සැප්තැම්බර් 18 සිට සැප්තැම්බර් 24 දක්වා

සැප්තැම්බර් 18, 2020

ආගමික කටයුතු බහුල කරයි 

වෘෂභ ලග්න හිමි ඔබට මේ සතිය උදාවත් සමඟ මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් ඇරඹීමට අවස්ථාව සැලසෙන අතර, සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ අයගේ අතහිත දීමක් නිසා මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. නිතර පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. එමෙන්ම මේ කාලය තුළදී බර වැඩ ආදියෙන් වැළකී සිටීම යහපත් කරයි. මඟහැරී තිබු කොන්දේ අමාරුවක් නැවත මතුවීමට ඉඩ ඇත. එමෙන්ම මෙතෙක් අවහිරතා ගෙන දුන් දේපළ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. සති අන්තයේදී ආගමික කටයුතු වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරන බවක් පෙනේ. 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ 

සුබ දවස -  සිකුරාදා

රැකියා ලාභ

අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු කාලයක්  වන අතර කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති නිවාස ඉදිකිරීමක් ඇරඹීමට මඟ සැලසෙන කාලයකි. 

වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරි වන්න. දුර ගමන් බහුල කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වගකීම් වැඩි කරන අතර, අලුත් රැකියා ලාභ හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. මෙතෙක් අමනාපයෙන් සිටි සහෝදරයෙකු සමඟ මිත්‍රවීමට කටයුතු සැලසෙන කාලයකි. 

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා රෝස

සුබ දවස -  සඳුදා

ඉඩම් ගැටලුවක් විසඳේ 

පවුලේ ගැටලුවක් වෙනුවෙන් මූලික වී කටයුතු කිරීමට සිදුවන සතියක් වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි වී තීරණ ගැනීමෙන් පවුලේ වැඩිහිටියෙකු සමඟ මතභේදයක් ඇති කර ගනී. මෙතෙක් නොවිසඳූ ඉඩම් ගැටලුවක් විසඳී යන ආකාරයේ කටයුතු කීපයක් සිදු කරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් වන අතර, විවාහ ගිවිසුමක් වෙනුවෙන් පවුලේ අයගේ ආශිර්වාද හිමිකරයි. සතිය මැද කාලයේදී දණහිසේ හට ගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ. අසල්වැසි සුහදතාවයට කරුණු සැලසෙන කාලයක් වන අතර රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලු පැන නැඟීමට ඉඩ ඇත. 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස -  සඳුදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.