ජුනි 12 සිට ජුනි 18 දක්වා

ජුනි 12, 2020

 

 

අර්බුදකාරි තත්ත්වයක්

වෘෂභ ලග්නය හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථාන හරහායි. රැකියාව සම්බන්ධව අර්බුදකාරි තත්වයක් පැන නඟින සතියකි. දුර දිග සිතා බලා කටයුතු කිරීම මැනවි. සතිය මැද කාලයේදී හදිසි ලැබීම් තත්වයක් පෙන්නුම් කරයි.

වැඩිහිටි අයෙකුගේ චෝදනා පත්‍රයකට පිළිතුරු සැපයීමට සිදුවෙනු ඇත. සතිය ගෙවීයාමට පෙර අලුත් වාසස්ථානයක් සම්බන්ධව අදහසක් ක්‍රියාත්මක කිරීමට සිදුවෙනු ඇත. සතිය අවසානය ඥාතින්ගේ කටයුතු කීපයක් සම්බන්ධව තමාට වෙහෙසීමට සිදුවේ. නිවසේ කටයුතු කීපයක් අතරමඟ නවතා දමයි.

අය 05 - වැය 07

ජය අංකය - 08

ජය වර්ූණය - රෝස

සුබ දවස - අඟහාරුවාදා

 

අලුත් වෙනසක්

සඳු ගමන් කරන්නේ මේ සතියේ 6,7,8 යන භාවස්ථාන හරහායි. රෝග පීඩා වැඩිවන කාලවකවානුවකි. නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සතිය ආරම්භය විවාහක සහකරු සහකාරිය අතර අමනාපකම් වැඩිවන කරුණු යෙදෙයි. නිවසේ අලුත් වෙනසක් ඇති කරන කාලයකි. සතිය මැද කාලය වෙන්වන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කීපයක් වෙනුවෙනි. පිටස්තර පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමට සිදුවෙනු ඇත. වැඩිහිටි අයගේ පවතින රෝගාබාධ වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ලබාගනී.

සමාජයේ ගරු බුහුමන් ලබන පුද්ගලයන් සමඟ ඇසුරට එක්වෙනු ඇත. සතිය අවසානය පෙම්වතුන්ට සුබදායක වෙනු ඇත.

අය 06 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - රෝස

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වාසිදායක සිදුවීම්

මකර ලග්න ඔබේ කේන්දරයේ 2,3,4 යන භාවස්ථාන හරහා ගමන් කරන සඳු ඔබට මිශ්‍රඵල ඇතිකරන සතියකි.

ධනය ලැබීම් ලොතරැයි වාසනා ගෙන දෙන කාලසීමාවකි. උසස් අයකුගේ කුමන අන්දමේ හෝ වාසිදායක සිදුවීමක් තමාට අත්විඳීමට හැකිවෙයි. සතිය මැද දී ඉඩකඩම් සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගනී. කුඩා දරුවන්ගේ කටයුතු සම්බන්ධව සිතට සහනයක් නැතිවන තරම්ය. නිවසේ කටයුතු වලින් අවිවේකී ගතිය වැඩිකරයි. සතිය අවසානය වීමට පෙර තමාට මාපියන්ගේ කටයුත්තක් සම්බන්ධව චෝදනාවක් අසන්නට ලැබෙනු ඇත. රහස්‍ය ලිපිලේඛන කටයුත්තක් සම්බන්ධව තමාට විශේෂිත රාජකාරියක් පැවරෙනු ඇත.

අය 02 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - සුදු

සුබ දවස - සෙනසුරාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.