ජුලි 24 සිට ජුලි 30 දක්වා

ජූලි 17, 2020

මව්පිය උරුමයක් 

සතිය ආරම්භයත් සමඟ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන අතර සඳු ග්‍රහයා    5,6, 7  යන භාවස්ථානවල ගමන් කරනු ඇත. සතිය පුරාම දුර බැහැර ගමන් මෙන්ම පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් ඇප කැපවීමට සිදුවෙන බවක් පෙනේ. බොහෝ විට නීති ප්‍රශ්නයකට ද මුහුණ පෑමට සිදුවනු ඇත. මෙතෙක් අතරමඟ නවතා දමා තිබූ කටයුත්තක් නැවත ඇරඹීමට මඟ සැලසේ. දරු සම්පත් බලාපොරොත්තු වන අයට යහපත් කාලයකි. කලකින් නොදුටු මිතුරෙකු හමුවීමට මඟ සැලසේ. මව්පිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙස වැඩිකරන කාලයකි. විවාහ ගිවිසුමකට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. 

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස -  බදාදා

 

**********

ඥාති උපකාරයක් 

අවිවේකී ලෙස උදාවන මේ සතිය ආරම්භයේ දී සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මඟ සැලසෙන කාලයකි. එහෙත් අමතර ගමන් බහුල වන කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි. 

පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවන අතර සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. පියපස ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ වගකීමක් තමා පිට පැවරෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. කෙටි ගමන් බහුල කරන කාලයකි. 

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස -  සිකුරාදා

 

**********

දරුලාභ 

මිශ්‍රපලදායක ලෙස ආරම්භවන මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂයෙන් දරුලාබ බලාපොරොත්තු වන අයට ඉතා වාසනාවන්ත දරු සම්පත් උදාකරන කාලයක් වන අතර වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරිකර ගැනීමටද මඟ සැලසේ. දේපල අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම වැඩි කරයි. සතිය මැද කාලයේ දී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. වාහන ගමන්වලින් පරිස්සම් විය යුතු කාලයකි. දරුවෙකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. මවගේ අසනීපකාරී බවක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී දේපල ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. 

අය 08 - වැය 07

ජය අංකය - 05

ජය වර්ූණය - දම්

සුබ දවස -  බ්‍රහස්පතින්දා


ධම්මිකා රාජපක්ෂ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.