තය වන විටදී යටපත් වූ අතක ආබාධයක් නැවත මතුවිය හැකියි. පියාට හෝ පියපස ඥාතියෙකුට අපල සහගත කාලයකි. 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස -  සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.