ජුනි 05 සිට ජුනි 11 දක්වා

ජුනි 5, 2020






අඹුසැමි සුහදතාවය

ඥාතීන් අතර සුහදතාවය වර්ධනය වෙමින් පවතින කාලයක් වන අතර සඳුගේ ගමන 7,8,9,10 යන භාවස්ථානවල සිදුවනු ලබයි. තැන තැන ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර සමාජ සේවා කටයුතුවලදී මූලික වී කටයුතු කරයි. විදෙස් හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. යටපත් වූ වාතවේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. අඹුසැමි සුහදතාවයට හේතු සැලසේ.
හදිසි මතගැටුමක් සමතයකට පත් කරයි. වෙනදාට වඩා කේන්ති යන කාලයකි. ඉඩම් ගණුදෙනුවක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ.

අය 07 - වැය 06
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස - බදාදා

 









ණය මුදලකින්  නිදහස්


රැකියාවේ කටයුතු වල වෙනස්කම් රැසක් සිදුකරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. සමගිය සාමයට බාධා ඇතිවිය හැකි අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. එහෙත් ගේ දොර සැප පහසුව වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට මාර්ගය පෑදේ. දරුවන්ගේ කටයුතු නිසා මානසික අවිවේකය ඇතිකරයි. වැඩිහිටියෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීම අවස්ථාව උදාකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට මඟ සැලසේ. අනතුරු පීඩා තුවාල ආදිය ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 - වැය 05
ජය අංකය - 06
ජය වර්ූණය - නිල්
සුබ දවස - බ්‍රහස්පතින්දා

 








කොන්දේ  වේදනාවක්

මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ සතුට සමාදානය වෙනුවෙන් හේතු සැලසෙන කාලයකි . පියාගේ හෝ පියපස ඥාතියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකියි. ළඟම හිතවතෙකු සමඟ මුදල් ගණුදෙනුවක් කර ගැනීමට මඟ සැලසේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමට අවස්ථාව උදාකරයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසීම් ඇති කරයි. පැරණි හිතවත්කමක් අලුත් වන ලකුණූ පෙන්නුම් කරයි. වාහන හුවමාරුවක් සම්බන්ධ වෙහෙසීම් වැඩිකරන කාලයකි.

අය 06 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - රෝස
සුබ දවස - සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

 

ධම්මිකා  රාජපක්ෂ


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.