පෙබරවාරි 28 සිට මාර්තු 05 දක්වා

පෙබරවාරි 28, 2020

විශේෂ සැලසුමක්

හදිසි මුදල් ලාබයක් හිමිකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරනු ඇත. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන කාලයකි. විශේෂ සැලසුමකට අත්සන් කිරීමට මඟ සැලසෙන බවක් පෙනේ. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාකරයි. ළඟම ඥාතියෙකු සමඟ ඇතිවන බහින්බස්වීමක් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙනේ. සතිය මැද කාලයේ දී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකියි. මුදල් වියදම් වැඩිවන කාලයක් වන අතර මුදල් පරිහරණයේ දී සැලිකිලිමත් වන්න. අඹුසැමි සහයෝගය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් සකස් කරගනී.

අය 08 - වැය 06
ජය අංකය - 02
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා

 



දුරගමනක්

අලුත් සැලසුමක් ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථකව නිමාවට පත් කර ගැනීමට මඟ සැලසේ. එමෙන්ම පවුලේ කටයුතුවලදී වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයකි. වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. දරුවෙකු පිළිබඳ සතුටට පත්වීමට හැකිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. පවුලේ අය සමඟ දුරගමනකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. අලුත් පදිංචියක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි.

අය 06 - වැය 05
ජය අංකය - 02
ජය වර්ූණය - ලා දම්
සුබ දවස - ඉරිදා

 



හදිසි ගනුදෙනුවක්

උදාවන මේ සතිය තරමක් දුරට අවිවේකී බවක් ඇති කරන අතර සඳුගේ ගමන 4, 5, 6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මෙතෙක් තමා කරගෙන ආ සැලසුමක් වෙනස්කිරීමට කටයුතු සැලසෙන කාලයකි. පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීම් ඇති කරයි.
නොසිතූ ලෙස විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් පවුලේ ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසේ. නිතර නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. මෙතෙක් මඟහැරී තිබූ ගේ දොර කටයුතු කීපයක් නැවත ආරම්භයට මඟ සැලසේ. වරින් වර ඇති කරන යටිබඩේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 06 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - කහ
සුබ දවස - සඳුදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.